සිරිසේනගේ ලී මඩුවේ ප්‍රේම කථාව සහ ”චේන් සෝ” තහනම යලි කියවමු

ජනපති සිරිසේනට බොහෝ දෙනෙකු කියන්නේ ග්‍රාමසේවකයා කියාය. ඔවුන් එසේ කියන්නේ සිරිසේන කලෙකදී ග්‍රාමසේවක වෘත්තියේ නියලුන නිසාවෙනි. නමුත් සිරිසේනගේ පලමු ‍රැකියාව එය නොවේ. 71 කැ‍රැල්ලට සම්බන්ධ වීම නිසා  පාසැල් කාලයේ දීම සිරිසේන හිරේ ගිය කථාව කවුරුත් දන්නා එකකි. සිරිසේන මඩකලපුව සිරගෙදරින් නිදහස් වූයේ 1973 ජූලි මාසයේදීය. ඒ වන විට පැවතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයකි. සිරිසේනගේ පියා උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයෙක් විය. එක් පුත්‍රයෙකුට ”ඩඩ්ලි” කියා නම් පවා තැබුවේ එහෙයිනි. කරුනු එසේ වූ නිසා හිරේ සිට පැමිනි පුත්‍රයාට ‍රැකියාවක් සොයා දීමට  ඇල්බට් සිරිසේනට මාර්ගයක් නොවූයේය.

සිරිසේනගේ පලමු ‍රැකියාව

සිර ගෙදරදී පිහිට වූවා සේම  මෙම දුෂ්කර අවස්ථාවෙදී සිරිසේනගේ පිහිටට සිටියේ මඩකලපුව හිරගෙදරදී හමුවූ  කීර්තිපාලය. පොලොන්න්රුවේ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවූ ලීලාරත්න විජේසිංහ කීර්ති පාලගේ ඥාතියෙකු විය. ඒ අනුව සිරිසේන ලීලාරත්න විජේසිංහ හමුවට ගියේය. ලීලාරත්න මන්ත්‍රීතුමාට කනපින්දම් කියූ සිරිසේනට සමුපකාර රැකියාවක් ලැබුනේය. සිරිසේනට 1973 පෙබරවාරි මාසයේදී  පළුගස්දමන සමුපකාර සමිතියේ ගබඩා සහායකයෙකු ලෙස පත්වීමේ ලිපිය ලැබුනේය

අතීතයට යන්න දෙමු

නව රැකියාවට  ගිය සිරිසේන දින කිහිපයක් ගත වෙත්ම තම  මැනේජර්  හා මිත්‍ර වූයේය. ඔහු මැනේජර් හා එක්ව ප්‍රදේශයේ වටිනා ගස් කපා සමුපකාර ලොරි වලින් ප්‍රවාහනය කලේය. පලුගස්දමනින් පටවන කොට ප්‍රවාහනය කලේ කුරුනෑගල ප්‍රදේශයේ ලී මඩුවකටය. ලී මඩුවට කොට ගෙන ආවේ සිරිසේනය. එහෙයින් සිරිසේන පලුගස්දමන සමුපකාරයට වඩා වැඩි කාලයක් ගත කලේ ලී මඩුවේය. මෝලෙන් ඉවත්කරන ලී පතුරු කුස්සියේ දර ලෙසට ගෙනයාමට ගැමියන් නිතර පැමිනියේය. දිනක් මෛත්‍රීපාල මඩුවේ සිටින විට කෙසග සිරුරකින් වූ යුවතියක් ලී පතුරු දර සොයා පැමිනියාය. මෙකී යුවතියට මෛත්‍රීපාලගේ හිත ගියේය. හේ ජයන්ති පුෂ්පකුමාරිය. සිරිසේනගේ ප්‍රියම්බිකාව මුනගැසුනේ ලී මඩුවේදීය

චේන් සෝ නියාමනය හොද ප්‍රවනතාවයකි

සිරිසේනගේ අතීතය එසේ වුවද වන විනාශය වැළැක්වීම සඳහා ලී මෝල් සහ වඩු මඩු තහනම් කරන බව අද ප්‍රකාශ කෙළේය. මීට ටික කලකට ඉහතදී ගස් කැපීමට භාවිතා කරන ‘චේන් සෝ’ ලියාපදිංචි කළ යුතු නිතිය පැනවූයේද සිරිසේනය . එකී නිතියෙන් පසු ‘චේන් සෝ’ යන්ත්‍ර 82000 ක් ලියා පදිංචිය සදහා ඉදිරි පත් විය. අද ‘චේන් සෝ’ රටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බවද ඔහු කීවේය. සිරිසේනගේ මෙම තීන්දුව දෙස අප පාට කන්නාඩි ගලවා බැලිය යුතුය. සැබැවින්ම මෙය අගේ කල යුතු තින්දුවකි

ජනපතිතුමනි ඔබගේ තීන්දුව අගනේය අපේ ආචාරය !

ලෝකයේ දියුණු රටවල් බොහොමයක චේන් සෝ භාවිතය  දැඩි නියාමනයකට යටත් කර ඇත. කවර හෝ නියාමනයක් ලංකාවේ ඇති වීම සුභවාදී කරුණකි . තවද ‘චේන් සො’ තහනම් කිරීමෙන් සෘජු  බලපෑමක් ඇතිවන්නේ වඩුවන්ට නොවේ,  මිහිකත වනසන ගස් වැද්දන්ටය. එසේම කෘතීම දැව වර්ග දේශයව නිෂ්පාදනය කල  හැක. ජීවන රගමඩළ සරල රේඛාවක් නොවේ. එය නව ඉසව් සොයා යන මාලිමාවකි .ජීවන රේඛාවේ නව රැලි පෙරළි ප්‍රවනතා ඇති විය යුතුය .  සියල්ල අසුභවාදී නොවේ .

ජනපතිතුමනි ඔබගේ තීන්දුව අගනේය ! ඊට අපේ ආචාරය !

By තුෂාරා වන්නිආරච්චි

Editor – Lanak news app