නන්දිකඩාල් කිරිබත සහ ආමර් වීදියේ කිරිබත – සජිත් වනන ලේන්සුවට බෝම්බය තියන සිරිසේන බාබු

නන්දිකඩාල් කිරිබත සහ ආමර් වීදියේ කිරිබත – සජිත් වනන ලේන්සුවට බෝම්බය තියන සිරිසේන බාබු premadasa 1

30 වසරක යුද්ධයේ උච්චතම අවස්ථාව වාර්තා වූයේ  නන්දිකඩාල් කලපුවෙනි. ප්‍රභාකරන් අවසන් ගමන් ගිය පුවත  දකුනේ සිංහලයන්ට ගෙන ආවේ මහත් ආනන්දයකි. එකී පුවත ඇසූ දකුනේ ජනයා රතිඤ්ඤ දැල්වූහ. පක්ෂ භේදයකින් තොරව  කිරිබත් බෙදා හදා ගත්හ. නිල් කොල රතු සියළු දෙනා එකට එක්ව සතුට  සැමරූහ.නමුත් නිල් කොළ රතු සියලු දෙනා රතිඤ්ඤ දල්වමින් කැවුම් කිරිබත් බෙදා ගත්  පලමු අවස්ථාව මෙය නොවේ.

ඇත්ත තිත්ත වුවද ‘සුචරිත’ මියගිය පුවත අසා දකුනේ ජනයා කිරිබත් කෑහ

දෛවය මහා සරදම් කාරයෙකි.  2009 දකුනේ ජනයා එකා වන්ව කිරිබත් කෑවේ නන්දිකඩාල් අවසන් සටන සැමරීමටය. 1993 ඔවුන් එකාවන්ව කිරිබත් කෑවේ ආමර් වීදියේ කොටි  ප්‍රහාරය සැමරීමටය. කථාව තිත්ත වුවද බාබුගේ බෝම්බයෙන් ප්‍රේමදාස මියගිය පුවත දකුනේ ජනයාට ආනන්දයක් ගෙන ආවේය. සුචරිත මියගිය පුවත අසා දකුනේ ජනයා කිරිබත් කෑ පුවත ඉතිහාසයෙන් වසන් කල නොහැක

ප්‍රේමදාසගේ භීම සමයෙන්  පසු  රනිල්ට ඉතුරු වූයේ  නටබුන් වූ පක්ෂයකි

ආමර් වීදියේ කිරිබත කාලයේ වැලි තලාවෙන්  වැසී ගිය මුත් සත්‍යයකි.නමුත් දකුනේ උන් කිරිබත් කෑ මෙකී අවස්ථා දෙක අතර මහා අපුලක්-අවුලක් ඇත.කොටි නායකයා මිය ගිය පුවත අසා කිරි බත් කෑ උන්ම සිංහල නායකයා මිය ගිය පුවත අසා කිරි බත් කෑම අවුලක් නොවේද?   කිරිබත් කථාව ලිහා ගත හොත් එ.ජා.පයේ පරිහානියට හේතු වූ කරුණු පිළිබද  වැටහීමක් ලබා ගත හැක. එක්සත් ජාතික පක්ෂය යනු අසමසම බලකො‍ටුවකි.නමුත් 90 දශකයට එලඹෙත්ම එහි පරිහානිය ආරම්භ විය.  එජාපයේ පරිහානිය පිලිබදව විවිධ  තර්ක විතර්ක ඇත. ඒ පිලිබදව බොහෝ දෙනා ඇගිල්ල දිගු කරන්නේ  රනිල් දෙසටය. නමුත් ප්‍රේමදාසගේ ඇවෑමෙන් රනිල්ට ලැබුනේ නටබුන් වූ පක්ෂයකි.පේ‍්‍රමදාසගේ හීනමාන දේශපාලනය  නිසා විනාශවූ  සුංබුං ගොඩකි.

මහින්ද සහ සුචරිත ප්‍රේමදාස යනු ත්‍රස්ත සංවිධාන සමග ඩීල් කොට බලය ලබා ගත් පාලකයන් දෙදෙනෙකි

මහින්ද රාජපක්ෂ සහ ආර්. ප්‍රේමදාස යනු මෙරට දේශපාලනයේ නොමැකෙන මතක සටහන් තැබූ පාලකයන් දෙදෙනෙකි. දෙදෙනාම සුදු කළු මිශ්‍ර චරිතය. ඔවුන් දෙදෙනා අතර ඇති සමානකම් බොහෝය. මොවුන් දෙදෙනාම බලයට පත්වූයේ ත්‍රස්තවාදී සංවිධාන සමග ඩීල් කරමිනි . 2005දී මහින්ද කොටි සංවිධානය සමහ ගණුදෙනුවක්  කළේය. මහින්ද රනිල්ට  ”බඩේ බත් ටික” වගේ තිබූ   දෙමළ  ඡන්ද ටික අහිමි කළේය . ප්‍රේමදාස 88දී ජවිපෙ සමග ගනුදෙනුවක් කළේය. ජවිපෙ හරහා මැතිණියට වැටීමට තිබූ චන්ද අහිමි කළේය. ජවිපෙ බලල් අතක් ලෙස යොදවා  එදිරිවාදීන් දඩයම් කළේය

සුචරිත ප්‍රේමදාස සහ මැදමුලන මහින්ද  යුධ විරුවන් දෙදෙනෙකි – නමුත් යුද්ධයෙන් පසු පක්ෂය විනාශ කළහ

මහින්ද සහ ප්‍රේමදාස යන දෙදෙනාම මිලිටරි ක්‍රියාන්විතයකින් ත්‍රස්තවාදය පරාජය කළ නායකයන් දෙදෙනෙකි. දෙදෙනාම සිය මිලිටරි මෙහෙයුම සදහා යොදාගත් ක්‍රමයවේද සමාන විය. කොටි සංවිධානය පරාජය කිරීමත් සමග මහින්ද  මහ රජාට ඇන්දේය.  ඒ සමගම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට මැදමුලන වරිග සභාව බලවත් විය. ඒ සමගම නිදහස් පක්ෂය විනාෂ විය.. මහරජාට ඇදගත් මහින්ද පක්ෂය විනාශ කලේය. ජවිපෙ ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමග ප්‍රේමදාස අතින් එජාපයටද එකී ඉරණම අත්විය. වියරු එකාධිපතියෙකු වූ ප්‍රේමදාස එජාපය විනාශය කරා ‍රැගෙන ගියේය.

යූනුස්ගේ කට කැපූ ප්‍රේමදාස සහ ලසන්තගේ ඔලුව හිල් කල රාජපක්ෂ

සුචරිත ප්‍රේමදාස උපහාසයට ලක්කරමින් ‍කා‍ටුන් එකක් ඇන්දයි කියා ඇත්ත පුවත්පතේ කාටුන් ශිල්පියාගේ කට කැපුවේය. ප්‍රේමදාසට එරෙහිව අලුත් පක්ෂයක් පිහිටුවා ගත් ගාමිනි- ලලිත්, කන්ඩායමේ රැස්වීම් ආවරණයකල මාධ්‍යවේදීන්ට මැර ප්‍රහාර එල්ල කළේය. අවසානයේ ලලිත් ඇතුලත්මුදලි ඝාතනය විය. ඔහුගේ අවමංගල්‍ය උළෙලට සහභාගි වූ ලක්ෂ සංඛ්‍යාත ජනකායට කඳුලු ගෑස් එල්ල කළේය. සෘජුව හෝ අනියමින් රිචඩ් සොයිසා වැනි මාධ්‍ය වේදින් ඝාතනය කළේය  මහින්දගේ පාලනයේ මේ හා සමාන උදාහරණ ඕනෑ තරම් විය

සුචරිතගේ වන් මෑන් ෂෝ  සහ මැදමුලන රජානෝ

ප්‍රේමදාස පාලනය ‘වන් මෑන් ෂෝ ” එකක් විය. මහින්ද මහරජා විය. ප්‍රේමදාස කැබිනට් මණ්ඩලයේ අනෙත් අයගේ  අදහස් වලට කන් දුන්නේ  නැත..වැදගත් අමාත්‍යංශ සියල්ල තමා යටතේ තබා ගත්තේය . ඔහු ලංකරගෙන සිටියේ තමාට හිතවත් කිහිප දෙනෙකු පමනි. මහින්ද ගෙන ගියේද එවන් පාලනයකි. තමාගේ පශ්චාත් භාගය වුවද ලෙවකන නිව‍ට ඇමතියන් මහින්ද සමග විය . ප්‍රේමදාසගේ ඇමතියෙක් වූ ඒ.ජේ රණසිංහ වරෙක ‘ප්‍රේමදාසගෙ සෙරෙප්පුවලින් සුප් හදල දුන්නත් බොනව’ යයි කීවේය . මහින්දගේ රජයේ එකී අසික්කිත භූමිකාව  මර්වින් සිල්වා ඉ‍ටු කලේය

වියරු එකාධිපතියන්ගේ ගොදුරු බවට පත්වූ ලලිත් – ගාමිනි සහ ශ්‍රී පති – මංගල

ප්‍රේමදාස ජවිපෙ සැකකරුවන් දහස් ගනනක් අමු අමුවේ ඝාතනය කළේය. හර්ෂ අබේවර්ධන , රන්ජන් විජේරත්න , ලලිත් ඇතුලත්මුදලි, විජය කුමාරතුංග වැනි  ඝාතන ත්‍රස්තවාදී ගිණුම් වලට බැර කොට තිබුනද ඒ තුල සැක සංකා විය. ඩෙනිසිල් කොබ්බෑකඩුව , ක්ලැන්සි ෆැර්නෑන්ඩු ඝාතන බැලූ බැල්මටම සැකසහිත විය. ප්‍රේමදාස නිසා එක්සත් ජාතික පක්ෂය දෙකඩ විය. ප්‍රේමදාස තමාහැර ගිය එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් පලිගත්තේය .ප්‍රේමදාසගේ පාලනය භීම සමයක් විය.  මහින්ද  හැරගිය ශ්‍රී පති , ටිරාන්, මංගලට අත්වූයේ එම ඉරණමය.

එල්ටීටීඊ සහ සහරාන්ලාට මදි නොකියන්න  සැලකූ  පාලකයෝ

ප්‍රේමදාස එල්ටීටීඊ සංවිධානය ඉල්ලූ අවි ආයුධ, සිමෙන්ති කන්ටේනර ගණන් දුන්නේය. මහින්ද එල්.ටී.ටී.ඊ  සහ මුස්ලිම් අන්තවාදීන්ට කෝටි ගනනින් මුදල් දුන්නේය. සහරාන්ගේ මහගෙදර වූ තව්හිද්ජමාත් මූලථානය හැදීමට ඉඩම දුන්නේ රාජපක්ෂලාය. කරුණාගේ කන්ඩායම හරහා මුස්ලිම් අන්තවාදීන්ට අවි පුහුනුව දුන්නේය. 1990 දී කරුණා නැගෙනහිර  පොලිස් ස්ථාන වට  කලේය . එක වෙඩිල්ලක් හෝ පත්තු නොකර කොටින්ට යටත් වන ලෙස ප්‍රේමදාස නියෝග කළේය. යටත් වූ පොලිස් නිළධාරීන් 774ක් තිරුකෝවිල්හි කලෑවකට රැගෙන ගොස් මරා දමා තිබුනි. මහින්ද බලයට පැමිණි විගස එකී අපරාධයට වගකිව යුතු කරුනාට ඇමති ධූරයක් දුන්නේය . පක්ෂයේ උපලේකම් ලෙස පත් කළේය

ගමේ කඩපිලේ චන්ඩියාගේ චරිතය

ප්‍රේමදාස අගමැති ලෙස පත්වූ විගස  අසික්කිත කථාවක් කළේය “වලව්වක උපන් අවජාතක කුමාරයෙකුට වඩා  පිටකොටුවේ එළවළු බක්කියක උපන් එකෙකු හොද යයි  ” කීවේය . එය  අනුර බන්ඩාරනායකට  එරෙහිව  කළ ප්‍රහාරයක් විය . ඉන්දියන් හමුදාව ප්‍රභාකරන්ගේ වන් ෆෝ බේස් කදවුර අල්ලා ගැනීමට ඔන්න මෙන්න සිටියදී , පැය 24ක් ඇතුලත ඉන්දියන් හමුදාව ඉවත් නොකළ හොත් සිරුරට ගිනිතබා ගන්නවා කීවේය. පසු කලේක මහින්ද රාජපක්ෂද පාර්ලිමේන්තුව සහ ජාත්‍යන්තරය ඉදිරියේ හැසුරුනේ ඊට සමාන ආකාරයෙනි. ඔවුන් දෙදෙනාම   ගමේ කඩපිලේ චන්ඩියාගේ චරිතය රග දැක්වූහ.

උසනම් සිකුරිටි-මිටි නම් කම්කරු

දැන් සුචරිත ප්‍රේමදාසගේ යුගය නිමා කොට පොඩි ප්‍රේමදාසගේ යුගයට පැමින ඇත. ” පිය මග යන පුතු ” සජිත්ගේ උද්යෝග පාඨය වෙයි. ”උසනම් සිකුරිටි, මිටි නම් කම්කරු” තරුණ පරපුර පිලිබද සජිත්ගේ තක්සේරුව වෙයි . මුලු ලෝකයම තට්‍ටු නිවාස හදන යුගයක සජිත් හදන්නේ කුකුල් කූඩු වැනි නිවාසය. සජිත්ගේ සැලසුම තවත් උදාගම් 2000 සහ චෛත්‍ය දහසක් හැදීමය . මේ දුපතේ පර්චස් 20ක ගෙවත්තක් සහිත නිවාස 20කින් යුතු උදාගම් 2000ක් ඉදිකිරීමෙදී සිදුවන පරිසර විනාෂයට වග කියන්නේ කවුද ? නවෝත්පාදනය වෙනුවට සජිත් මේ රට ‍රැගෙන යන්නේ කොයි බටද? සජිත් සහ මහින්ද යන දෙදෙනාම ජනතාව ‍රැවටීමට,ඇස් බැන්දුම් වලට උපන් හපන් දෙදෙනෙකි

එජාපය අද දුර්වල තැනක ඇත්නම් විත්තිකරුවන් ලැයිස්තුවේ උඩින්ම ඉන්නේ සුචරිත ප්‍රේමදාස සහ පොඩි ප්‍රේමදාසය

මහ ප්‍රේමදාස නැටූ නාඩගම් නිසා ජිනදාස නියතපාලගේ සිට ඇතුලත්මුදලි දක්වා නායකයන් එජාපයට අහිමි විය . පොඩි ප්‍රේමදාස නටන නාඩගම නිසා ශිරාල්ලාගේ සිට දයාසිරි දක්වා දුසිම් ගනනක් නායකයන් එජාපයට අහිමි විය. සජිත් යනු පක්ෂ මූලස්ථානයට ගල් ගැසූ අයෙකි . දැන් සජිත් එජාපය විනාශ කල සිරිසේන සමග එක්ව බලය ලබා ගැනිමට දත කන්නේය.බලය ලබා ගැනිමේ සටනේදී රාජපක්ෂ සහ ප්‍රේමදාස ගොයියන්ගේ කලකිරියාව හිරිකිතය. ආර්. පේ‍්‍රමදාස පළමුව ඩඞ්ලි සමග ගැටිණ. පසුව ජේ.ආර්. සමග ගැටිණ. දැන් සජිත් පුතා රනිල් සමග ගේම ඉල්ලයි. මැදමුලන රාජපක්ෂලා කොන්දගල රාජපක්ෂලාට කෙලිමින් බලය ගත්හ.දැන් කාල්ටන් රාජපක්ෂලා සහ සහෝදර රාජපක්ෂලා අතර ගැ‍ටුමකි. ගැ‍ටුම ප්‍රේමදාසලාගේ වුවද රාජපක්ෂලාගේ වුවද වුවද අවසානයේ සිදු වන්නේ ඔවුන්ගේ පක්ෂය අනාථ වීමය

ආමර් වීදියේ කිරිබත  -  නන්දිකඩාල් කිරිබත  සහ සජිත් වනන ලේන්සුවට බෝම්බය තියන සිරිසේන බාබු

ප්‍රේමදාස පරලොව යැව්වේ ලගම සිටි අයෙකි.ප්‍රේමදාසගේ නික්ම යාම නොහොත් ආමර්වීදියේ ප්‍රහාරය කිරිබත් කන සංසිද්ධියක් බවට පත් කලේ ඔහු විසින්මය.ඉතා නුදුරු දිනයකදී මහින්දට උන්හිටි තැන් අහිමි කරන්නේද ලගම ඉන්නා අයෙකි. බොහෝ විට ඔහු ගෝටාභය රාජපක්ෂ විය හැක. ගෝටාගේ උන් දැනටමත් කිරිබත ලෑස්ති කොට ඇත. මහ ප්‍රේමදාස අවසන් ගමන් ගියේ රෑට රෑට ගනුදෙනු කල බාබු අතිනි. සජිත් ප්‍රේමදාස සල්ලං වන්නේ ඔහු රෑට රෑට හමුවන සිරිසේන බාබු අතිනි . සජිත් වනන  ලේන්සුවට  බෝම්බය පත්තු කරන්නේ සිරිසේන බාබුය.

By – තුෂාරා වන්නිආරච්චි