CIDය සහ හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සැලේ නාන දවස අද

වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට දැනුම් දීමක් කොට ඇත. ඒ අනුව අද දින ඔහු එම ප්‍රකාශය ලබා දීමට නියමිතය

හමුදා බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සැලේ සහරාන්ට අනුග්‍රහය දැක්වූ බවට කළ ප්‍රකාශය පිළිබදව කටඋත්තරයක් ලබා ගැනීම සදහා ඔහු කැඳවා ඇත.

මීට පෙර පාස්කු ප්‍රහාරය පිළිබදව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ අශෝක් අබේසිංහ CID වෙත කැඳවූ විට ” මට මතක නෑ ” කියමින් නිවටයෙකු සේ කටයුතු කළද නලීන් බන්ඩාර එසේ නොවන බවට කැට තැබිය කැක.

මක් නිසාදයත් රාජපක්ෂ රජය සහරාන්ට පඩි ගෙවූ බව නලීන් බන්ඩාර සහභාගි වූ දේශපාලන වැඩසටහනකදී කෙහෙලිය රඹුක්වැල්ල පිළිගත්තේය.

2012 සිට සුරේෂ් සැලේ හමුදා බුද්ධි අංශය බාරව කටයුතු කළේය.ඒ අනුව කෙහෙලිය කී පරිදි නිසැකවම සහරාන් පඩි ලබා ගෙන ඇත්තේ සුරේෂ් සැලේ ගෙනි

සහරාන්ට සිය බුද්ධි අංශය පඩි ගෙවූ බව පිළිගත් වීඩියෝව පහතින්

Add Comment