ලංකාවට අතිශය සමීප රටවල් 3ක් නන්දසේනගේ තානාපතිලා එපා කියයි!

විදෙස් රටවල් තුනක් ශ්‍රී ලංකා රජය විසින් පත්කළ තානාපතිවරුන් තිදෙනෙකු එරට පිහිටි තානාපති කාර්යාලවලට පත්කර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.


එම තානාපති වරුන් වන්නේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ වරප්‍රසාද හා බලතල සහිතව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුරට පත්කළ මිලින්ද මොරගොඩ, කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කළ එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කළ අහමඩ්.ඒ ජවාඩ් යන තිදෙනායි.

සුමංගල ඩයස් ප්‍රතික්ෂේප කොට ඇත්තේ ගෝඨාණ්ඩුව යුධ අපරාධ සම්බන්ඩව අන්ධයන් බීරන් සේ රඟ දක්වන ප්‍රතිපත්තියට විරෝධය පෑමක් ලෙසය

අහමඩ් ජවාඩ් මීට පෙර සෞදියේ තානාපති ලෙස සිටි අයෙකි. ලංකාවට රියාද් තානපති කලාපයේ වටිනා ඉඩමක් ලබා දුන්නද එය පසෙක තබා සුලෙයිමානියේ ප්‍රදේශයේ විලා එකක් කුලියට ගෙන කොමිස් ගැසු බවට මොහුට එකල චෝදනා එල්ල විය.නමුත් ඔහුව ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇත්තේ එම සිද්දිය නොව ගෝඨාණ්ඩුව පිළිබදව MBSට (සල්මාන් කුමරුට) මතුව ඇති කොස්සකි


කෙසේ වුවද මිලින්ද මොරගොඩ මහතා එම ධුරයට පත් කොට මේවන විට මාස 7ක පමණ කාලයක් ගතවී ඇතත් ඔහු මෙතෙක් අදාළ රාජකාරි බාර ගැනීමට ගොස් නැත. ඔහු චීනය සමග දිවිත්ව රංගනයක නියලී සිටින නිසා ඉන්දියාව විසින් ඔහු ප්‍රතික්ෂේක කොට ඇතැයි මාධ්‍ය වාර්තා කොට ඇත

Add Comment