නිර්දෝෂී වෛද්‍ය තාක්ෂණ නිළධාරියෙකුට නාරාහේන්පිට පොලීසිය එල්ලලා ගහලා

ලංකා හොස්පිටල් ආයතනයේ නිර්වින්දන තාක්ෂණ ශිල්පියෙකුට නාරාහේන්පිට පොලීසිය කළ පහරදීම මේ වන විට ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව ඇත.ලංකා පොලීසියේ කෲරත්වය විදහා පාන මෙම සිදුවීම් ගැන මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.ශ්‍රී ලංකා පොලීසියේ තිරිසන් ක්‍රියාකාරකම් වලට එරෙහිව හඬක් නැහීමට සෑම පුරවැසියෙකුටම යුතුකමක් ඇත.

එම අමානුෂික පහරදීමට ඇත්තේ ඉහල නිලධාරීන්ද සමබන්ද වී ඇත.පහරදීමෙන් පසු බොරු චෝදනා නගා නිර්දෝෂී ඔහු වරදකරුවෙකු කිරීමට පවා නාරාහේන්පිට පොලීසියේ තිරිසන් නිලධාරීන් ක්‍රියා කොට ඇත.නමුත් තුසිත ඉතා අවංක පුද්ගලයෙකු නිසා පොලීසියේ කුමන්ත්‍රණය අසාර්ථක වී ඇත

වෛද්‍ය තාක්ෂණ නිර්ධාරී තුසිත මීට පෙර මාලදිවයිනේ සේවය කොට ඇති අතර පහත දැක්වෙන්නේ මාලදිවයිනේ ඔහුගේ සහෘද සේවකයන් තුසිත පිළිබද තැබූ සටහනකි. (එම සටහන අනුව තුසිත ගෝඨාවාදියෙකු බවද පෙනී යයි)

තුසිත. …අපි කියන්නෙ ඩොකා කියලා.

අවුරුද්දකට කලින් අපේ hakuraa project එකේ හිටපු මෙඩිකල් ඔෆිසර්. ඒකෙ වැඩකරපු ලංකාවෙ අය විතරක් නෙමෙයි, බංගලි පවා දන්නවා ඩොකා මොන වගේද කියලා. මහ රෑ එකෙක්ට බඩේ අමාරුවක් හැදිලා ආවත් ක්ලිනික් එක ඕපන් කරලා බෙහෙත් දුන්නෙ උගෙ නිදිමත අමාරුකං ගැන හිතන්නෙ නැතුව. වැඩි කතාබහක් නැති උනත් මනුස්සකන් දන්න උතුම් අහිංසක මිනිහෙක්. ලංකාවට ගියත් ආපහු එන්න ඕන කියල ඉද්දි තමයි ලංකා හොස්පිටල් එකේ ජොබ් එක ලැබුනෙ. අවංකව මහන්සි වෙලා තමංගෙ දරුපවුල බලාගෙන අනාගතය ගැන ආදරෙන් බලපු ඩොකාට ලංකාවෙ තුප්පහි සක්කිලි සලකපු හැටි මේ. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ නිසා උබට සාදාරනය ඉශ්ට වෙන එකක් නෑ උබට. හැබයි අපි ඉන්නවා උබට. මම මගෙ සියලු සහෝදරයින්ගෙන් ඉල්ලන්නෙ. මේක අද ඌට උනාට හෙට අපිට වෙයි. ඉතුරු වෙන්නෙ අපි විතරයි.මේක පුලුවන් තරන් share කරපල්ලා ඌට සාදාරණය ඉශ්ට වෙනකන්. මේක ලංකාවෙ නිවුස් වල යන්න ඕන. ඩොකා, උබට මතකද උබ මම එක්ක රන්ඩු වෙනවා මහින්ද , ගෝටා දිනවන්න ඕන කියලා. මම හිතනවා පක්ශ පාට නැතුව අපේ උන් උබට උදවු කරයි කියලා. තප්පර කීපයක් අරන් මේක share කරපල්ලා. ලොකු උදව්වක් ඒක

මාලදිවයින් අපි FB පි‍ටුව

Add Comment