අගෝ 11 පොහොට්‍ටු සමුළුව මනමාලී නැති මගුල් ගෙයක්

අගෝ 11 පොහොට්‍ටු සමුළුව මනමාලී නැති මගුල් ගෙයක් download 1 1

ගෝටාගේ ගමන් බලපත්‍ර මගඩිය ගැන පලමු ආන්දෝලනාත්මක  හෙලිදරව්ව කලේ අගෝස්තු 05දා ඩේලි එෆ්.ටී පුවත්පත විසිනි . මිලින්ද රාජපක්ෂ ප්‍රසිද්ධ කල ලේඛනය අනුව ගෝටාගේ  ඇමෙරිකන් පුරවැසි භාවය මැයි 3 දින අහෝසි වී ඇත. ලංකාවේ පවතින නීතිය අනුව යම් අයෙකුගේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කල විට පුරවැසි පනතේ දක්වා ඇති අයදුම්පත සම්පූර්ණ කොට බාර දිය යුතුය . තව දුරටත් ඔහු ද්විත්ව පුරවැසියෙකු නොවන බව ලංකා ආන්ඩුව පිලිගන්නේ එවිටය. නමුත් ගෝටා අද දක්වා මෙම අයදුම් පත සම්පුර්ණ කොට නැත . ගෝටා ද්විත්ව පුරවැසිභාවය ඉවත් කලගත් බව ලංකා ආන්ඩුවට ප්‍රකාෂ නොකොට ශ්‍රී ලාංකික පුරවැසියෙකු පමනක් බව දක්වන ගමන් බලපත්‍රය ලබා ගත්තේය.

පාස් පෝර්ට් හුටපටයේ ත්‍රාසජනක කොටස

ගෝටා නව ගමන් බලපත්‍රය සදහා ඉල්ලුම් පත යොමු කලේ ජූනි මස 7 දිනය. අති විශේෂ කටයුත්තක් ලෙස සලකා පැය දෙකක් වැනි කාලයක් තුල මෙම ගමන් බලපත්‍රය එක නිකුත් කර ඇත . ගෝටාබයට ඇති නඩු හබ එක්ක බලන කල  මෙම චෝදනාව ළූනු සිවියකි.  එහෙයින් මෙම කථාවේ ත්‍රාසජනක කොටස මෙය නොවේ. විශේෂ ලියුම්කරුවෙකු නමින් 05 වැනිදා ඩේලි එෆ්.ටී පුවත්පතට මෙම ලිපිය ඇත්තේ ඉක්බාල් අතාස් විසිනි. දූතයෙකු මාර්ගයෙන් ඉක්බාල් අතාස්ට මෙම තොරතුරු එවා ඇත්තේ රාජපක්ෂ පවුලේම අයෙකු විසිනි. හාමුලා හාමුලා අතර රහස් දේශපාලනය කියන්නේ මේවාටය. සජිත් කල්ලිය සිරිකොත ඇල්ලීමට එන විට කාපට් කිරීමට පාර වසා සිරිකොත ආරක්ෂා කර දුන් අයුරු අමතක නැත

ඇට්ටකුනා වූ කිරිබත් හැලිය

අද දින එනම් අගෝ 10 දින ඩේලි එෆ්.ටී පුවත්පත  ගෝටාගේ පාස් පෝර්ට් හුටපටයට සම්බන්ධ තවත් ලිපියක් පලකොට ඇත. සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනෙක් වන චන්ද්‍රගුප්ත තේනුවර  සහ ගාමිනි වියන්ගොඩ ආගමන විගමන නීති රෙගුලාසි කඩ කිරීම පිළිබදව පරීක්ෂණයක් ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිනිලි කල බව සදහන් පුවතක් ඵල කොට ඇත. පොහොට්‍ටුවේ පලමු වාර්ෂික මහා සම්මේලනය ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිතය. එදින 2020 අපේක්ෂකයා ලෙස ගෝටා නම් කරනු ඇතැයි ගෝටාවාදින් බලාපොරොත්තු තබා ඇත. නමුත් අගෝතු 11 දින පොහොට්‍ටු සමුළුවේදී  2020 අපේක්ෂකයා නම් කිරීම සිදු නොවනු ඇත. මහින්දට එවැනි කල්මරන තීන්දුවක් ගැනීමට පාස්පෝර්ට් හුටපටය උපකාරී වනු ඇත

බලහත්කාරයෙන් ලබාගත යුතු දේශපාලන බලය

රාජපක්ෂ පවුලේ දේශපාලනය බලය කිසිදු අවස්ථාවක බන්දේසියක තබා අනුප්‍රාප්තිකයාට පිරිනමා නැත. අනුප්‍රාප්තිකයා විසින් එය ලබා ගන්නේ ලෙයින් සහ යකඩින් සිදුකරන අරගලයක් තුලිනි. කොන්දගල රාජපක්ෂලාගෙන් මැදමුලන රාජපක්ෂලා බලය ගත්තේ එලෙසය . ඒ වෙනුවෙන් මිනී මැරුවේය , සාපරාධී අපහාස කළේය , හිරේ ගියේය.ප්‍රජා අයිතිය නැති කර ගත්තේය . ජනපති අපේක්ෂකයා ලෙස ගෝටාභයට කිසිදු අවස්ථාවක මහින්දගේ අශිර්වාදය ලැබී නැත. නමුත් මහින්ද පෙරලූ බාල්දි , කියූ කට කැඩුනු කථා එමටය . එසේ වුනා කියා ගෝටා සටන අතහැරියේ නැත. ගෝටා ගේමට ආවා කියා මහින්ද සැලුනේද නැත . මැදමුලන – කාල්ටන් සටනේ ජයග්‍රාහකයා අගෝ 11 තිරගත නොවුනද නුදුරේම දැක ගත හැකි වනු ඇත

By තුෂාරා වන්නිආරච්චි