විදෙස් ණය වලින් පැවැති ආණ්ඩු ඇරඹූ ව්‍යාපෘති 800ක වැඩ අතරමඟ නැවතිලා

විදේශ ආධාර සහ අය-වැය යෝජනා මත විවිධ කාලවලදී විවිධ ආණ්ඩු ආරම්භ කළ ව්‍යාපෘති 800කට වැඩි ප්‍රමාණයක කටයුතු මේ වන විට අතරමඟ නතර වී තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘‘ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට’’ ජාතික වැඩසටහනට අරලියගහ මන්දිරයේදී ඊයේ (07) එක් වෙමින් ප්‍රකාශ කළේය.

 විවිධ ව්‍යාපෘති සඳහා ණයට ගත් මුදල් වෙනුවෙන් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක පමණ ණය වාරික ගෙවීමට සිදුව ඇති නමුත් මෙසේ අතරමඟ නතරවී ඇති ව්‍යාපෘති නිසා බලාපොරොත්තු වූ ප්‍රතිලාභ ජනතාවට නොලැබෙන බව ගෝඨාබය ජනපතිවරයා පෙන්වා දී ඇත

පසුගිය රජය ආරම්භ කළ මෙම ව්‍යාපෘති වලින් 400 ආසන්න ප්‍රමාණයක් රවි කරුණානායක මුදල් ඇමතිවරයා ලෙස සිටියදී ක්‍රියාත්මක කළ ඒවා වෙයි . රවී එම ව්‍යාපෘති සියල්ල ආරම්භ කළේ විදේශ ප්‍රධාන සහ ඉතා අඩු පොළියට ලබා ගත් ණය වලිනි. මේ වන විට අවසන් අදියෙරේ පවතින එම ව්‍යාපෘති කඩිනමින් අවසන් කොට ජනයා වෙත පැවරීම වත්මන් රජයේ වගකීමකි.

මෙම පුවත අද දිනමිණ පුවත්පතද වාර්තා කොට ඇත

Add Comment