බොරුවෙන් ඉපද, බොරුව ආගම කොට ගෙන, දේශප්‍රේමයේ සිංහ හම පොරවාගත් රාජපක්ෂලාගේ මැතිවරණ පිල්ලි

බොරුවෙන් ඉපද, බොරුව ආගම කොට ගෙන, දේශප්‍රේමයේ සිංහ හම පොරවාගත්  රාජපක්ෂලාගේ මැතිවරණ පිල්ලි Mahinda and Basil

නොවැම්බර් 16 පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මේ වන විට පුද්ගලයන් 38 දෙනෙකු  නාම යෝජනා භාරදී ඇත. ගෝටාබය , සජිත් සහ අනුර හැරුනු විට තවත් පුද්ගලයන් 35 දෙනෙකු ජනපති සටනට ඉදිරිපත් වී ඇත. අනෙක් 35 දෙනා ජනපති අපේක්ෂකයන් වුවද රටේ පුරවැසියන් ඔවුන් ගැන දන්නේ ඉතා අඩුවෙනි නැත්නම් කිසිවක් නොදනී. පවතින නීතියට අනුව අපේක්ෂකයෙකු පිලිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන්නේ නම් ඔහු රු 50000ක ඇපයක් තැබිය යුතුය. ස්වාධීන අපේක්ෂකයෙකු නම් රු 75000ක ඇපයක් තැබිය යුතුය. මැතිවරණ නීති වලට අනුව යම් අපේක්ෂකයෙකු ප්‍රකාශිත ඡන්ද වලින් 12.5%  වඩා අඩුවෙන් ගත හොත් ඔහුගේ ඇප මුදල රාජසන්තක වන්නේය. ඇපත් නෑ කියන්නේ මොවුන්ටය.

ඇපත් නැතිවන බව දැන ජනපති සටනට එන්නේ ඇයි?

දේශපාලනය යනු ලෝකයේ දෙවන පැරණිතම වෘත්තියයි. පෙනුමෙන් සහ  ගුණයෙන් එය ලෝකයේ පලමු වෘත්තියට බෝහෝ සෙයින් සමානය.ලංකාව වැනි රටවල් වල තත්වය තවත් පට්ටය . ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා   සුළු අපේක්ෂකයන් මිලදී මිලදී ගනියි. සුළු අපේක්ෂකයෝ මුදලට  විකිනෙන කෑලිය. ඔවුන් ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනාගේ ඕනෑම කොන්ත්‍රාත්තුවක් ඉ‍ටු  කරයි. ඒ සදහා ඔවුන්ට  ගෙවීමක් හිමිය.එය ඔවුන්ට හොද ආදායම් මාර්ගයකි . නමුත් මේ කෙළිය රටේ පුරවැසියන් හැම එකාටම කළ නොහැක. මක්නිසාදයත් ජනපති අපේක්ෂකයෙකු වීමට පුරවැසිභාවය සහ රු 75000 තිබිම පමනක් ප්‍රමාණවත් නොවේ.  ජනපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැකි ආකාර 2කි

1. පිළිගත් දේශපාලන පක්ෂයක් හරහා  ඉදිරිපත් වීම

2. ස්වාධීනව  ඉදිරිපත් විය හැක (නමුත් ස්වාධීනව ඉදිරිපත් වීමට නම් පාර්ලීමේන්තුවේ සිටින හෝ සිටි මන්ත්‍රී කෙනෙක් විය යුතුය)

මෙවර මැතිවරණයට එන බැසිල්ගේ කෑලි

මහින්දගේ සහ බැසිල්ගේ ගෝනි සෙල්ලම් අසමසමය. 2005 දී කොටින්ට සල්ලි දී දෙමල චන්ද වර්ජනය කිරීම නොවන්නට මහින්ද පරාදය. 2009 මැතිවරණයේදී හො‍ටු පෙරාගෙන අමුතු කථාවක් කීවේය .  ෆොන්සේකා බටහිර කුමන්ත්‍රණයක් බවත් එහි ඉලක්කය තමා විදුලි පු‍ටුවේ හිදුවීම යයි  කීවේය. 2015 මැතිවරණය අභියෙස ගෝපි නමින් කොටි නායකයෙකු නිෂ්පාදනය කළේය. 2015 දී මහින්ද චන්ද පොලට ගියේ සිරිසේන ඩමියක් සමගය. මෙවර මැතිවරණයට ඉදිරිපත් වන සුළු අපේක්ෂකයන් බොහොමයක් බැසිල්ගේ කෑලිය. එනම් ඔවුන් රාජපක්ෂලාගේ ඉත්තන්ය. එම ඉත්තන් අතර ප්‍රධානතම ඉත්තන් දෙදෙනෙකි . පලමුවැන්නා, දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ පක්ෂ සාමාජික හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී  එම්.කේ.සිවාජිලිංගම්ය. අනෙකා නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාය.

ප්‍රභාකරන්ගේ හොල්මන සහ මහින්ද

සිවාජිලිංගම් යනු දෙමළ ජනයාගෙන් ප්‍රතික්ෂේප වී උන් හිටි තැන් අහිමිව ඇති  දේශපාලකයෙකි . දැන් ඔහු කරන්නේ රාජපක්ෂලා සමග ඩීල් දැමීමය. එවා එසේ මේසේ ඩීල් නොව නොව කෙස් කෙලින් කරන ඩීල්ය.එලාර නොමැති නම් දු‍ටුගැමුණු නිකමෙකි. කැමති වුවද අකමැති වුවද ලෝක ධර්මතාවය  එලෙසය. ප්‍රභාකරන් නොමැති නම් මහින්ද නිකමෙකි. එහෙයින් ප්‍රභාකරන්ගේ හොල්මන වුවද  මහින්දට සම්පතකි. සිවාජිලිංගම් රගපාන්නේ ප්‍රභාකරන්ගේ භූතයා භූමිකාවය. ප්‍රභාකරන්ගේ භූතයා මහින්දගේ නිෂ්පාදනයකි.  සිවාජිලිංගම් මහවිරු සැමරුම්,  ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම් සංවිධානය කරන්නේ එහෙයිනි.  පසුගිය වසරේ  ප්‍රභාගේ  උපන්දිනය සැමරීමට ගොස් මොහු පොලිස් අත් අඩංගුවට පත් විය. ඔහු සතුව තිබුනේ රු 200 බටර් කේක් එකකි , නමුත් එය දකුණට මහා ප්‍රවෘත්තියක් විය. මෑතකදී සිවාජිලිංගම් ජිනීවා ගොස් රට 4 කඩනවා කීවේය. මේවා සියල්ල මහින්දගේ නාටකය.

බැසිල්ගේ නරි නාටකය ගැන බිද හෙල නොහැකි  සාක්ෂි

මහින්ද – සිවාජිලිංගම් ඩීල් එක  තහවුරු කිරීමට ප්‍රභල සාක්ෂියක් ඇත. 2015 වසරේ පැවති මහ මැතිවරණයට මහින්ද තරග කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. කුරුණෑගල යනු  වැඩිම සිංහල බෞද්ධ  බහුතරයක් සිටින සහ  අඩුම දෙමළ ජන කොටසක් සිටින  දිස්ත්‍රික්කයයි. 2015 මැතිවරණයට සිවාජිලිංගම් තරග කලේද කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. සිවාජිලිංගම් ප්‍රභාකරන් භූතයා පෙන්වා මහින්දගේ ඡන්ද ගොඩ වැඩි කළේය.  මුළු දිස්ත්‍රික්කයෙන්ම සිවාජිලිංගම්ට ලැබුනේ චන්ද 91කි. සිවාජිට ලැබුනු චන්ද 91න්  79 ක් සිංහල චන්දය. එම ඡන්ද සියල්ල බැසිල්ගේ ගෝලයන් දැමූ ඒවාය. එම විස්තර නම් ගම් සහිතව ලියුම්කරු සතුය. තවද සිවාජිලිංගම් යනු ප්‍රභාකරන්ගේ මස්සිනා නොවේ .ඔහු ප්‍රභාගේ මස්සිනා බව කියන්නේ මහින්දගේ මාධ්‍ය විසිනි. සිවාජිලිංගම් යනු ප්‍රභාගේ උදහසට ලක්වී සිටි ටෙලෝ සාමාජිකයෙකි.

අත්තර්ජාතික කරලියට ගිය සිවාජි – මහින්ද ගෝනි සෙල්ලම

මෑතකදී  සිවාජිලිංගම් ගෝලීය සිංහල සංසදය සමග ජිනීවා එක්සත් ජාතින්ගේ මූලස්ථානයෙදී  බහින් බස් වූයේය. සිවාජිලිංගම්  එහිදී රට දෙකට නොව 4ට කඩනවා කීවේය. එකී ආරවුල   දෙරණ සහ හිරු රටට පෙන්වූයේය. ජනයා මේවා බලා ලේ රත් කර ගත්හ. නමුත් මහින්ද කළේ කොටි නැගිටිනවෝ නාටකය පෙන්වා ජනයා ගොනාට ඇන්දවීමය . චීන ව්‍යාපෘති වලින් හොරකම් කිරීම සහ රට ණය උගුලක සිර කිරීම නිසා මහින්දගේ දේශප්‍රේමී පින්තාරුවට හානි වූ බව අවිවාදිත කරුනකි . යලිත් ජනයාගෙන් ”චාන්ස්” එකක් ලබාගත හැකි එකම ”පොයිට්” එක කොටි හෝ අයි.එස් බිල්ලෙකු පෙන්වීමය . ජිනීවා වලදී රට හතරට කඩනවා කියූ සිවාජිලිංගම් මෙන්ම දේශප්‍රේමි ගෝලීය සංසදය යයි කියා ගන්නා කල්ලියද මහින්දගේ ඉත්තෝ වෙති.

සිවාජිලිංගම් සහ  දේශප්‍රේමි ගෝලීය සංසදය යයි කියා ගන්නා කල්ලිය   ජනයා ඇන්ද වීමට ජිනීවා වල පෙන්වන නාටක (වීඩියෝව බලන්න) – http://sinhala.adaderana.lk/news.php?nid=106308

මොවුන්ගේ ගෝනි සෙල්ලම් පිලිබද ඊ නිවුස් ලිපිය – https://m.facebook.com/story.php?story_fbid=2527819220616561&id=219430344788805

හිස්බුල්ලාගේ පැටිකිරිය

ජනපතිවරණයට නාම යෝජනා දුන්  බැසිල්ගේ අනෙක් ප්‍රධාන ඉත්තා  හිස්බුල්ලාය. හිස්බුල්ලාට ශරියා විශ්ව විද්‍යාල හැදීමට අවසර දුන්නේ මහින්දය , බිලියන ගනනින් සෞදියෙන් මුදල් ගෙන්වීමට දුන්නේ මහින්දය.නමුත් බොහෝ දෙනෙකුට හිස්බුල්ලා කාගේ ඉත්තෙක්ද යන්න ගැන වැඩි අවබොධයක් නැත.අන්තවාදීන් ආරක්ෂා කොට සමාන්‍ය මුස්ලිම් ජනයා අනාරක්ෂිත කළේ මහින්දය . තමා මහින්දගේ පිල්ලියක් බව  පාස්කු බෝම්බ තේරීම් කාරක සභාව හමුවේදී හිස්බුල්ලා පිලිගත්තේය. නිකමෙකු වූ සහ්රාන් ත්‍රස්තවාදියෙක් බවට පත් කලේ සිරිසේන හෝ රනිල් නොවේ. එය කළේ රාජපක්ෂලා විසිනි. සිවාජිලිංගම් සහ හිස්බුල්ලා යන දෙදෙනාම කරන්නේ නියත වශයෙන්ම සජිත්ට හිමි මුස්ලිම් ඡන්ද කැඩීමය. හිස්බුල්ලා සහ සිවාජිලිංගම් යන දෙදෙනාම  රෑ දනියෙල් දවල් මිගෙල් චරිත රගපෑවද හිස්බුල්ලා ඉන් ඔබ්බට ගොස් 2 මනාපය ගෝටාබයට දීමට සූදානම්ය.

උපුටා ගැනීම ලංකා ඊ නිවුස්