පෙබ 4 සුදු පුතා නිදහස් , එල්ල වන මහජන විරෝධය මහින්ද මත පැටවීමට උපදෙස්,GR මීඩියා ගෝනිසෙල්ලම් ගැන නාමල් කෝපයෙන්

ගෝනි සෙල්ලම් කලාවක් නම් ගෝඨා එහි පිකාසෝ බව අප නිතර කියන කථාවකි.ගෝඨා මේවන විට දුමින්ද නිදහස් කිරීමට සියළු කටයුතු සූදානම් කොට ඇත. ජීවිතාන්තය දක්වා සිරගෙට ගිය ඌව තැන්නේ තුවක්කු සාදුට ජනපති සමාවක් හිමි වූයේ දුමින්ද නිදහස් කරන ව්‍යාපෘතියේ කොටසක් ලෙසිනි.එපමනක් නොව දුමින්ද නිදහස් කිරීම සම්බන්ධයෙන් තමාට එල්ල වන විරෝධය සමනය කිරීමට ගෝඨා අපූරු සැලැස්මක් දියත් කොට ඇත.

ඒ සදහා ගෝඨා දියත් කොට ඇති සැලසුම මෙසේය. රෙනෝ සිල්වා, දුමින්ද ගැන කථා කිරීමට ගෝඨා හමුවූ බව කියවෙන පුවතක් නිර්මානය කොට ඇත. තමාට දුමින්ද නිදහස් කරනවාට වඩා ප්‍රමුඛ රාජකාරි තිබෙන බවත්, මින් පසු දුමින්ද ගැන විමසීමට තමා හමු නොවන ලෙස රෙනෝට දැනුම් දුන් බව එහි සදහන්ය. ගෝඨාගේ කථාවෙන් කනස්සල්ලට පත්වූ රෙනෝ පිළිසරණක් පතා මහින්දට සොයා ගිය බව එම ගෝනි සෙල්ලම් පුවතේ සදහන්ය.

කෙසේ වුවද ඇත්ත කථාව වෙන එකකි. ගෝඨාගේ අභිමතය පරිදි දුමින්ද නිදහස් කිරීමට සියල්ල සූදානම් කොට ඇත . එපමනක් නොව දුමින්ද නිදහස් කිරීම් සම්බන්ධයෙන් එල්ල වන මහජන විරෝධය මහින්ද මත පැටවීමට කූට සැලැස්මක් දියත් කොට ඇත.

මෙම තොරතුරු අපවෙත ලැබුනේ මහින්ද පාර්ශවයේ ප්‍රභලයෙකි . ඔහු සදහන් කළ පරිදි එලඹෙන නිදහස් දින දා සිරකරුවන් දහසකට ජනපති සමාව ලැබීමට නියමිත අතර එම සිරකරුවන් අතර දුමින්ද සිල්වාද වෙයි.

අපට තොරතුරු දුන් පුද්ගලයා තවත් කථාවක් කීවේය. රෙනෝ මහින්ද හමුවූ පුවත සත්‍යයකි.රෙනෝ මහින්ද හමුවී ඇත්තේ දුමින්ද නිදහස් වන බව පැවසීමටය. රෙනෝගේ කථා වලට සාවධානව සවන් දී ඇති මහින්ද රෙනෝට අනතුරු ඇගවීමක් කොට ඇත . ”මේ යන විධියට ගියොත් ආණ්ඩුව තව අවු 2ක් වත් දුවන්න බෑ” , කියා පවසා ඇත.

දුමින්ද නිදහස් කිරීම සම්බන්ධයෙන් එල්ල වන මහජන විරෝධය මහින්ද මත පැටවීමට ගෝඨාවාදින් දියත් කළ කුමන්ත්‍රණය ගැන නාමල් දැඩි කෝපයෙන් පසුවන බව තොරතුරු දුන් ප්‍රභලයා අපට කීවේය. ඊට එරෙහිව විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට නාමල් කමි‍ටුවක් පත් කොට ඇත. ඒ අනුව වත්මන් රජයේ අනාගැනීම් වාර්තා වන සැනින් ඒවා ගෝඨාගේ මිලිටරි ජුන්ටාවේ අනාගැනීම් ලෙස හුවා දැක්වීමට උපදෙස් දී ඇත. ගෝඨාගේ පිස්සු වැඩ වලින් රාජපක්ෂ නාමය ආරක්ෂා කරගත යුතු බව නාමල්ගේ ස්ථාවරය වී ඇත

Add Comment