ජනයා රබන් සුරල් මැද නිදහස් පක්ෂයේ උපත සමරද්දී එදිනම එහි එලිදු‍ටු ගහලයාගේ කථාව – සිරිසේනට අපෙන් උපන්දින තිළිනයක්

ජනයා රබන් සුරල් මැද නිදහස් පක්ෂයේ උපත සමරද්දී එදිනම එහි එලිදු‍ටු   ගහලයාගේ කථාව – සිරිසේනට අපෙන්  උපන්දින තිළිනයක් 20141121 afp MaithripalaSirisena 1200x550 1024x469


(පල්ලෙවත්ත ගමරාළගේ උපන්දිනය ‌වෙනුවෙනි)

ලක් වාසීන්ට නිදහසක් පවරා දෙමින් 1948 දී යටත් විජිත පාලනය අවසන් විය. සුද්දන් ලංකාවෙන් බැහැර වූයේ නිදහස අර්ථවත් කොට නොව ඔවුන්ගේ කාබන් කොපි බඳු දේශීය පැලැන්තියකට පාලනය බාර දෙමිනි. ඒ අනුව ඉංග්‍රීසි ඌරුවට හැඩ ගැසුනු හැන්දෙන් ගෑරුප්පුවෙන් කන බොන පංතියකට දේශපාලන බලය හිමි විය. වරප්‍රසාද ලත් මෙකී පංතිය ගෙන්දගම්පොලොවේ පොඩි මිනිහාගෙන් දුරස් විය. මෙවන් පසුබිමක් තුල චා‍ටුවට උපන් හපනෙක් වූ බණ්ඩාරනායක රෙද්ද බැනියමෙන් සැරසී පොදු ජනයා අතරට පැමිණියේය. 1951 සැප් 3 දා පොඩි මිනිසුන් ඒකරාශී කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහි‍ටුවීය. දෛවය කොතරම් සරදම් කාරයකුද යත් ජනී ජනයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් අලුත උපන් දරුවා සතුටින් සමරද්දී එදිනම පොදු ජන අපේක්ෂා කන පිට හරවන ගහලයෙකුගේ උපතද සිදුවිය. රබන් සුරල් මැද සියනෑපුර ජනයා පක්ෂයේ උපත සමරද්දී එදිනම සියනෑපුරයෙන් බිහිවූ යටිකූට්‍ටුවා පක්ෂය පමනක් නොව ජනසම්මතවාදය ද දූෂනය කළේය. නිදහස් පක්ෂය උපන් දිනම උපන් යටිකූට්‍ටුවා අන් කවරෙකු හෝ නොව සිරිසේනය.

රජරට සංක්‍රමනය 
——————————–
1939 සිට 1945 දක්වා පැවැති දෙවන ලෝක යුධ සමයේ ලංකාව පාලනය කළේ බ්‍රිතාන්‍යයන්ය. එකල්හි මිත්‍ර හමුදාවේ අග්නිදිග ආසියාවේ යුද ආඥා මූලස්ථානය පිහි‍ටුවූයේ ලංකාවේය. යුද්ධය තීව්ර වත්ම සුද්දන්ගේ මිලිටරියට විවිධ වූ සේවා සැපයීමේ අවස්ථාව ස්වදේශිකයන්ට ද උදා විය. ගම්පහ ඔරුතොට විසූ ඇල්බට් සිරිසේනද බැට්මන් කෙනෙකු ( නිලධාරී නිවස්නයේ ආවතේවකරුවෙක් ) ලෙස හමුදාවට එක් විය. යුද්ධයේ අවසානයත් සමග මිලිටරියට අනුයුක්ත කළ ස්වදේශිකයන් ඉවත් කිරීම සිදුවිය. ඒ අනුව ඇල්බට සිරිසේනටද ‍රැකියාව අහිමි විය. ඉන් අනතුරුව එදිනෙදා වැඩක් පොලක් කිරීමෙන් ජිවිතය ගැටගසා ගන්නා මොහු ගම්පහ යාගොඩ විසූ නන්දාවතී නම් තරුණියක් හා විවාහ විය. ගම්පහ යාගොඩ දී එලිය දකින පලමු දරුවාට නම් තබන්නේ මෛත්‍රීපාල කියා ය. කුමන කරුමයකට හෝ පිනකට හෝ මෛත්‍රීපාලට උපත දී ඒ වේදනාවෙන්ම නන්දාවතී මිය ගියා ය. අලුත උපන් දරුවා හදා වඩා ගත නොවූ ඇල්බට් නන්දාවතීගේ නංගී සිය දෙවැනි කසාදය ලෙස විවාහ කර ගත්තේ ය. 50 දශකයේ ඩී එස් සේනානායක විසින් ආරම්භ කරන ලද ගොවි ජනපද ව්‍යාපාරය සිරිසේන පවුලට ගෙන ආවේ මහත් අස්වැසිල්ලකි. අක්කර 5 ක ගොඩ මඩ ඉඩම් ලද ඔව්හු පවුල් පිටින් පොලොන්නරුවට සංක්‍රමනය විය.

සලාක බෙදීමෙන් ගොඩ ගිය ඇල්බට් සිරිසේන
——————————–
ගම්පහින් මාරුවන සිරිසේනලා සිය ස්ථිර වාසස්ථානය සකසන්නේ පොලොන්නරුවේ ලක්ෂ උයනේය. එහිදී දෙවැනි බිරිඳ ගෙන් තවත් දරුවන් 10 දෙනෙකු බිහි කරන ඇල්බට් සිරිසේනට දොලොස් දෙනෙකුගෙන් වූ පවුලක් නඩත්තු කිරීමේ භාර ධූර අභියෝගය හිමි විය. සංක්‍රමනිකයන්ට රජයේ වියදමින් ආහාර, අත්‍යවශ්‍ය භාන්ඩ සහ බෙහෙත් ද්‍රව්‍ය සලාක ක්‍රමයට නොමිලේ ලබා දීම සිදුවිය. සලාකය ජනපදිකයන් අතර බෙදාහැරීමේ කර්තව්‍ය සිරිසේන යුවල බාර ගන්නේ එක පයින්මය. සලාක බෙදාහැරීමට සම්බන්ධ වීම හරහා දිසාපති ඇතුලු රජයේ නිලධාරීන් දැන හඳුනා ගැනීමට ඔවුන්ට හැකි විය. ඇල්බට් සිරිසේන සලාක යටි මඩි ගැහුවේ හීනියට නොව මහා පරිමාන ලෙසය. ඇල්බට් සිරිසේන රා මදින උන් මුට්ටියත් සමග පොලීසියට මාට්‍ටු කළේය . මක්නිසාදයත් ලක්ෂ උයනේ කසිප්පු මුදලාලි ඇල්බට් සිරිසේන වීම නිසා ය. සලාක බෙදන ගමන් ඇල්බට් කසිප්පු බෙදීමත් කරගෙන ගියේ ය. කෙසේ හෝ සලාක බෙදීමෙන් ගොඩ යන ඇල්බට් සිරිසේන ගම් මුලාදෑනී පට්ටමක් බා ගැනීමටද සමත් විය. බිරිඳ නවතිනුයේ ලක්ෂ උයන ප්‍රාථමිකඅංශයේ ගුරු පත්වීමක් ලැබීමෙනි.

පන්ති 5ට ගිය සිරිසේන
——————————–
පවුලේ වැඩිමලා වූ මෛත්‍රීපාල අකුරු කිරීමට මුලින්ම යන්නේ ලක්ෂ උයන කනිෂ්ඨ පාසැලටය. අධ්‍යාපන සා.පෙල විභාගයට පෙනී සිටින්නේ තෝපා වැව මහාවිද්‍යාලයෙනි. නමුත් අකුරු ඉලක්කම් වලට වඩා ප්‍රිය කළේ දේශපාලන වේදිකාවේ කරක් ගැසීමටය. ජ.වි.පෙ අඩි පාරේ ගිය ගිය මෛත්‍රීපාල පන්ති 5 ට සහභාගි වෙමින් රතු විප්ලවයට ගොනු විය. මෛත්‍රීපාල පන්ති 5 ට සහභාගි වන විට ඔහු උසස්පෙළ හදාරන සිසුවෙක් විය. 71 අසාර්ථක කැ‍රැල්ල අතර තුර සටන්කාමීන් පොලොන්නරුව පොලීසියට පහර දුන්හ.

මහා පාවාදීම සහ සිරගතවීම
——————————–
මෛත්‍රීපාලගේ පියා දිසාපතිගේ සහ පොලීසියේ සුවච ගෝලයෙක් විය. තම පුත්‍රයා බේරා ගැනීමට ඔහු කූඨ උපායක් යෙදීය. පුත්‍රයා හරහා ජවිපෙ සාමාජික ලැයිස්තුව අතට ගත් පියා එය පොලීසිය වෙත ලබා දුන්නේය. සගයන් පාවා දුන් අලුගුත්තේරු ක්‍රියාව කන වැ‍ටුනු විදුහල්පති මෛත්‍රීපාලගේ ජවිපෙ ජාතකය පොලීසියට තහවුරු කළේය. ඒ අනුව මෛත්‍රීපාල අත් අඩංගුවට පත්විය. අත් අඩංගුවට ගත් මෛත්‍රීපාල රඳවා තැබූයේ මඩකලපුව බන්ධනාගාරය තුලය. සගයන් පාවාදීමේ නිහීන ක්‍රියාව නිසා මඩකලපුව බන්ධනාගාරය තුලදී කිහිපවරක් අසූචි වලින් නහවා තිබුනි, ගුටි බැට දී තිබුනි. සිරිසේන කීර්ති පාලගේ සමනලයා වන්නේ මෙවන් වාතාවරණයක් තුලය.මෛත්‍රීපාල උසස්පෙළ විභාගයට වාඩි වූයේ හිර ගෙදර සිට මාංචු පිටිනි. හිර ගෙදර සිටිනා පුරාවට කීර්තිපාල  සිරිසේනට හෝදින් සැලකූ බව සදහන්ය.

වැදූ පියාට ද්‍රෝහී වීම
——————————–
හිරෙන් නිදහස් වූ මෛත්‍රීපාලගේ තියරිය වූයේ ලිඳට වැ‍ටුනු කළ ලිං කටෙන්ම ගොඩ යාමය. ජවිපෙ දේශපාලනය අතහැරිය මෛත්‍රීපාල පොලොන්නරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී වූ ලීලාරත්න විජේසිංහ සොයා ගොස් ‍රැකියාවක් ඉල්ලා පින්සෙන්ඩු විය. ලීලාරත්නගේ නිදහස් පක්ෂ කාර්යාලයේ තම පුත්‍රයා ආවතේව කරන බව සිරිසේන පියාට සැලවූ විට ඔහු කෝප විය. පුත්‍රයාට ඔහු පහරදුන්නේ කොසු මිටෙනි. ඩීඑස් ගේ ගොවි ජනපද ව්‍යාපාරය නිසා සිය පවුල ගොඩ ගිය බව හැගීම් බරවූ පියා සිරිසේනට සිහිපත් කලේය. ගුනමකුවකු නොවන ලෙස ඔහු පුත්‍රයාට අවවාද කළේය. ඇල්බට් සිරිසේන කොතරම් එ.ජා.ප ලැදි වුයේද යත් තම එක් දරුවෙකුට නම් තැබුවේ ඩ්ඩ්ලි ලෙසය. ඒ ඩඩ්ලි සේනානායක කෙරේ සහ එජාප වෙත වූ ඔහුගේ බැඳීම නිසාය. නමුත් ලීලාරත්නට ගොට්ට ඇල්ලූ මෛත්‍රීපාල පළුගස්දමන සමුපකාර සමිතියේ සැපයුම් නිලධාරියෙකු ලෙස ‍‍රැකියාවක් ලබා ගත්තේය

දුස්සීල රාජ්‍ය සේවය
——————————–
පළුගස්දමන සමුපකාරයේ ‍රැකියාව කරනා අතර තුර දේශපාලනය සහ අතුරු ‍රැකියා කිහිපයකම සිරිසේන නියැලුනේය . ප්‍රදේශයේ කළුවර ගස් කපා කුරුනෑගල ප්‍රදේශයේ ලී මඩුවලට පැටෙව්වේ ය. දැව ප්‍රවාහනය කළේ සමුපකාර ලොරි මගිනි. එහෙයින් කුරුනෑගල තිබූ ලී මෝලට සිරිසේන නිතර නිතර ආව ගියේය. මෝලෙන් ඉවත්කරන ලී පතුරු කුස්සියේ දර ලෙසට ගෙන යාමට ගැමියන් නිතර පැමිණියේය. දිනක් මෛත්‍රීපාල මඩුවේ සිටින විට කෙසග සිරුරකින් වූ යුවතියක් ලී පතුරු දර සොයා පැමිනියා ය. මෙකී යුවතියට මෛත්‍රීපාලගේ හිත ගියේය. ඈ ජයන්ති පුෂ්පකුමාරි නම් වූවා ය. මෛත්‍රීපාල 1976 දී ග්‍රාම සේවක පදවියට පත් විය. රාජ්‍ය සේවයේ යෙදෙන අතරතුර මෛත්‍රීපාල ක්‍රියාකාරී දේශපාලනයේ ද නියලුනේ සම්පූර්ණයෙන් නීති විරෝධීව ය. දේශපාලනයෙන් සම්පූර්නයෙන්ම වියුක්ත විය යුතු සිය තනතුර නිර්ලජ්ජිතව දේශපාලනයේ යෙදෙව්වේය. රාජ්‍ය සේවයේ යෙදෙන අතර තුර නිදහස් පක්ෂයේ නිලතල දැරුවා මදිවාට 1978 වර්ශයේදී කියුබාවේ තරුණ සම්මේලනයකට ද සහභාගී වීමට ගියේය. ඒ හේතුවෙන් ‍ මෛත්‍රිපාලට රැකියාව අහිමි විය.

‍කන්ඩ දුන් අත සපා කෑම
——————————–
රැකියාව අහිමිවීමෙන් පසුව පූර්ණ කාලීනව දේශපාලනයට යොමු වූ මෛත්‍රීපාලගේ තියරිය වූයේ හොඳින් හෝ නරකින් ගොඩ යාමය. එවකට මින්නේරිය පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නදේශප්‍රිය සේනානායක (ධර්මසිරි සේනානායකගේ වැඩිමල් සොහොයුරා ) හා ගොනූ වූ මෛත්‍රීපාල අලුත් කල්ලියක් සැදුවේය. මැතිනියට කේලාම් කියා 1965 වසරේ සිට 77 දක්වා පොලොන්නරුවේ පාර්ලීමේන්තු මන්ත්‍රී වූ ලීලාරත්නගේ ආසන සංවිධායක ධූරය අහිමි කළේය. ඔහු අන්කවරෙකු නොව මෛත්‍රීපාලට දේශපාලනයේ හෝඩිය කියවූ ගුරුවරයාය. හිරෙන් නිදහස් වූ පසු ‍රැකියාවක් සොයා දුන්නේද ඔහුය. අනතුරුව ශූක්ෂම ලෙස රත්න දේශප්‍රියගේ උදව්වෙන් නිදහස් පක්‍ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් තනතුර ලබා ගත්තේය . නමුත් මින්නේරිය අතුරු මැතිවරණයේදී රත්නදේශප්‍රියට එරෙහිව කුමන්ත්‍රණය කළ මෛත්‍රීපාල ඔහුගේ කකුලෙන් ඇද පරාජය කළේය. තමාට කන්ඩ දුන් සියල්ලන් හපා කෑ සිරිසේන 1981 වන විට පොලොන්නරුවේ ප්‍රධාන සංවිධායක ධූරය දක්වා පැමිණියේය

සිරිසේන බිහිකළ මා‍ෆියාව
——————————–
ඉන් අනතුරුව නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ උපසභාපති බවට පත්වූයේය. සිරිසේන ජාතික තලයට ‍රැගෙන ආවේ අනුර බන්ඩාරනායකය. නමුත් අනුරට උපන් ගෙයිම ද්‍රෝහී වූයේය. සිරිසේන 1989 ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට තේරී පත්විය. 1994 දී දෙවන වරට තේරී පත් වීමෙන් පසුව වාර්මාර්ග ඇමති ධූරයට පත් විය . බලයට පත්වූ පසු තමන්ට ඡන්දය දුන් ජනතාව අමතක කල සිරිසේන සහෝදරයන් හා එක්ව බිස්නස් මා‍ෆියාවක් පොලොන්නරුවේ ගොඩනැගීය. නම ගිය හොරුන් සමග එක්ව ජාවාරමට බැස්සේය. සිරිමාවෝ විසින් පොලොන්නරුවේ ඉදිකල ආසියාවේ විශාලතම වී ගබඩාව ගලවා යකඩ වලට වික්කේය. ගොවීන්ට කොකා පෙන්වූ සිරිසේනලා සහල් මා‍ෆියාවක් බිහි කළේය . තව සහෝදරයෙක් ගස් කැපුවේය, තව එකෙක් වැලි රජ්ජුරුවෝ විය. ගල්කොරි මා‍ෆියාව තවකෙක් අත විය. පීබීජී කලුගල්ල සංචාරක ඇමතිව සිටියදී ගොඩ නැගූ අරලිය හෝටලය කොල්ල කා තම නමට ලියා ගත්තේය. සිරිසේනලා පොලොන්නරුවේ රජ වුව ද නියඟයෙන් ගං වතුරින් නිරන්තර පීඩා විඳින ජනයාට පාන් කෑල්ලක් හෝ දීමට තරම් වත් කාරුනික නොවීය.

ජනතාවට සරම ඉස්සූ සිරිසේන
——————————–
සිරිසෙන මේ දක්වා පොලොන්නරුවේ සංවර්ධනයට රු කෝටි 30000 කට අධික මුදලක් යොදවා ඇත. එය පොලොන්නරුවේ ජනගහනයෙන් බෙදූ කලා එක් පුද්ගලයෙකුට වැටෙන මුදල රු දස ලක්ෂයක් පමන වෙයි . නමුත් සිරිසේනගේ උන් දියුනු වූවා මිස ජනයාට අත් වූ සංවර්ධනයක් නොමැත .ජනයා කබලින් ලිපට වැටී ඇත . වී මා‍ෆියාව, හාල් මා‍ෆියාව සිරිසේනලා සතුය . සිරිසේනලා වී මිලට ගන්නේ කුණු කොල්ලයට ය. වී විකුනා ලැබෙන මුදල ජීවත් වීමට තියා ණය ගෙවීමටවත් ප්‍රමාණවත් නොවේ. යන එන මං නැති ගොවියන් පවුල් පිටින් වස පානය කරන්නෝය. ඇතැමෙක් අස්වැන්නටද ගිනි තබා සිය දිවි හානි කර ගනිති. දිවයිනේ මධ්‍යසාර වැඩියෙන්ම භාවිතා කරන දිස්ත්‍රික්කය පොලොන්නරුව ය. දුම්වැටි දෙවෙනියට වැඩියෙන්ම අලෙවි වන දිස්ත්‍රික්කය පොලොන්නරුව ය . වකුගඩු රෝගයෙන් වැඩියෙන්ම පීඩා විඳින දිස්ත්‍රික්කය පොලොන්නරුවය. දශක 3 කට ආසන්න කාලයක් වාරිමාර්ග, කෘෂිකර්ම, මහවැලි, ගොවිජන සේවා හා සෞඛ්‍ය ඇමැති ධූර පමණක් නොව ජනපති පදවිය ද දැරූ සිරිසේන පොලොන්නරුවේ ජනයා නංනත්තාර කොට ඇත.

අන්න සතා, මෙන්න පොල්ල, මං සිල්ගත්තා
——————————–
දේශපාලන බලය ලැබුනු පසු සිරිසේන සහෝදරයන් අත නොගසපු කිසිවක් පොලොන්නරුවේ නොමැත. ගම්මු කියන ආකාරයට පොරෝ පහර නොවන්නට (වැලි රාජුට එල්වූ පොරෝ පහර ) මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ ත්‍රිකුනාමලයෙන් නොව මඩකලපුවෙනි. මනම්පිටියේ වැලිහෑරීම එතරම් දරුණු විය. වැව් තාවුල්ලේ ඩඩ්ලිගේ සහ චතුරිකාගේ හෝටල් දෙකට රිසි පරිදි පරාක්‍රම සමුද්‍රයේ සොරොව්ව අරින්නේ ය. වී ගොවියාට අබ සරණ ය. කුඹුක් ගස් වලට, කලු ගල් වලට, නිදන් වස්තු වලට, වී ටිකට, වැවට පමනක් නොව ගමේ ගෑනුන්ට ද සොරි ඩොට් කොම් ය. ගෑනු හුටපටයකට පොරෝ පහර කෑවේ බාල මලයා ය. ඩඩ්ලි මලයා ගුවන් හමුදාවෙන් පැනගිය හොරෙකි. ඌ දැන් කොළඹ කැසිනෝ කිං ය. අද වනවිට තරු හෝටල් සහ නයිට් ක්ලබ් වැඩිම ගණනාවක් හිමි ලාංකිකයා වන්නේ ඩඩ්ලි සිරිසේනය .ගන්ජා ගසා පාසි කුඩා වෙරලේ අඩ නිරුවතින් නාන ගෑනුන්ගේ ෆොටෝ ගැනීමට ගොස් ගුටි කෑවේ දහම් පුතාය.ජනපති වූ පසු ඌ ඔය කෙලිය කිරීමට ගොස් නයිට් ක්ලබ් වල ගුටි කෑවේය .මතට තිත පියා දුවට බාර් ලයිසන් දුන්නේය, ඇය ඇඩ්වටසින් කියා බිලියන ගනනින් හොරකම් කළාය , බෑනා ඉතිහාසයේ ලොකුම අල්ලස ගත්තේය.

අසූචි තැම්බකින් පතන රෝස පුසුඹ
——————————–
රටේ බලවත්ම දේශපාලන පක්ෂයක මහ ලේකම් තනතුර දක්වා සිරිසේන ‍රැගෙන ආවේ අන් කිසිවෙකු නොව නිදහස් පාක්ෂික පොඩි මිනිසුන්ය. ගමෙ ගොඩේ පොඩි මිනිසෙකු එවන් තනතුරකට පිලිගන්නා මහා දේශපාලන පක්ෂය දිවි හිමියෙන් ‍රැක ගත යුතුව තිබුනි. ගමේ ගොඩේ එකා එවන් තත්වයකට ඔසවා තැබූ නිදහස් පාක්ෂිකයන්ගේ සුභ සිහින සැබෑ කළ යුතුව තිබුනි. නමුත් පාක්ෂිකයාට හා පක්ෂයට සරම උස්සා පෙන්වූ සිරිසේන නිදහස් පක්ෂය පාවා දුන්නේය.   ප්ලේන්ටියකට  වියදම් නොකළ සිරිසේන එජාප චන්ද වලින් ජනාධිපතිවරයා බවට පත්විය . නමුත් ඔහු කිසිවෙකුට කෘතඥ නොවීය. ජනපති වූ දා පටන් පටන් එක්සත් ජාතික පාක්ෂිකයාට කෙළවීමට කටයුතු කළේ ය. ජනපති දිවිරුමේ තීන්ත වියලීමටත් කලින් ප්‍රජාතන්ත්‍රවාදයට සහ සිරිකොතට ගල්ගැසූ උන් උපදේශකයන් ලෙස පත්කර ගත්තේය. අප්පච්චි මළා කියපු උන්ට ජාතික ලැයුස්තු මන්ත්‍රී කම් දුන්නේය .සිරිසේන මොන ගේම ගැහුවත් ඔහුගේ වැදී එන හුලගක්වත් යලි එජා පාක්ෂිකයින්වත් , නිදහස් පක්ෂ පක්ෂිකයින්වත් පිලිගන්නේ නැත. ඔහු ඉතිහාසයේ අසූචි වලට වැටී හමාරය

විශේෂ ලියුම්කරුවෙකු විසිනි