ගෝඨාවාදී කිමාලි සහ ප්‍රසන්න උදයංගට පහර දෙයි, ප්‍රසන්නගේ පැටිකිරිය මෙන්න

ට්‍රැවල් බබල් සංචාරක ව්‍යාපෘතියට අදාළව මාර්ගෝපදේශ ලබාදී තිබියදී උදයංග වීරතුංග ඊට පිටින් යමින් වැඩකටයුතු කරන බවට සිවිල් ගුවන්සේවා හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත.

මීට පෙර සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු උදයංග වීරතුංග ගැන ආන්දෝලන්නාත්මක ලිපියක් නිකුත් කළාය. උදයංග කොරෝනා වැළදුන යුක්‍රෙන් ජාතිකයන් පිරිසක් මෙරටට ගෙන්වූයේ යයි ඇය චෝදනා කළාය.

කෙසේ වුවද අපට දැනගන්ට ලැබුන පරිදි ප්‍රසන්න රණතුංග උදයංගට වඩා දූෂිතව සහ බලය අයුතු ලෙස භාවිතා කරන බවට පැමිණිලි ලැබී ඇත. අසරණ විදේශ විදේශ ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමේදී ඔවුන්ගෙන් ගාන කැපීම සම්බන්ධව ප්‍රසන්න රණතුංගට චෝදනා රාශියක් එල්ල වීඇත

කවුරු කෙසේ කීවද ඇත්ත කථාව උදයංග තම නැන පමනින් සහ හැකි පමනින් රටට වැඩක් කොට ඇත . නමුත් දිලිත් ජයවීර සහ ප්‍රසන්නලා කර ඇත්තේ අසරණ වූ මිනිසුන්ගෙන් ගාන කැපීම පමනි

පසුගියදා නාමල් රජපක්ෂද විදේශ ශ්‍රමිකයන්ගේ ගැටලුව ගැන කථා කළේ ඒ නිසාවෙනි. ඉන් අනතුරුව අරුන්දික ප්‍රනාන්දුද විදේශ ශ්‍රමිකයන්ගෙන් ගසා කෑම පිළිබදව කථා කළේය.අරුන්දික කථා කළේද ප්‍රසන්න රණතුංග ප්‍රමුඛ පිරිසගේ ගසා කෑම පිළිබදවය.

විදේශ ශ්‍රමිකයන් ගෙන්වීම ක්‍රම දෙකක් යටතේ ක්‍රියාත්මක විය

  1. මැදපෙරදිග ශ්‍රමිකයන්ගෙන් ලක්ෂ 3 වඩා අයකළ දිලිත් ජයවීරගේ හෝටල් නිරෝධායන ක්‍රමය
  2. රජය මගින් නිරෝධානයන කරන ප්‍රසන්න ප්‍රමුඛ පිරිස ක්‍රියාත්මක කරන වත්මන් ක්‍රමය

මෙම ක්‍රම දෙකෙන්ම අසරණ මිනිසුන්ගෙන් සාහසික ලෙස ගසා කන බවට පැමිණිලි ලැබුණි . ඉහත ක්‍රම දෙකෙන්ම ගාන කැපුවේ ගෝඨාවාදීන්ය. කිමාලි ප්‍රනාන්දු යනු අමු ගෝඨාවාදිනියකි. මේ වන විට ප්‍රසන්නද ගෝඨාවාදින් සමග එක්ව සිටියි. උදයංග වීරතුංග , රාජපක්ෂ පවුලේ අයෙක් වුවද ඔහු මහින්දට කිට්‍ටු අයෙකි.

Add Comment