යෝෂිත ගේ විවාහය සහ නිළ ඇඳුම් නාඩගම

රාජපක්ෂ පුත්තු කවදත් කලේ සිය බොළඳ හීන සඳහා මේ රටේ සම්පත්, නීතිය සහ ස්වාධීනත්වය විහිලුවට ලක් කිරීමයි. විටෙක දළදා මාලිගාව ඉදිරිපිට නිරුවත් ගැහැණු සමග රේස් පැද්ද අතර විටෙක බිලියන ගණන් නාස්ති කොට රොකට් යැවූහ.

මේ කෝලමේ අලුත්ම කථාංගය ජනාධිපති සිරිසේනගේද ආශිර්වාදයෙන් අද ගාලු මුවදර හෝටලයේ රඟ දැක්වීය.

යෝෂිත ගේ විවාහය සහ නිළ ඇඳුම්  නාඩගම IMG 20191003 WA0009
යෝෂිත ගේ විවාහය සහ නිළ ඇඳුම්  නාඩගම image 1686feddea

යෝෂිත සහ නිතීෂා ගේ විවාහය අද සම්භාවනීය අමුත්තන් මැද ගාලු මුවදොර පිටියේ පැවතෙද්දී, ඒ සඳහා නාවික හමුදා නිළ ඇඳුම ඇඳීමට අවස්ථාව ලැබුනේ සිරිසේන මාමාට පින් සිදු වන්නටය.

යෝෂිත ගේ විවාහය සහ නිළ ඇඳුම්  නාඩගම image 03e47c9297

CSN මාධ්‍ය ජාලයේ හිමිකම් දැරීම ඇතුළු චෝදනා කිහිපයක් නිසා සිය නාවික හමුදා තනතුර අහිමිව සිටි යෝෂිත කුමාරාව ලහි ලහියේ නැවත තනතුරේ පිහිටවූයේ නාවික හමුදා ඇඳුම හැඳ මගුල් පෝරුවට නැගීමේ සිඟිති සිහිනය සැබෑකර දීම සඳහා බව මන්ද බුද්ධිකයකු හට වුව තේරුම් ගත හැක.

සිරිසේන ජනාධිපති රටේ නීතිය සහ ගෞරවණීය ත්‍රිවිධ හමුදාව විහිලුවට ලක් කළේ මේ අයුරිනි.

-තුෂාරා වන්නිආරච්චි