පාස්කු විපත හයිජැක් කළ පර්සිගේ වළව්වේ මුර බල්ලෝ

පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ වලව්ව රෝන්දේ ගහන බල්ලන්ට කවදත් එදා වේල ස්ථානයකි . ඇති කරන  බල්ලන්ට පමනක් නොව දඩාවතේ යන  උන්ටද මදි නොකියන්න කෑම එහි ඇත. විමල් වීරවංශ යනු පර්සිගේ වලව්වේ ක‍ටු ලෙව කන සුනඛයෙකි. නමුත් ‘කැටලොග්’ එකේ ඌව හදුන්වා දෙන්නේ ”මව් බිමේ පංචායුධය” ලෙසිනි.

රජරට ප්‍රදේශය භාර නාථ දෙවියන්ගේ නියෝජිතයා

චන්න ජයසුමන වීරවංශගේ ගෝලයෙකි. රජරට ප්‍රදේශය භාර නාථ දෙවියන්ගේ නියෝජිතයා මොහුය. එනම් චන්න ජයසුමන සහ නාථ දෙවියන් නිරන්තරව ගනුදෙණු කරන බවය. නමුත් නාථ දෙවියන්ට වුවද චන්න ජයසුමනයා 100% ක් ෂුවර් නැත . නාථ දෙවියෝ වකුගඩු රෝගයට හේතුව ජයසුමනට කීවද එය සුව කිරීමට ගත යුතු ඖෂධ ගැන හාංකවිසියක් නොකීවේ එහෙයිනි.

පර්සිගේ මුර බල්ලන් ජාතියට සිදු කල අගතිය

පාස්කු ප්‍රහාරය ලංකාවේ මුස්ලිම් ජනතාවගේ අභිමතාර්ථ අනුව සිදුවූවක් නොවේ. එයා කලාපීය භූ දේශපාලන සාධක ‍රැසක එකතුවකි. 99% ක් මුස්ලිම් ජනයා එකී ප්‍රහාරය හෙලාදකින්නේය. ප්‍රහාරයත් සමග ජාතිකව  සහ අන්තර්ජාතිකව  අන්තවාදය  පි‍ටුදැකිය  හැකි පරිසරයක්  නිර්මානය විය. නමුත්  වීරවංශ , ජයසුමන ,වීර බන්ඩාර,  ජේ.ජේ රත්නසිරි  වැනි සතුන්ගේ බලු කෙදිරිලි නිසා තිබූ වාසි දායක තත්වය උඩු යටිකුරු විය .

අන්තර් ජාතික ප්‍රජාව සිංහල රාජ්‍යට අනතුරු ඇඟවීම

අන්තර්ජාතික ප්‍රජාව විසින් දැන් අනතුරු අඟවන්නේ සිංහල ජාතියට එරෙහිවය. මුලින්ම රටවල් මට්ට්මින් අනතුරු ඇඟවීම් කලේය. ඊලගට සංවිධාන මට්ටමින් අනතුරු ඇඟවීම් නිකුත්විය.  ඉස්ලාම් සහයෝගීතා සංවිධානය ලංකාවට අනතුරු ඇඟවූ ප්‍රථම ජගත් සංවිධානය වූයේය. මෙකී සංවිධානය එ.ජා සංවිධානය මෙන් සුපිරි බලවත්  ආයතනයකි. දින දෙකකට කලින් යුරෝපා සංගමයද ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවූයේය.

මුස්ලිම් ජනයා නිදොස් වී සිංහලයා චූදිතයන් බවට පත් වීම

මෙවන් කණගා‍ටුදායක තත්වයකට සිංහල ජාතිය  ඇද දැමුවේ ජාතියේ ගැලවුම්කරුවන් ලෙසින් පෙනී සිටින පර්සිගේ වළව්වේ මුර බල්ලන්ය. ප්‍රදේශ කිහිපයක සිදුවූ මුස්ලිම් දේපල සහ ජීවිත හානි වලට වග  කිව යුත්තේද  මොවුන්ය.  එකී ප්‍රහාර නිසා මුස්ලිම් ජනයා  නිදොස් වී නිදහස්  වූ අතර සිංහළ මහ ජාතිය චූදිතයන් බවට පත් විය. වඳ සැත්කම් සිද්ධිය කරලියට ගෙන ආවේද පර්සිගේ වළව්වේ මුර බල්ලන් විසිනි.

මුර බල්ලන්ගේ එදා වේල ජවනිකා

‘දිවයින’ පුවත්පත වඳ සැත්කම් පිළිබද මුල්ම පුවත පල කළේය. අනතුරුව චන්න ජයසුමන ඊට හූමිටි තියමින් මුහුණු පොතේ සටහනක් දැමුවේය. නමුත්  ජයසුමන දැමූ සටහන පැය 48 ක් ගතවීමටත් මත්තෙන් ඉවත් කරගෙන තිබුනි. වඳ සැත්කම්  පිළිබදව ජන මාධ්‍යය හරහා නඩු විභාග කිරීමට යාමෙන්ද සිදුවූයේ අවැඩකි. ඊලගට ජේ.ජේ රත්නසිරිගේ නිළ ඇදුම් චක්‍රලේඛය ආවේය. ලෝකයා ඉදිරියේ රටම විහිලුවකට ලක්වූ පසු ජේ. ජේ රත්නසිරි නිළ ඇදුම් චක්‍ර ලේඛය අකුලා ගත්තේය.

 චන්න ජයසුමන නැමති විකටයාගේ පැටිකිරිය

චන්න ජයසුමන චරිතය හදුනා ගැනීමට  ඔහුගේ පියාගේ පැටිකිරිය නිතතින්ම උපකාරී වන්නේය. මොහුගේ පියා විමලසිරි ජයසුමනය . ඔහු  නිදහස් පක්ෂයේ  ”දිනකර” පුවත්පතේ වැඩ කල සේවකයෙකි. විමලසිරි ජයසුමන යනු  එකල සිටි බොරුව පැල කිරීමේ ඔස්තාර්ය. විමලසිරි ජයසුමනද චන්න ජයසුමන මෙන්ම රට ගිණි තැබූ ජාතිවාදී හනුමෙකි.  චන්න ජයසුමන කියන දේව කථා ගැනද පුදුම විය යුතු නැත. මක්නිසාදයත් විමලසිරි ජයසුමන එකල්හි නිතර කීවේ ඔහු මෛත්‍රී බුදුන්  සමග ගනුදෙනු කරන බවය.

ප්‍රෙඩී සිල්වා දමා රම්බෝ පෙන්වීම නොහොත් පර්සිගේ නරි නාටක

කොටි ඩයස්පොරාව සමග හැප්පෙන්න කියා චන්න ජයසුමන වසරක් පාසා ජිනීවා  යන්නේය. (එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ) මෙකී  විකට ‍රැල  ජිනීවා ගොස් සිංහල ජාතිය ලෝකයා ඉදිරියේ විහිළුවට ලක්  කරන්නාහ . නමුත් ජයසුමනලාගේ විකට කෙලි පර්සිගේ ලොන්ඩරි මාධ්‍ය වාර්තා කරන්නේ ”රම්බෝ” චිත්‍රපටි ස්වරූපයෙන්ය . පසුගිය මාර්තු මාසයේදී ජයසුමන සෙට් එක ජීනීවා ගොස් පැමිනියේය . 

මලකඩ යකඩය තුලින්ම ඉපදී යකඩය විනාශ කරන්නේ යම් සේද ජයසුමනලා සිංහල ජාතිය විනාශ කරන්නාහ

දේශප්‍රේමී සළු පිලි පැලදි ජයසුමනලා ජාතියට කරන විනාශය සුළු ප‍ටු නොවේ. තවද ජයසුමනලා දැන හෝ නොදැන ජාතියට සිදු කරන විපත මරාවාදී මාධ්‍ය හරහා දේශානුරාගී සිරස්තල යොදා වාර්තා කිරීම ශෝකාන්තයකි .

‘සිංහ පුතුන් ජිනීවා සොලවයි.. තිස් වසරක් ලෝකයට සැඟවූ රහස චන්න ජයසුමන ජිනීවාදී කියයි.. බොල්හඬ පරදා සීතල කඳු අතරේ සිහ හඬ රැව්දේ’’

ඉහත දැක්වූයේ දිවයින  පුවත්පත  ජයසුමනලාගේ ජිනීවා විකට කෙළි වාර්තා කිරීමට යොදා ගත් සිරස් තල කිහිපයකි. වීරවංසලා ජයසුමනලා මලකඩ මෙනි. මලකඩ යකඩය තුලින්ම ඉපදී යකඩය විනාශ කරන්නේ යම් සේද මොවුන් සිංහල ජාතියේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටිමින් එය විනාශ කරන්නාහ

By තුෂාරා වන්නිආරච්චි

Editor – Lanka news app.com