රිටිගල වෙදාගේ උකුසු බිත්තර ගංජා පැණිය දයාසිරිට ඔෆර් කරයි, දයාසිරි බොන්ඩ බෑ කියයි

දයාසිරි ජයසේකරට වැලදී ඇති කොරෝනා ආසාදනය දින 03ක් ඇතුලත සුව කිරීමට තමන් සූදානම් බව රිටිගල දේවේන්ද‍්‍ර පවසයි.

ඇමතිවරයා කැමැත්ත පල කරන්නේ නම් තමන් ඔහු සිටිනා තැනට විත් රෝගය සුව කිරීමට සූදානම් යයිද ඒ මහතා කියා සිටී.

කොරෝනා ආසාදිත වූ ඇමති දයාසිරි ජයසේකර මහතා මේ වන විට හික්කඩුවේ හෝටලයක රදවා ඇත.

තමන්ගේ ඖෂධය නිෂ්පාදනය කරන්නේ රාවණ යුගයේ සන්නසක ඇති වට්ටෝරුවකින් බවත් උකුසු බිත්තර හා ගංජා ඒ සදහා යොදා ගන්නා බව වෙදා ප්‍රකාශ කොට ඇත

කෙසේ වුවද රිටිගල දේවේන්ද්‍රගේ උකුසු බිත්තර හා ගංජා බීමට දයාසිරි අකමැති බව ඔහුගේ පවුලේ කිහිපදෙනෙකුගෙන් අපට දැනගන්නට ලැබුනි

Add Comment