වඳ සැත්කම් කාන්තාවන් පැදුරටත් නොකියා මාරු- ජයසුමන සහ DIG පෞද්ගලික ‘එරියස් කවර්’ කරලා

වඳ සැත්කම් කාන්තාවන් පැදුරටත් නොකියා මාරු- ජයසුමන සහ DIG  පෞද්ගලික ‘එරියස් කවර්’ කරලා himi 4

වෛද්‍ය සා‍ෆිට එරෙහිව මේ දක්වා ලැබි ඇති වඳ සැත්කම් පැමිණිලි සංඛ්‍යාව 807 කි.   වඳ සැත්කම් සිදුකර තිබේද යන්න සොයා ගැනීම සඳහා අදාල කාන්තාවන්ගේ පැලෝපීය නාළය පරීක්ෂා කිරීමට නියමිත විය. පැමිණිලි ඉදිරිපත් කළ කාන්තාවන්ගෙන් අදාල පරීක්ෂණ සඳහා පෙනී සිටීමට කැමැත්ත පළකර ඇත්තේ කාන්තාවන් 71 දෙනෙක් පමණි.

පැමිණිල කල කාන්තාවන් පැදුරටත් නොකියා මාරු වෙයි

ආදාල කාන්තාවන්ට නැවත දරු පිළිසිඳ ගැනීම් සිදු නොවීමට හේතුව වඳ සැත්කම්ද එසේ නැතහොත් ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ සරුභාවයේ ගැටලු වක්දැයි පරීක්ෂා කළයුතු බව දැනුම් දීමෙන් පසුව අදාල කාන්තාවන් 71 දෙනාගෙන් බොහොමයක්ද පරීක්ෂණ මහ හැර ගොස් ඇත. තවද සා‍ෆි සමග සැත්කම්වලට සම්බන්ධ වූ සෙසු වෛද්‍යවරුන්, හෙද නිළධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සාක්ෂි ලබා දෙමින් පවසා ඇත්තේ  තමන් හෝ සහායක වෛද්‍යවරුන් හෝ නොදැනුවත්ව එසේ වඳ සැත්කම් සිදු කිරීමේ හැකියාවක් නොමැති බවය.

කිත්සිරි ජයලත් කථා වස්තුවඅනුන්ට කැපූ වලේ තමන් වැටීම

මේ අතර මෙම පුවත දිවයින මාධ්‍යවේදියාට ලබාදුන් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබේ. ජාතිවාදය ඇවිස්සීමේ අරමුණින් අසත්‍ය කරුණු ප්‍රචාරය කිරී‍මේ චෝදනාව මත ICCPR සම්මුතිය යටතේ ඔහුව අත්අඩංගුවට පත්වීමට ද ඉඩ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. නිතිය ක්‍රියාත්මක වන රටක නම් කිත්සිරි ජයලත් මේ වන විටත් අත්අඩංගුවට පත් වී හමාරය. ICCPR යටතේ අත්අඩංගුවට ගත හොත් ඇප නැත.  ශක්තික සත්කුමාර ICCPR යටතේ හිරේ දැමුවේ කිත්සිරි ජයලත් විසිනි .

චන්න ජයසුමනගේ ”ආත භූත”  ඉතිහාසය 

ඒ සියල්ලටම වඩා කෙස් කෙලින් කරන තොරතුරක් දැන් හෙලිදරව් වී ඇත. වඳ සැත්කම් බිල්ලා පි‍ටුපස සිටි මහ මොළකරු  රජරට විශ්ව විද්‍යාලයේ චන්න ජයසුමනය. රජරට ගොවීන් පීඩා විදින වකුගඩු රෝගයට හේතුව ” ග්ලයිෆොසෙට් ” කෘෂි රසායනික භාවිතයයි  මතයක් ගෙන ආවේ චන්න ජයසුමනය. සිය මතය තාර්කිකව ඔප්පු කිරීම වෙනුවට ඔහු කලේ ග්ලයිෆොසෙට් කථාවට නාථ දෙවියන් ගාවා  ගැනීමය. ග්ලයිෆොසෙට් නිසා වකුගඩු ආබාද ඇති වන බව තමන්ට කීවේ නාථ දෙවියන් යයි ගල් යුගයේ කථාවක් ජයසුමනයා කීවේය.

චන්න ජයසුමනට සා‍ෆිගේ බිරිද සමග වූ පෞද්ගලික එරියස්

ජයසුමන්ගේ  නාථ දෙවියන්ගේ කථාව කරලියට පැමිනීමත් සමගම එය  වෛදවරුන් අතර මත භේදයට තුඩු දුන්නේය .වකුගඩු රෝගයට හේතුව පරික්ෂණ වලින් ඔප්පු කිරීම  වෙනුවට නාථ දෙවියෙකු ගාවා ගැනීම  දැඩි විවේචනයට ලක් විය. වෛද්‍ය සාෆිගේ බිරිඳ   වකුගඩු රෝග සම්බන්ධ වෛද්‍යවරියකි. සා‍ෆිගේ බිරිද  ජයසුමන්ගේ ‘ආතභූත කථාව’ විවේචනය කල වෛද්‍යවරුන්ගේ කන්ඩායමේ සාමාජිකාවක් වූවාය. චන්න ජයසුමන සහ සා‍ෆිගේ බිරිද අතර කිහිප අවස්ථාවකදී උනුසුම් වචන හුවමාරු ඇතිව තිබුනි. කෙසේ වුවද අතේ රෝල් නාථ දෙවි කථාව වැඩි කල් දිව්වේ නැත . චන්න ජයසුමනගේ පමනක් නොව ඊට හූමිටි තැබූ උගතුන්ගේත් යට ඇඳුම පවා අහිමි කරමින් නාථ දෙවි කථාව හැදි ගෑවී ගියේය

මතුවීම සත්‍යයේ ස්වභාවයකි

චන්න ජයසුමන විසින් වෛද්‍ය සා‍ෆි වඳ සැත්කම් 8000ක් කලා කියා තම මුහුනු පොතේ පොස්‍ටු දැමුවේ , මාධ්‍ය හමුවේ කථා පැවැත්වූයේ , ජාතිවාදය ඇවිලුවේ පෞද්ගලික එරියස් කවර් කිරිමට බව දැන් පැහැදිලිය. සත්‍ය දිය යට ආයාසයකින් රදවා ගෙන  සිටින රබර් බෝලයක් වැනිය . එය කොයි මොහොතක හෝ උඩට පැමිනේ .මතුවීම සත්‍යයේ ස්වභාවයකි.

By තුෂාර වන්නිආරච්චි

Editor – lanaknewsapp.com