සිරිසේන පාස්කු ප්‍රහාර පිළිබද නඩු වලට බියව යකා නටයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ බරපතල නොතකා හැරීම් සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් ගොනු කර ඇත.කොළඹ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ජනත් එස්. විදානගේ, සමන් නන්දන සිරිමාන්න, ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය, සමාජ සහ සමායික කේන්ද්‍රයේ කි‍්‍රයාකාරීන් වන බෙනඩික් ටෙනිසන්, සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු පූජකවරුන් තිදෙනෙක්, නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු, ලක්නාත් පෙරේරා ,ශී‍්‍ර ලංකා මුස්ලිම් කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති හිල්මි අහමඞ් පෙත්සම් ගොනු කල පිරිස අතර වෙති.

ඉහත නම් සඳහන් සමන් සිරිමාන්න මහතාගේ පවුලේ සියලූ දෙනා බෞද්ධයන් වුවත් පාස්කු ඉරිදා කොටහේන කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දෙව් මැඳුරේ පැවැති පාස්කු දේව මෙහෙයට සහභාගි වී සිටිය දී ඔහුගේ දරුවන් දෙදෙනා බෝම්බ ප‍්‍රහාරයෙන් මියගොස් ඇත.
 

සහරාන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට 2019 අපේ‍්‍රල් 11 දා තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට පියවර නොගැනීම බරපතළ වරදක් බව පෙන්වාදී ඇත. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව සාපරාධී නීතිය යටතේ නඩු පවරන ලෙස  නීතිපතිට නියෝග කරන ලෙස පෙත්සම් කීපයකින්ම  ඉල්ලා ඇත. මරණයට පත් සහ තුවාල ලැබූ අය වෙත රජය, ආරක්ෂක ලේකම් හා පොලිස්පති වන්දි මුදලක් ගෙවිය යුතු බවද පෙත්සම් වල සදහන්ය.


ජාතික වශයෙන් අතිශය වැදගත් වන ප‍්‍රශ්නයක් පෙත්සම්වලින් මතු කර ඇති බැවින් ඒවා පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කළ යුතු යැයි අගවිනිසුරුවරයා තීරණය කර ඇති අතර  විනිසුරුවන් 07 දෙනෙකු ( පූර්ණ විණිසුරු මඩුල්ලක් ) ඉදිරියේදී ලබන ජූලි 12 දා පෙත්සම් විභාගය පැවැත්වේ

මේ අතර අද දින කැබිනට් මණ්ඩලය කැදවූ ජනපති වරයා පාස්කු ප්‍රහාරය ගැන විමර්ෂණය කරන පාර්ලීමේන්තු තේරීම් කාරක සභාවට දැඩි විරෝධයක් එල්ල් කර තිබුනි. කෝකටත්  තෛලය වන් ජාතික ආරක්ෂාව දඩමීමා කර ගනිමින්  සිරිසේන මෙම විරෝධය එල්ල කළේය .සිරිසේනගේ පදනම් විරහිත චෝදනා හමුවේ නිහඩ ප්‍රේක්ෂකයින් ලෙස නොසිටි එ.ජා.ප  කන්ඩායම පාර්ලීමේතු තේරීම් කාරක සභාවේ යුක්ති යුක්ත භාවය පිළිබදව තර්ක කිරීමට යාමත් සමගම ගැ‍ටුමක් දක්වා එය දුරදිග ගිය බව බව වාර්තා වෙයි.

තේරීම් කාරක සභාව දිගටම මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් තමා කැබිනට් රැස්වීම් වර්ජනය කරන්නේ යැයි සිරිසේන තර්ජනය කොට ඇත. සිරිසේන ගෝනි සෙල්ලම් දැමීමට ‍තෝරා ගත් බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන සාක්ෂි ව්මසීම සදහා කැදවුව හොත් ඉතිරිව ඇති යට කලිසමත් ගැල වෙන බව දන්නා සිරිසේන මෙලෙස යකා නැටූ බව කැබිනට් ‍රැස්වීමට සහභාගී වූ අනෙක් අයගේ මතය විය

By Thusharaa wanniarachchi

Editor – Lanak news app .com