මූල්‍ය ක්ෂේත්‍රය උඩු යටිකුරු කරමින් ” ෆේස් බුක් ” මුදල් ඒකකයක් හදුන්වා දෙයි

මූල්‍ය ක්ෂේත්‍රය උඩු යටිකුරු කරමින් ” ෆේස් බුක් ”  මුදල් ඒකකයක් හදුන්වා දෙයි himi 2

අද ලෝකයේ වැඩිම ජනගහනයකින් යුත් රට ලෙස පිලිගන්නේ චීනය නොව” ෆේස් බුක්” රාජ්‍යයයි

ව්‍යාපරික සහ මූල්‍ය ක්ෂේත්‍රයේ පෙරළියක් කරමින් අද දින (18)  ෆේස්බුක් සමාගම සිය ඩිජිටල් මුදල් ඒකකය හඳුන්වා දෙන ලදි.

මෙම නව ඩිජිටල් මුදල් ඒකකය “ලිබ්රා” යනුවෙන් නම් කර තිබේ. “ලිබ්රා”මුදල් ඒකකය “ක්‍රිප්ටෝකරන්සි” ක්‍රමවේදයට අයත් වෙන්නකි. “ක්‍රිප්ටෝකරන්සි” යනු ඩිජිටල් මුදල් ක්‍රමවේදයක් වන අතර වන එම මුදල් ඒකක දැනටමත්  අන්තර්ජාලය තුළ කෙරෙන ගනුදෙනු සඳහා භාවිත කෙරේ.

ෆේස්බුක් “ලිබ්රා” ගෝලීය මුදල් ඒකකයක් සහ අනාගත දිශානතිය තීරනය කරනු ඇති බව පවසමින් අති විශාල ප්‍රචාරණ මෙහෙයුමක් දියත් කොට ඇත

 “ලිබ්රා” ගෝලීය ගෙවීම් අඩු වියදමකින් ස්මාර්ට් උපකරණ හරහා ගෙවීම් කිරීම පහසු කරනු වස් හඳුන්වා දී තිබේ.

ලාභ නොලබන ආයතන, මූල්‍ය සේවා අංශයේ සිටින ව්‍යාපාර සහ අන්තර්ජාල වාණිජ්‍යය අංශයට සම්බන්ධ පාර්ශවකරුවන් 25 දෙනකුගේ සහාය ලිබ්රා මුදල් ඒකකයට හිමිව තිබේ.

මෙම නව මුදල් ඒකකයට මූර්ත වත්කම්වලින් සහාය හිමි වන අතර නියාමනයට ලක් කිරීමට ද නියමිතය. ‘කැලිබ්‍රා’ යනුවෙන් හැඳින්වෙන් ෆේස්බුක් සමාගමේ ඩිජිටල් පසුම්බිය හරහා මෙම මුදල් ඒකකය ලබාගත හැකි අතර ඒ ඔස්සේ අනෙකුත් සේවා ලබාගත හැකි බව ද එම සමාගම නිවේදනය කර ඇත.

ඩිජිටල් මුදල් ක්ෂේත්‍රයේ ව්‍යාපාරික කටයුතු වල යෙදෙන පුද්ගලයන් පවසන්නේ ෆේස් බුක් හදුන්වා දුන් ”ලිබ්රා”  මුදල් ඒකකය  ” බිට්කොයින් ” වැනි අනෙක් ඩිජිටල් මුදල් ඒකකයන්ට වඩා විශ්වාසනීය මුදල් ඒකකයක් වන බවය

By තුෂාරා වන්නිආරච්චි