දකුණෙන් කැ‍රැල්ලක්,සම්පත් විකිනීමට එරෙහි ඇමතිට ප්‍රහාරයක්,රට දෙකඩයි, ප්‍රභා යලි නැගිටලා!

කිරින්ද ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ බිලියන ගණනක් වටිනාකමකින් යුතු ඛණිජ වැලි නිධියක් කර්මාන්ත අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ව්‍යාපෘති ගත කිරීමට ඊයේ විමල් වීරවංශ එහි ගියේය. මෙය සමස්ථ ශ්‍රී ලාංකිකයන් සතු සම්පතක් බවත් එය එය සංවර්ධය කළ යුත්තේ රජයේ මැදිහත්වීමෙන් බව විමල් ප්‍රකාශ කළේය.

නමුත් කිරින්ද ප්‍රදේශවාසීන් පිරිසක් සංවිධානාතමකව ඊට විරුද්ධ විය. එම ඛණිජ වැලි නිධිය ඉන්දීයානු සමාගමකට විකිණීය යුතු බව ඔවුන් ප්‍රකාශ කළහ. අදාල ඉන්දියානු සමාගම පැය 4 ක සේවා මුරයකට ( වරුවකට ) රු 4000ක වේතනයක් ගෙවීමට එකග වී ඇති බව ඔවුන් ප්‍රකාශ කළහ.ඒ පිළිබදව දැනටමත් ඔවුන් ඉන්දියානු සමාගම සමග ගිවිසිම් ගතව ඇතැයි ප්‍රකාශ කළහ.

ඉන්දියානු සමාගමට මෙරට සම්පත් විකිනීමට තමා ඉඩ නොදෙන බව ප්‍රකාශ කිරීමත් සමගම ප්‍රදේශ වාසීන් කළහ කාරී ලෙස හැසිරෙමින් මධ්‍යම රජයේ ඇමතිවරයාට ( විමල්ට) රළු ප්‍රතිචාර දැක්වූහ.

එය කොතෙක්දයත්, සංවිධානාත්මක පිරිස මධ්‍යම රජයේ වැඩමුළුව කඩාකප්පල් කොට ඇමතිවරයාට හූ කියා එළවා දැමූහ. ඛණිජ වැලි නිධිය ඉන්දියාවට විකිනීම රාජපක්ෂලාගේ ගණුදෙනුවක් බවත් එය නැවැත්වීමට කිසිවෙකුට නොහැකි බව කැරලිකරුවන් ප්‍රකාශ කළහ.

මෙම ප්‍රවෘත්තිය කියවන ඔනෑම අයෙකුට නැගෙන ප්‍රශ්න කිහිපයකි

1.රාජපක්ෂලා ටෙන්ඩර් කැඳවීමකින් තොරව , කැබිනට් අනුමැතියකින් තොරව හොර රහසේ ඛණිජ වැලි නිධිය ඉන්දියාවට විකුණ්නේ කෙසේද

2. පුද්ගලයන් සිය ගණනක් පොදු අරමුණක් යටතේ සංවිධානය වී මධ්‍යම රජයේ ප්‍රතිපත්ති වලට විරෝධය පෑම කැ‍රැල්ලක් නොවේද ?

3.මධ්‍යම රජයේ නීති දකුණු ප්‍රදේශයට අදාල නොවේද? මාගම් පුරය වෙනම රටක්ද ?

4. පළමුව රට, දෙවනුවත් රට, තෙවනුවත් රට කියමින් පපුවට ගහ ගන්නා අයගේ දේශප්‍රේමය සම්පත් නොර‍ටුන්ට විකිනීමද?

මෙම කැ‍රැල්ලෙන් පසුව එනම් විමල් එළවා දැමූ පසු නාමල් රාජපක්ෂ ( මාගම් පුර crown prince ) එම ස්ථානයට පැමිණියේය. එමෙන්ම විමල්ගේ ආධාරකරුවන් සහ FB ක්‍රියාකාරීන් විමල් වීරත්වයට ඔසවමින් රාජපක්ෂලාට එරෙහි ප්‍රහාර දැඩි කොට ඇති සෙයක් දිස් විය

Add Comment