කන්ජිපානිට සී.සී.ඩී උපන්දින සාදය දුන්නේ ජේ.පො.අ ප්‍රසන්න අල්විස් !

කන්ජිපානිට සී.සී.ඩී උපන්දින සාදය දුන්නේ ජේ.පො.අ ප්‍රසන්න අල්විස්  ! imaran 1

රැදවුම් නියෝග මත අත් අඩංගුවේ පසුවන කන්ජිපානි ඉම්රාන් පසුගිය ජූලි 13 වැනිදාට කොළඹ අපරාධ විමර්ශන කොඨාෂයට ‍රැගෙන විත් උපන්දින සාදයක් පවත්වා  ඇති බව අප වාර්තා කළෙමු . කන්ජිපානි මෙම සාදයට ‍රැගෙන් විත් ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස්  විසිනි. මොහුගේ පෙර වාර්තා විමසීමෙදී පෙනී යන්නේ ඉතිහාසය පුරා මොහු ගෝටාබයට සේවය කොට ඇති බවය. ඩී අයි ජී නාලක සිල්වා මැරීමට කුමන්ත්‍රණය කලේද මෙම පොලිස් නිලධාරියාය. 1998 වසරේ මැයි 18 වැනි දා සිට 2015 ජුනි 30 වැනි දා දක්වා වසර 17කට ආසන්න කාලයක් ඔහු මොහු සේවය කලේ ත්‍රස්ත විමර්ෂණ ඒකකයට අනුයුක්තවය.

මේ වන විට පොලීසිය තුල ඇත්තේ අරාජික තත්වයකි. සී.අයි.ඩී එක රජයට හිතවාදීය . සීසීඩී එක මුලුමනින්ම රාජපක්ෂලාට හිතවාදීය . ප්‍රසන්න අල්විස් සහ රාජපක්ෂවාදී ජේෂ්ඨ නිලධාරීන් කන්ජිපානි ඉම්රාන්ට උපන්දින සාදයක් දුන්නෙ නිකම් නොවේ . එහි අරමුන ජෝන් අමරතුංග සහ නාලක සිල්වා ඩුබායි පැමින මාකදුරේ මදූෂ් හමුවූ බව තමන් දු‍ටු බවට කන්ජිපානි ගෙන් ප්‍රකාෂයක් ගැනීමය. ප්‍රසන්න අල්විස්ගේ උත්සාහය සිරිසේන  ඝාතන කුමන්ත්‍රන කථාව යලි කරලියට ගෙන ඒම සහ රනිල් ඊට පැටලවීමය . රනිල් දේශපාලනිකව විනාශ කොට සජිත් ඉදිරියට ගෙන ඒමද එකී සැලසුම තුල අන්තර්ගතය .

2020 යනු ඉතිහාසයේ තීරනාත්මකම මැතිවරණයකි . මැතිවරණය අභිමුවේ ගිනි අවි සහ ගිනි කෙලි රග නොදැක්වීමට හේතු නැත . ඉන්දීය බුද්ධි අංශ වාර්තා සදහන් කරන අන්දමට මදූෂ් විසින් නවීන ස්නයිපර් අවියක් මේ වන විට මුහුදු මාර්ගයෙන් ලංකාවට එවා ඇත. දැන් මොන ස්නයිපර් අවිය පත්තු වුවද එය මදූෂ් එවූ අවියක් වීම නොවැලැක්විය හැක . අවසානයේ එය බැර වන්නේ ජෝන්, නාලක සිල්වා සහ රනිල්ගේ ගිනුමටය .තවද කන්ජිපානිගේ ජීවිතය අනාරක්ෂිත බව කිව යුතුය

රාජපක්ෂලා බලයට පත් වූ පසු මුස්ලිම් සහ දෙමළ ව්‍යාපාරිකයන් පැහැර ගෙන කප්පම් ගත් බව ප්‍රසිද්ධ කාරනයකි. ව්‍යාපාරිකයන් පැහැර ගත්තේ කරුනාගේ කන්ඩායම   හා එක්ව  පිහිටවා තිබූ විශේෂ  ඒකකයක් විසිනි. යුද, ගුවන්, නාවික නිලධාරීන් මෙන්ම පොලීසියේ පිරිස් කරුනාගේ කන්ඩායම සමග එක්ව මෙකී මෙහෙයුම් දියත් කර තිබුනි.පොලීසිය නියෝජනය කරමින් මෙම ඒකකය හා සම්බන්ධ වූ නිලධාරීන් අතර  ප්‍රසන්න අල්විස් සහ නිලන්ත ජයවර්ධන විය. කරුනු එසේ හෙයින් ප්‍රසන්න අල්විස් යනු කවරෙක් දැයි පැහැදිලි කිරීමට අ‍ටුවටීකා අවශ්‍ය නැත.