දප්පුල නොහොත් සිරිසේනගේ නීතිපති හෙංචා ගෝඨාභයට එරෙහි වීමේ කථා වස්තුව

දප්පුල නොහොත් සිරිසේනගේ නීතිපති හෙංචා ගෝඨාභයට එරෙහි වීමේ කථා වස්තුව Mahinda Gota2

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි සිරිසේනගේ නීතිපති හෙංචා වන දප්පුල ඩි ලිවේරා අද(5) වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට නියෝග දී ඇත. ‌මෙය ද දැන් ‌නීතිපති ‌පොලිස්පති වීමේ විකෘතියේ තවත් ‌සිද්ධියකි. මෙම නියෝගය නිකුත්වූයේ නිශ්ශංක සේනාධිපති ගෝටාගේ සැප දුක් විමසීමට සිංගප්පූරු රෝහල වෙත ගොස් සිටියදීය. දප්පුලගේ මෙම නියෝගයේ ඉලක්කය නිශ්ශංක සේනාධිපතිම නොව හිටපු ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂය. නිශ්ශංක ‌සේනාධිපතිට දැනටමත් අධිකරණයේ නඩුවක් විභාග ‌වේ. ඔහු රට යන්නේ අධිකරණයේ අවසරය මත ය. එවැනි පසුබිමක නීතිපතිවරයා නිශ්ශංක ‌සේනාධිපති අත් අඩංගුවට ගන්නැයි යලි යලි නියෝග දීමේ අවශ්‍යතාවයක් නැත. ‌

සේනාධිපති අත්අඩංගුව ගැනීමට නියෝග කිරීමේ පසුබිම

මෙවර අත් අඩංගුවට ගන්නැයි කියන්නේ අලුත්ම වරදක් ‌පෙන්වාය. එනම් ‌බොරු සාක්කි ‌ගෙතුවාය යන්නයි. සාක්කියක් ‌බොරුද ඇත්තද යන්න තීන්දු කරන්නේ අධිකරණය මිස නීතිපති ‌නොවේ. එබැවින් මෙකී ජවනිකා සියල්ල මෙහෙය වන්නේ සිරිසේන බව පැහැදිලිය. සිරිසේන විසින් නීතිපති දප්පුලට අගවිනිසුරු කැරට් අලය පෙන්වා නීති විරෝධී පර වැඩ ගන්නා බව අපි පෙර දී ද කීවෙමු. දප්පුලයාද සිරිසේන වෙනුවෙන් ඕනෑම කුප්ප වැඩක් කිරීමට සූදානම්ය.

සිරිසේනගේ ඉලක්කය සේනාධිපති නොවේ

නිශ්ශංක ‌සේනාධිපති අල්ලා දඬුකඳේ ගැහීමද නාටකයකි. අප දන්නා තරමට නිශ්ශංක ‌සේනාධිපති සිරිසේන ජනාධිපති වූ අලුතම රුපියල් මිලියන සිය ගණනක සන්තෝෂමක් කෑෂ් වලින් පිරිනමා තිබේ. චතුරිකාට මිලියන සිය ගණනක් වටිනා ‌‌කොළඹ අපාර්ට්මන්ට් එකක් තෑගි දී තිබේ. ඇත්තටම ‌සේනාධිපති ඉන්නේ සිරිසේනගේ අතේ ‌නොව සිරිසේන ඉන්නේ ‌සේනාධිපතිගේ අතේ ය. මන්ද ‌සේනාධිපති තමන්ට සාක්කි ‌නොමැතිව වැඩ කරන්නෙක් ‌‌නොවන නිසා ය. එබැවින් අද නියෝගයේ ඉලක්කය නිශ්ශංක සේනාධිපතිම නොව ගෝටාබය රාජපක්ෂ බව පැහැදිලි ය.

ගෝටා නිෂ්ක්‍රීය කිරීම සිරිසේනගේ පමනක් නොව මහින්දගේද සැලසුමය

ගෝටාට එරෙහිව ඇති නඩු ටික  පෙන්වා ස්ව කැමැත්තෙන් ජනපති අපේක්ෂකත්වය අත්හරින තැනට ගෝටා පත් කිරීම සිරිසේනගේ සැලසුමය. පොහොට්‍ටුව වටා ගොඩ නැගී ඇති ගෝටා ‍රැල්ල කුරුවල් වන්නේ  එවිටය. එය සිරිසේනගේ පමනක් නොව ගෝටා නිෂ්ක්‍රීය කිරීමට අවුරුදු  ගනනාවක් තිස්සේ දත කන මහින්දගේද  ඉලක්කය වෙයි. ගෝටා ‍රැල්ල කුරුවල් වූ විට  ගෙදර යන ගැට්ටේ සිටින සිරිසේනට නව සංධානයක් ගැන බලාපොරොත්තු තබා හැක. මහින්දගේ බලාපොරොත්තුව රට දැය බේරා ගැනීම හෝ ගෝටා රජ කරවීම නොවන බව දැන් දැන්  පොහොට්‍ටුවේ බයියන් පවා ඉතා පැහැදිලිව තේරුම් ගෙන ඇත . මරා- සිරා ඩබල එක් වූ විට අන්නෝන්‍ය සහයෝගයෙන්  කල හොරකම් යට ගසා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැප විය හැක

ගෝටා  තමන්ට එරෙහි කුමන්ත්‍රණය ජය ගැනීමට තරම් එඩිතර එකෙකු නොවේ

මහින්දගේ එකම සිහිනය  නාමල්ට හෙටක් තැනීමය. මහින්දගේ සැලසුම  2025 ජනපති අපේක්ෂකයා ලෙස නාමල් ඉදිරිපත් කිරීමය . මහින්දට අවශ්‍ය නාමල්ට කල වයස පැමිනෙන තෙක් ප්‍රධාන දේශපාලන ධාරාවේ බලය තමා සන්තකයේ තබා ගැනීම පමනි. මෙවර මැතිවරණයේ ජය පරාජය ඔහුට එතරම් වැදගත් නැත. 2020 ජයග්‍රහනය මහින්දගේ ඉලක්කය නම් ගෝටා ‍රැල්ලට  විවරණ දීමට  කල් ගන්නේ නැත. ගෝටා ‍රැල්ලට එරෙහි ප්‍රධාන බලවේගය අන් කිසිවෙකු නොව මහින්ද රාජපක්ෂය. නමුත් බයගෝතා තමන්ට එරෙහි කුමන්ත්‍රණය ජය ගැනීමට තරම් එඩිතර එකෙකු නොවේ. ගෝටා යනු වැඩ්ඩෙක් නොව  හුලගට තරු ගැසූ ආමි කාරයෙකි

ගිලෙන නැවෙන් මීයන් පැන යාම ස්වාභාවිකය

රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර ආරවුල සහ  ගෝටාබයට අත්වන ඉරණම වටහා ගත් පොහොට්‍ටු වාදී  දේශපාලකයන් දැන් දැන් ගෝටාගේ කැම්පේන් එකෙන් ඉවත් වෙමින් සිටියි. ගෝටාගේ කර මතින් තම මන්ත්‍රී පට්ට්ම බේරා ගැනීමේ සිහිනයේ සිටි බෝහෝ දෙනෙකු දැන් එම සැලසුම් අත්හැර දමා ඇත . දේශපාලන සාධක වෙනස් වන බව ඉවෙන් මෙන් දැනගත් විමලේ  තම මන්ත්‍රී පට්ටම බේරා ගැනීමේ අළුත් සෙල්ලමකට පසුගියදා අත ගැසුවේය .  ”වහාබ්වාදයට  එරෙහි ජනතා අරගලය”  යන පාඨය යටතේ  විමලේ ආරම්භ කලේ රට දැය රකින මෙහෙයුමක් නොවේ. නමුත් විමලේගේ මනාප හිඟමනය  සදහා නැන පමනින් ඇටවූ ගෝනි සෙල්ලමකි.

මැදමුලන වලව්වේ අවසානය සහ කාල්ටන් යුගයක ආරම්භය

කොන්දගල වලව්වේ දේශපාලනය අවසන් වූයේ යම්සේද මැදමුලන වලව්වේ දේශපාලනය අවසන් වී ඇත. කොන්දගල වලව්වේ බලය බන්දේසියක තබා  මැදමුලන වලව්වට දුන්නේ නැත. මැදමුලන දසයන්  බලය ගත්තේ බලහත්කාරයෙනි. එය ගිණි බලයෙන්,වෙඩි බලයෙන් සහ ජීවිත පූජාවෙන් ලබා ගත් එකකි . කැමති වුවද අකමැති වුවද අප දැන් පැමින ඇත්තේ  කාල්ටන් හාමුලාගේ යුගයටය . පැජට් පාරේ සරල දහම් බේබිලා දේශපාලනය කරන යුගයටය. යම් හෙයකින් ගෝටා රජ වුවහොත් පැජට් පාරේ දහම් බේබිලාට , කාල්ටන් වලව්වේ නාමල් බේබිලාට හෙටක් නැත. ගෝටා ‍රැල්ල කුරුවල් වීමේ රහස එයයි. මහින්දගේ පොරොන්දම දැන් ගැලපෙන්නේ  ගෝටා හෝ රටේ මිනිසුන් සමග නොවේ නමුත් සිරිසේන නැමති නීචයා සමග පමනි.

LEN උපුටා ගැනීමකි