ට්‍රම්ප් ලේ සහ අසූචි සමග ගෙදර යයි, ට්විටර් ගිණුම ස්ථිරවම අත්හිටුවයි, නන්දසේන ට්‍රම්ප් ගිය පාරේ

ප්‍රචණ්ඩත්වය අවුලුවාලීමේ අවදානම හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ස්ථිරවම අත්හිටුවා ඇති බව ට්විටර් සමාගම පවසයි.

මීට පෙර ට්‍රම්ප්ගේ ගිණුම පැය 12 ක කාලයක් සදහා අත්හිටුවා තිබුණි. ට්‍රම්ප් නැවත සමාජමාධ්‍ය නීති උල්ලංඝනය කළහොත් එය “ස්ථිරවම” තහනම් කරන බවට ට්විටර් සමාගම අනතුරු අඟවා තිබුනද එය නොතකමින් ඔහු කටයුතු කළේය.

ට්‍රම්ප්ගේ ට්විටර් තහනම සිකුරාදා බදාදා පණිවුඩ කිහිපයක් ට්වීට් කිරීමෙන් පසුවයි‍. එක්සත් ජනපද කැපිටල් නගරයට පහර දුන් පුද්ගලයින් “දේශප්‍රේමීන්” ලෙස හැඳින්වීමට ට්‍රම්ප් ට්වීට් කර තිබුණි.

ලංකාවේ පාලකයා වන ගෝඨාභය යන්නේ ට්‍රම්ප් ගිය පාරේමය . ගෝඨාභය කඩේ යන උන් දේශප්‍රේමින්ය , ගෝඨාභයට විරුද්ධ උන් විදේශ අතකොලුය එසේ නැතිනම එන්.ජී.ඕ පිල්ලි වෙයි.

ගෝඨා ඊයේ අමුතු කථාවක් කරමින් ට්‍රම්ප් නැමති පිස්සාට තවත් සමීප විය. අවශ්‍ය නන්දසේනගේ චරිතය හෝ ලේ තවරාගත් ආරක්ෂක ලේකම චරිතය යන දෙකෙන් කෝක වුවද කළ හැකි බව කීවේය

ඇමරිකානු පුරවැසියෙකු වූ ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය කම්බි පස්පොටින් පන්නා ඉවත් කර ඔහු ලංකාවේ ජනාධිපති කරවූයේ ට්‍රම්ප්ගේ වියරු පරිපාලනය විසිනි. අද ගෝඨාභය ලංකාවේ සියළු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සම්ප්‍රදායන් කුඩු පට්ටම් කරමින් ගජ මිතුරන් සමග දූෂිත පාරේ ගමන් කරමින් සිටී.

ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන විසින් ට්‍රම්ගේ වියරුවට ඉඩ නොදුන්නද ලංකාවේ දැනටමත් බිමට සමතලා කර ඇති අධිකරණය සහ පාර්ලිමේන්තුව ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වලට ඒකාධිපතියෙකුගේ වියරුව වළක්වා ගැනීමට නොහැකි ය. ඒ සඳහා ජනතාවගේ රුධිරයෙන් විශාල මිලක් ගෙවීමට සිදුවනු ඇත. 

Add Comment