ගෝටාගේ ගොට්ටන් හොර ලියවිලි හදා ජිනීවා ගොස් මාට්‍ටු

ගෝටාගේ ගොට්ටන් හොර ලියවිලි හදා ජිනීවා ගොස් මාට්‍ටු corido 1

ගුරා හිටගෙන මූත්‍රා කරන විට ගෝලයන් දුවමින් මුත්‍රා කරන්නේ යයි කථාවක් ඇත. ගෝටාබයගේ  අමනෝඥ  කලකිරියාව මහින්දට ගෙදර යාමට පාර කැපූ එක් ප්‍රධාන සාධකයකි. යුද්ධය දරුණු  වත්ම  ගෝටා  රට පැන්නේය , ඔහු හමුදාව හැර ගියේ ගෝනි සෙල්ලමකි. අයියා ජනපති වූ පසු  ඇමෙරිකන් ගෝටා ආරක්ෂක ලේකම් වූයේය. ඇමෙරිකන් ගෝටා යලි මෙරට  පුරවැසිබව ලබා ගත්තේ හොර පාරෙනි. ආරක්ෂක ලේකම් ගෝටා ලෝකේ කොහේවත් නැති සමාගමකට ඩබල් ගෙවා මිග් යානා ගත්තේය.

යුද්ධය ඉවර වූ පසු රටේ වැදගත්  අමාත්‍යංශ ගනනාවක්  ආරක්ෂක අමාත්‍යංශය යටතට ගත්තේය,  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවරාගත් ගෝටා තම හිතවතුනට හොර හැදුනුම්පත් පාස්පෝට් දුන්නේය. ඕ ලෙවල්වත් හරියට සමත් නොවූ යෝෂිත නාවික හමුදාවේ විධායක අංශයේ නිළධාරියෙකු ලෙස බදවා ගත්තේය. රටක නිතිය සියලු පුද්ගලයන්ට වඩා ඉහලින් පැවතිය යුතු යයි කීවද ගෝටා නීතියට උඩින් සිටියේය. රාජපක්ෂ පාලන කාලය පුරාවට  නීතිය අවඥාවට ලක් කල ගෝටා තමන්ට රිසි දේ කළේය.

ගෝටාගේ ගෝලයෝ  ඔහු ගිය අඩි පාරේම ගියහ.  ශ්‍රී ලංකා ගෝලීය සංසදය නම් කල්ලියක් ගෝටාබය කඩේ යන අයුරු මේ දින වල සුලභ දසුනකි. මොවුන් මිනිසුන්ගේ මුදල් ගසාකන තක්කඩි  පිරිසකි . මොවුන් ලංකාවේ රණ විරුවන් බේරා ගැනීමට ජිනීවා යනවා කියා බොරු සංදර්ශන පාමින්  මුදල් ගසාකන  දේශපාලන ප්‍රෝඩාකාරීන් පිරිසකි. මේකී හොරු ‍රැල පසුගියදා අවසන් වූ ජීනීවා සැසිවාරයට හොර ප්‍රවේශපත්‍ර වලින් ඇතුල්වී අත්අඩංගුවට පත් විය.

ගෝටාගේ ගෝලීය දේශප්‍රේමීන්  ජිනීවා එ.ජා කාර්යාලයට ඇතුල් වීමට රාජ්‍ය නොවන සංවිධානයක ලිපි ශීර්ෂ සහ අත්සන් හොරට ගසා තිබුනි. එහි හොදම කථාව වන්නේ ගෝටාගේ දේශප්‍රේමී නඩය බුද්ධ පුත්‍රයකුගේ අත්සන හොරට ගැසීමය. ගෝටාගේ ගොට්ටන් අවභාවිතාකල සංවිධානය අයත් වූයේ විතාරන්දෙනියේ කාශ්‍යප හිමිටය . උන්වහන්සේගේ අත්සන අවභාවිතා කොට ඇති බව ජිනීවා නුවර ආරක්ෂක අංශ වෙත දැන්වූයේ කාශ්‍යප හිමි විසින්මය.

පැමිනිලිකාර කාශ්‍යප හිමිද ගෝටාවාදියෙකු වීම මෙහි තවත් විශේෂත්වයකි. ඒ අනුව ගෝටාගේ ගෝලීය තක්කඩියන්ගේ කලකිරියාව ඉවසීමට බැරිම වූ තැන උන්වහන්සේ මෙකී ක්‍රියාමාර්ගය ගත්තා යයි සිතිය හැක.  එම නිසා ගෝටාගේ ගෝලීය තක්කඩි ‍රැලට නඩුව ගොඩින් බේරා  ගැනීමට ඉඩකඩක් නැතුවා නොවේ . කෙසේ වුවද කාශ්‍යප හිමි ජිනීවා වෙත යැවූ ලිපිය මේ වන විට මාධ්‍ය වෙත ලීක් වී ඇත. ලංකාවට බරපතල අපකීර්තියක් සිදුවී හමාරය

මෙම මගඩියට හවුල් වූ අය අතර  දුෂ්‍යන්ති හපුගොඩ, වසන්ත රත්න  සහ සංජීව දොඩන්තැන්න අය සිටින බව  වාර්තා වී ඇත . දුෂ්‍යන්ති යනු මුදල් වංචා කොට අංහිසක මිනිසුන් වස බොන තැනට පත් කළ ගෝල්ඩන් කී ආයතනයේ හිටපු හිටපු අධ්‍යක්ෂක හෙරකි, වසන්ත  යනු ඉතාලියෙ සිටින කුප්‍රකට මිනිස් ජාවාරම් කරුවෙකි, සංජීව දේශප්‍රේමී සළු පිළි පැලද  විදෙස්ගත් ගත  ශ්‍රී ලාංකිකයන් රවටා මුදල් ගරන හොරෙකි . ජීනීවා වැනි විද්වත් කථිකාවකදී මෙවන් හොර තක්කඩින්ට කල හැකි කාර්ය කුමක්ද යන්න මෙරටේ පුරවැසින් විමසා බැලිය යුතුය .

වාර්තා වන අන්දමට ජිනීවා වවන් කෑ මෙකී හොරු ‍රැල කළු ලැයිස්තුගතවී ජීනීවා තහනම් වීමට ඇති ඉඩකඩ බොහෝය.කෙසේ වුවද මෙවන් අමනෝඥ ක්‍රියාවන්ගෙන් සිදුවන්නේ සිංහළ ඩයස්පෝරාව දෙකේ කොළයට වැටී පන අදින කොටින්ට ඔක්සිජන් ලැබීමය

ගෝටාගේ ගොට්ටන් හොර ලියවිලි හදා ජිනීවා ගොස් මාට්‍ටු kassapa 1