වළං කඩේ ගොනා නොහොත් රංගොන්ජාගේ කථා වස්තුව

වළං කඩේ  ගොනා නොහොත් රංගොන්ජාගේ  කථා වස්තුව ranja

එකෝමත් එක රටක ගමරාලයෙකුගේ ගෙදර බල්ලෙක් සහ බූරුවෙක් හිටියේය. බල්ලාගේ  රාජකාරිය වූයේ ගෙදරට කිසිවෙක්  පැමිනෙන විට නිවැසියන් ඇලට් කිරීමය. බූරුවාට අයත්වූ රාජ කාරිය වූයේ බර ඇදීමය. බල්ලාට තම රාජකාරිය ගැන වගේ වගක් නොතිබුනි. ඌ බඩ පුරා කාබී සැපට නිදාගත්තේය. රාත්‍රී කාලයට ගමරාලයාගේ ගෙවත්තට මොකා පැමිනියත් බල්ලා ඇහැක් ඇර බැලුවේ නැත. බල්ලාගේ අයිස් ගැසීම  ගැන බූරුවා බැරෑරුම් ලෙස කල්පනා කලේය. අවසානයේ බල්ලගේ වැඩේත් කොට ගමරාලයාගෙන් ලකුනු දා ගැනීමට බූරුවා සිතුවේය. නමුත් බූරුවා නොදන්නා කාරනයක් විය . බල්ලාගේ බිරුම මිනිසුන් ඉවසුවද බූරුවාගේ තප්පුලෑම නො ඉවසන බව ඌ නොදත්තේය. මෝඩ බූරුවා බල්ලාගේ වැඩේ කළේය.

බල්ලගේ වැඩේ බූරුවා කිරීම සහ  රංගොන්ජාගේ නරි නාටක

රාත්‍රීයේ ගමයාගේ වත්තට මොකෙක් හෝ පැමිණි විට බූරුවා මරහඩ තියමින් තප්පුලෑවේය. බූරුවාගේ තප්පුලෑම ගමරාලයාට පමනක් නොව ගමේ මිනිසුන්ටද මහත් කන්දොස්කිරියාවක් විය. ” පංකාදු  බල්ලා, කාටවත්  කරදරයක් නෑ, ඒකට මේ ගොං බූරුවා, මිනිහෙකුට නිදාගන්ඩවත් නෑ ”  ගමේ මිනිසුන් නිතර කීවෝය. ගමගෙදර බූරුවාට තත්වය තේරුම් ගැනීමට තරම් මොළයක් නොවීය. ”මම දැන් බල්ලාගේ වැඩෙත් කරනවා” කියා බූරුවා මානයෙන් තවත් උදම් වූයේය. රාත්‍රීය  පුරා නිදි වර්ජිතව සිටි බූරුවා  ඡායාවක් දු‍ටු විගස පෙරටත් වඩා වැඩි හඩකින් තප්පුලෑවේය. බූරුවාගේ කන්දොස්කිරියාව නිසා ගමේ උන්ට නින්දක් නොවීය . අවසානයේ ගමේ උන් බූරුවාට පොලු වලින් තඩිබා එළවා දැමුවෝය.

වීදුරු ගෙවල් වල සිට යුද්ධ කල නොහැක

රන්ජන් රාමනායක උපත ලබන්නේ 1963 දීය. . ඔහු බෞද්ධයෙකු නොවේ. රංගනයට පිවිස නොබෝ කාලයකින් රන්ජන් ඇමෙරිකා ගියේය . ඇමරිකාවේ සිට පැමිනි රන්ජන් බොරු කොණ්ඩයක් හිසට සවිකොට තිබුණි. ශරීරයේ පහල භාගයේ තවත් වෙනස් කමක් කොට තිබුණි. එය මෙහි සඳහන් කිරීමට නොහැකි ආකාරයේ සැත්කමකි. ඇමෙරිකාවේ සිට පැමිනි  රන්ජන් වැඩි කැමැත්තක් දැක්වූයේ චීත්ත ස්වරූපයේ ‘මල් මල්- කො‍ටු කො‍ටු’ ඇදුම් ඇදීමටය. මෑතකදී කසිප්පු අරුන්දික රන්ජන් ගැන තවත් කථා ගොඩක් කීවේය. රන්ජන් ඇමෙරිකාවේ ගොස් වැඩකලේ සෙක්ස් ටෝයි කඩයක යයි  ඔහු කීවේය . රටේ කොළුවන්ගේ යහපත් පිනිස ඒඩ්ස් පරීක්ෂාවක් කළ යුතු යයිද ඔහු කීවේය. රන්ජන් මාධ්‍යය ඉදිරියට පැමිණ වීරයෙකු වීමට දැඩි ආශාවකින් පෙලුනද සැබෑ ජීවිතයේදී ඔහු වඩාත් ආශා කරන්නේ පසුපසට යාමටය. රන්ජන් ගැන මේ කථාව කියුවේ අපහාසයකට නොවේ , වීදුරු ගෙවල් වල සිටින උන් අනුන්ට ගල් නොගැසිය යුතු බව මතක් කිරීමටය.

රන්ජන් සංවේදී සමාජීය කරුණු ගැන  සංදර්ශන තබන්නේ  ”මම පොර” වීමට මිස සද්භාවයෙන් නොවේ

පන්සල් වල ලිංගික අපචාර සිදුවන බව සත්‍යකි. රන්ජන් සතුව ඒ පිලිබදව  ෆයිල් ගනනාවක් ඇති බවද සත්‍යකි. නමුත් රන්ජන්ගේ සද්භාවය  ගැටලුවකි. රන්ජන් දේශපාලනිකවද අමු මෝඩයෙකි. රන්ජන්ට අවශ්‍ය වූයේ චීවරධාරීන්   කරන  ලිංගික අපයෝජන නැවැත්වීම නම් එය ඔහු විසින්ම මධ්‍ය හමුවේ තැබිය යුතු නැත. නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකට හෝ සුදුසු මාධ්‍යවේදියෙකුට එකී ෆයිල් ලබා දිය හැකිව තිබුනි. නමුත් අන්‍ය ආගමික රන්ජන් බැලුවේ බෞද්ධ ආගමට අපහාස කොට මම පොර වීමටය. ඒ හරහා තම  ඡන්ද  ගොඩ වැඩි කර  ගැනීමය. රන්ජන් මෙතෙක් කල කිසිදු හෙලිදරව්වක් තාර්කික අවසානයක් කරා මෙහෙය වූයේ නැත. මුලින්ම මැද පෙරදිග ගෘහ සේවකාවන් වෙනුවෙන් කථා කලේය. රන්ජන්ට ඒ පිලිබදව දැන් වගේ වගක් නැත. වරෙක  පාර්ලීමෙන්තුවේ උන් කුඩු ගසනවා කීවේය. අධිකරණයට එරෙහිව  උඩු බිරුවේද රන්ජන්ය.

චීවරධාරී අපයෝජකයන්ට  අළුත් බලපත්‍රයක් ලැබීමේ වගකීම රන්ජන් භාරගත යුතුය

බොහොමයක් හිමිවරු තුන් සිවුරෙන් වසා සිටින්ගේ උන්ගේ පාප කඳය . හෙල උරුමය නියෝජනය කරමින් පාර්ලීමෙන්තු පැමිනි අපරැක්කේ පුණ්‍යානන්ද එවන්නෙකි . ඔහු බාලවයස්කාර සාමනේරවරුන් තිදෙනෙක් දූෂණය කොට අච්චු ලැබූ අයෙකි. වරද පිලිගෙන නිදහස් වූ  පුණ්‍යානන්ද  නව හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජන කොට යලි අත් අඩංගුවට පත් විය. ලංකාවේ පොලීසිය සහ පන්සල අතර ඇත්තේ ගොනා සහ තණකොල සම්බන්ධයකි. පන්සල් වල මොන අපරාධ වුවත් පොලීසිය ඒවාට හොට දමන්නේ නැත. රන්ජන් පන්සල් ගැන කළ ප්‍රකාශය දේශපාලන කරුණක් බවට පෙරළී ඇත.රන්ජන්ගේ ප්‍රකාශය  එ.ජා.ප යේ නිළ  මතයද කියා අනෙක් උන් දැන් විමසන්නේය. උගුලෙන් ගැලවීමට රනිල් රන්ජන්ගෙන් නිදහසට කරුනු විමසුවේය.රංජාගේ මතය පක්ෂයේ මතය නොවන බවට නිළ වශයෙන් ප්‍රකාශ වනු නියතය . ඒ සමගම රන්ජන්ගේ අරගලය නිම වන්නේය. එය චීවර ධාරී අපයෝජකයන්ට අළුත් බලපත්‍රයක් ලැබුනා හා සමානය.

By තුෂාරා වන්නිආරච්චි