මැදමුලන පවුලේ හදිසි රැස්වීමක් – මහින්දගේ කථාවෙන් අභ්‍යන්තර කවයේ කම්පනයක්

මැදමුලන පවුලේ හදිසි රැස්වීමක් – මහින්දගේ කථාවෙන් අභ්‍යන්තර කවයේ කම්පනයක් image255780fd 4b92 4e7f b3fc 039e6e9be05f

එක්සත් ජාතික  සංධානයේ මංගල ‍රැළිය ඊයේ  ගාළු මුවදොරදී අවසන් විය. එය මෙතෙක් එහි පැවති සාර්ථකම ජන ‍රැලිය බව  බව පක්ෂ විපක්ෂ කාගේත් මතය විය.එ.ජා.ප ‍රැලිය තුල වූ උද්‍යයෝගය සහ එහි සාර්ථකත්වය මහින්දට වාර්තාවීමත් සමග කිසිවෙකු සමග කථා බහක් නොමැතිව නින්දට ගිය මහින්ද  අද දිනයේ  පවුලේ අයට සහ   අභ්‍යන්තර කවයට පමනක්  පමනක්  සීමා වූ ‍රැස්වීමක් කැදවා තිබුණි.

වෙනදාට  කාගේ හෝ අම්මා මතක් කොට  මෙවැනි ‍රැස්වීම් පටන් ගන්නා මහින්ද අද කථා කලේ හැගීම් බර ස්වභාවයකිනි. බැසිල් දෙසට හැරුනු මහින්ද ” මදෑ,  අපි යූ.එන්.පී  එක හතරට කැඩෙන කම් බලාගෙන හිටියා” කියමින් කථාව  පටන් ගත්තේය. මහින්ද කථාව අවසන් කළේ ගෝටා ගැන කෙස් කෙලින් කරන නවතම ප්‍රවෘත්තිය ඔවුන් හමුවේ තබමිනි.” ගෝටබයට  වෛද්‍යවරු කියල තියෙනව මූමන්ට්ස් ලිමිට් කරන්ඩ කියලා, ඩොක්ටස්ලා ගෝටගේ රිවිව් කාඩ් එකේ ලියල තියෙනව මේ විදියට ගියොත් එයාල වගකීමෙන් බැහැර  වෙනව කියලා ” මහින්ද බැරෑරුම් ස්වරයෙන් කීවේය .

මහින්ද පොහොට්‍ටුවේ මංගල ‍රැලිය සහ එ.ජා සංධානයේ මංගල ‍රැලිය ගැනද කථා කළේය .‘‘මම ඊයේ අර සේමසිංහයටයි  චන්ද්‍රසේනයට බැන්නේ අපරාදේ ( සල්ගාදු පිටියේ සෙනග මදි යයි කියා මීට පෙර දිනයේ මොවුන් දෙදෙනාටම මහින්ද අසභ්‍ය ලෙස බැන වැදී තිබුනි) මුන්ට බැනල වැඩක් නෑ, මකලා අඹන්ඩ ඕනේ” . මහින්දගේ මතය වූයේ  පොහොට්‍ටුවේ සංවිධායකන් කැමරා ඉදිරියේ රගපෑමට, කථා පැවැත්වීමට මිස  වැඩක් හරියට කරගැනීමට දැනුමක් නොමැති පිරිසක් බවය.

ගෝටා මුහුන දුන් සැත්කම සහ එහි ස්වභාවය පිලිබදව අප මීට පෙර ලිපියක සවිස්තරව ලියා ඇති අතර එය දැන් සැබෑවක් වී ඇත. පවුලේ උදවිය සහ හිතවතුන්  ගෝටාගේ සෞඛ්‍යය තත්වය ගැන කම්පනයට පත්ව සිටියද මහින්ද කම්පනයට පත්ව සිටියේ ඒ පිලිබදව නොවේ. මහින්ද කම්පනයට පත්ව සිටියේ ඊයේ පැවති එ.ජා සංධානයේ මංගල ‍රැලිය පිලිබදවය, ඔහුගේ සහ නාමල්ගේ දේශපාලන අනාගතය පිලිබදවය . ගෝටාගේ අසනීපය පවුලේ උදවියට සහ හිතවතුන්ට  අදුරු වලාවක් වුවද මහින්ද  එහි දු‍ටුවේ  රීදී රේඛාවකි.මක්නිසාදයත්  එවැනි තත්වයක්දී බලපත්වන තීතිමය තත්වය පිලිබදව  මහින්ද සිය නීති සගයාගෙන් විමසීමක් කල බව විශ්වාස කටයුතු ආරචි මාර්ග වලින් අප වෙත වාර්තා විය.

විශේෂ තොරතුරු වාර්තාකරුවෙකු විසිනි