
පාස්කු ප්‍රහාරයට තව දින කිහිපයකින් වසර 2ක් සම්පුර්ණ වීමට නියමිතය. නමුත් සහරාන්ගේ කල්ලියට මරාගෙන මැරෙන අයිඩියොලොජිය දුන් අය, බෝම්බ සහ අවි ආයුධ දුන් අය, පුහුණුව දුන් අය, දේශපාලන රැකවරණ දුන් අය කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැත.නමුත් ජනයා සැනසීමට අසාත් සාලි අත් අඩංගුවට ගෙන ඇත. ඔහු මුලසිටම සහරාන්ගේ මහගෙදර වූ තවුහිද් ජමාතයට එරෙහි වූ පුද්ගලයාය .
බැඳුම් කරයට මේ වන විට වසර 6 ක් සම්පූර්ණ වී ඇත . බැඳුම්කර ගණුදෙණුව සිදුවන විට මහ බැංකුව තිබුනේ මුදල් ඇමති රවි යටතේ නොවේ. මහ බැංකු අධිපති පත්කළේ රවි නොවේ. බෑනාට අඩු පොළියට ණය දුන් ලංකා බැංකුව තිබුනේ රවි යටතේ නොවේ.නමුත් ජනයා සැනසීමට රවි අත්අඩංගුවට ගෙන ඇත.මහ බැංකුව සහ රජයේ වාණිජ බැංකු තමන් යටතේ නොතිබූ ඉතිහාසයේ එකම මුදල් ඇමති රවීය
බැඳුම්කර චූදිතයන් සහ පාස්කු ප්‍රහාරයේ චූදිතයන් අත් අඩංගුවට ගැනීම නිසා නීතිපති දප්පුලට සේවා දිගුවක් ලැබීමට නියමිත බව ප්‍රධාන ධාරාවේ මධ්‍ය වාර්තා කොට ඇත.
යුක්තිය ඉටුවිය යුතු දෙයක් පමනක් නොව, යුක්තිය ඉටුවන බව පෙනෙන්නට තිබිය යුතුය. නමුත් බැඳුම්කර සිදුවීම සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ‘නීතිය’ ජනයා රවටන සෙයක් දිස්වෙයි .
කරුණු එසේ නම් දප්පුලට සේවා දිගුවක් දෙන්නේ නියම බැංකු හොරු සැඟවීම නිසාද , පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරුවන් සැඟවීම නිසාද ?