රට පුරා කොරෝනා, ආණ්ඩුව PRC පරීක්ෂණ අඩු කොට රෝගින් අඩුවෙන් පෙන්වනවා, රට බෝම්බයක් උඩ

කොරෝනා ආසාදිතයන් හඳුනාගන්නා පරීක්ෂණ ධාරිතාව මේ වන විට අසාමාන්‍ය ලෙස පහත බැස ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

පරීක්ෂණ අඩු කිරීමෙන් ආසාදිතයන් ගණන අඩු කිරීම ඉතා කනගාටුදායක තත්ත්වයක් බව වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේය. එය බෝම්බයක් උඩ සිටීමක් හා සමාන බවද ඔහු කියා සිටියේය.

දිනකට පරීක්ෂණ සංඛ්‍යාව 20,000 දක්වා ඉහළ නංවා ගත යුතු බවට දැනුම් දී තිබිය දී මේ දිනවල එය ඉතා පහත වැටී ඇත.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Add Comment