ඕ ලෙවල් ෆේල් සිහින ජනපති මහජන මුදලින් පෝස්ටර් අලවයි , අයියෝ සල්ලි

ඕ ලෙවල් ෆේල් සිහින ජනපති  මහජන මුදලින් පෝස්ටර් අලවයි , අයියෝ සල්ලි poster

|

දැන් පදුරක් පදුරක් ගානේ ජනාධිපති අපේක්ෂකයින් සොයා ගත හැක .මුලිනම එලියට ආ ධම්මික කුනු කෙන්ටේනර් ගෙනවිත් කුනු වුනේය. නාගානන්ද කැසිනෝ බඩු ලග තබා ගෙන ඒවා බිස්කට් යයි කියන්ඩ ගොස් වැඩේ අනා ගත්තේය. දිනේෂ් අමරතුංග නැමති තක්කඩියා දෙනෝ දාහක් මැද අහිංසක රියදුරෙකුට පහරදී හිරේ ගියේය . ඕ ලෙවල් අසමත් යයි හෙලිවීම නිසා වීම නිසා සත පනහට වැටී ඇති සජිත් ප්‍රේමදාස දැන් තවත් ගෝනි සෙල්ලම්ට ලෑස්ති වී ඇති බව වාර්තා වෙයි

ගමේ කඩපිලේ ගල් රත් කරන උන්ගේ වීරයා වී ඇති සජිත් ප්‍රේමදාස නිවාස සංවර්ධන අධිකාරියේ සියලුම දිස්තික් කාර්යාල වෙත ” සජිත් අපේ ජනපති ” නමින් පෝස්ටර් 5000 බැගින් බෙදා දී ඇත.

රාජ්‍ය ආයතනයක් හරහා රජයේ මුදල් අවභාවිතා කරමින් ජනාධිපති වන්නට සැරසෙන සජිත් ප්‍රේමදාස මේ සඳහා නිවාස සංවර්ධන අධිකාරයේ සේවකයින් යොදා ගැනීම ජුගුප්සාජනකය.

මෙම පෝස්ටර් මෙහෙයුම සඳහා එක් සේවකයෙකුට රුපියල් 500 බැගින් ලබා දී ඇති අතර ඒ සියල්ල අද රාත්‍රියේ නිවාස සංවර්ධන අමාත්‍යංශයේ සේවකයින් හා වාහන යොදා ගනිමින් සිදුකිරීමට නියමිතය.