පොල්තෙල් ත්‍රස්තවාදයේ පැටිකිරිය මෙන්න!

නුෂාඩ් පෙරේරා ලංකා සතොස සහ සමුපකාර තොග වෙළද සංස්ථාවේ හිටපු සභාපතිය. මේකා නුෂාඩ් පෙරේරා නම භාවිතා කරන්නේ කපටි කමටය . මොහු මුස්ලිම් ජාතියෙකු බවත් එය ඔහු ආයසයෙන් සඟවන බවත් මේ වන විට කතා බහට ලක්ව ඇත.

නුෂාඩ් පෙරේරා බිලියන ගණනක සීනි වංචාව කළේ සජාත් මව්සීන් සමගය. වියත් මග ‍‍රැස්වීම් පැවැත්වීමට ශ්‍රැන්ගීලා හෝටලය දුන්නේ මොහුය. බත් කන මිනිසුන්ට වංචාවේ ගෝඩ්ෆාදර් කවුද කියාතේරුම් ගැනීම අපහසු නැත.

නුෂාඩ් පෙරේරා බිලියන ගණනක් වංචා කොට අතේ කෝට් අයෙකි. නීතිය ක්‍රියාත්මක වන රටක නම් වංචාවේ ගෝඩ්ෆාදර් සමගම නුෂාඩ් පෙරේරා මහ උළු ගෙදර යෑම නියතය.

නමුත් ලංකාවේ සිදු වූයේ පොල්බෑය හොරාගත් බල්ලාට උම්බලකඩ කෑල්ලෙන් ගැසුවා වැනි වැඩකි.නන්දසීනි, සතොස හොරා කෑ නුෂාඩ් පෙරේරාට ප්‍රමිති ආයතනයේ සභාපති ධූරය බාර දුන්නේය.

නුෂාඩ් පෙරේරා වියත් මග ප්‍රභල සාමාජිකයෙකි.

බන්දුල ගුනවර්ධන වෙළද ඇමතිට ජනපති හමුවීමට ඇපොයින්ට්මන්ට් දැමිය යුතු වුවද නුෂාඩ් පෙරේරාට සහ සජාත් මව්සීන්ට ඔනෑම මොහොතක මිරිහානේ නිවසට ගොස් ජනපති හමුවිය හැකි ය.

ලංකාවට සීනි ,පොල් තෙල්, මාගරින් ඇතුළු පාරිබෝගික දව්‍ය ගෙන්වන පිරමිඩ් විල්මා සමාගම මොවුන් දෙදෙනාට අයිති එකකි. පිලිකා කාරක සහිත විෂ පොල්තෙල් මෙට්‍රික් ටොන් ගණනින් මෙරටට ගෙන ආ ප්‍රධාන චූදිතයන් මොවුන්ය

සජාත් මව්සීන් ගෙන ආ පොල්තෙල් ප්‍රමිති ආයතනයේ සභාපති වූ නුෂාඩ් මොහොමඩ් පෙරේරා නිදහස් කළේය. විෂ පොල්තෙල් වලට එරෙහි ජනතා විරෝධයෙන් බේරීමට කුඩා ප්‍රමාණයේ සමාගම් 3 ක් වටලා ගෝනි සෙල්ලම්ක් පෑවේය.

පොල්තෙල් ලීටයක් හිඳීමට මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩි 10 ක් අවශ්‍යය. එනම් පොල් ගෙඩිය රු 65 ගානේ ගණන් හැදුවද තෙල් ලීටරයක් හිදීමට අමුද්‍රව්‍ය පිරිවැය සදහා රු 650 වැය වෙයි. නමුත් පිරමිඩ් විල්මා සමාගම පොල්තෙල් ලීටරය බෝතලයක දමා රු 660 කට වෙළද පොළට කිකුත් කොට ඇත.

මෙය ජාතිය බෙලහීන කරන මහා කුමන්ත්‍රණයකි. පොල්තෙල් තස්තවාදය LTTEත්‍රස්තවාදයට වඩා භයානක ත්‍රස්තවාදයකි.අවාසනාවට වඳ කොත්තු , වඳ බ්‍රෙසියර් ගැන කථා කළ දේශප්‍රේමීන් විෂ පොල්තෙල් ගැන නිහඬය.

Add Comment