ජලනිට එරෙහිව බිහිසුණු කුමන්ත්‍රණයක්, පක්ෂයට වින කරන පොල් කුරුමිණියන් – කොටස් අංක 1

ජලනිට එරෙහිව බිහිසුණු කුමන්ත්‍රණයක්, පක්ෂයට වින කරන  පොල් කුරුමිණියන් – කොටස් අංක 1 sajith

ජනපති සිරිසේන යනු එක් ‍රැයකින් වීරයෙකු වූ චරිතයකි . 2014 නොවැ 14 දින පොදු අපේක්ෂකයා ලෙස  නම් කිරීමත් සමග එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඔහු වීරයෙකු විය. ජනවාරි 8 දූෂිත රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමත් සමග මුලු ලෝකයටම ඔහු  වීරයෙකු විය. සැබැවින්ම සිරිසේන යනු අත්පොලසන් වර්ෂාවක් මැද වේදිකාවෙන් බැස යා හැකිව තිබු නායකයෙකි. සැම කල්හි ලොව ගෞරවාදරය දිනා ගත හැකිව තිබූ නායකයෙකි. නමුත් ඒ කිසිවක් සිදුවූයේ නැත. දිවුරුමේ තීන්ත වේලීමටත් ප්‍රථම ඔහු ගුනමකුවෙකු බව එ.ජා පාක්ෂිකයන්ට තේරුම් ගියේය. සිරිසේන තවත් එක් කෛරාටිකයෙකු බව ලෝක ප්‍රජාවට අවබෝධ විය. මෙකී පසුබිම තුල පරිහානියට පත් වූයේ සිරිසේන පමනක් නොවේ, රටද පරිහානියට පත් විය.

අද කථාවට පූර්විකාවක්

රටට සහ සිරිසේනට අත්වූ මෙම විනාශයට වග කිව යුත්තේ කවුද ? මීට පිළිතුරු සෙවීමේදී   සිරිසේනගේ පවුලේ වෛද්‍යවරයා  වරෙක කී කථාවක් සිහිපත් කල යුතුය.  සිරිසේන යනු තමන්ගේ උත්සාහයෙන් ඉහලට ගිය අයෙකි. නාමික සම්බධතාවයක් මිස ඉන් එහා බැදීමක් පවුල සමග තිබී නැත . ඔහුගේ විවාහ ජීවිතයද එසේමය. සිරිසේනගේ ජීවිතය තුල වූ මෙම හිඩස පිරවූයේ පිටස්තරයන්ය. සිරිසේන මෙහෙය වූයේ එකී පිටස්තරයන්ය . ඇමති කාලේ ලේකම්වරු ඔහු මෙහෙය වූ අතර , ජනපති වූ පසු උපදේශකයන් මෙහෙය වූයේය.  ධරනීගේ පෙම්වතා ලොරියකට යටකලේ ලේකම්වරයෙකුගේ සැලසුමට අනුවය. ජනපති සිරිසේන බලු කලේ ඔහුගේ උපදේශකයන්ය.  පවුලේ උදවිය සමග කිට්‍ටු සබදතාවයක් වූයේ නම් මෙම ඉරණම අත් නොවන බව වෛද්‍යවරයාගේ මතය විය.

සජිත් දේශපාලනයේ යාවජීව පුරුක කවුද?

අප මේ කථාව කීවේ අද කථාවට පූර්විකාවක් ලෙසිනි. සජිත් ප්‍රේමදාසගේ ජීවිතයේ සහ දේශපාලනයේ යාවජීව පුරුක ජලනි ප්‍රේමදාසය. මේ දිනවල ජලනි ප්‍රේමදාසට එරෙහිව දැඩි විරෝදයක් දියත් වීඇත. එය රාජපක්ෂ කදවුරෙන් දියත් වූවක් නොව සජිත්ගේ හිතවතුන් කියා ගන්නා උන් විසින්ම දියත් කල එකකි. යම් හෙයකින් ජලනි සජිත්ගෙන් ඈත් කල හොත් ඊනියා උපදේශකයන්ට රික්තය පිරවිය හැක. ඔවුන්ට අවශ්‍ය පරිදි සජිත් මෙහෙය විය හැක. ජලනි යනු දේශපාලන චරිතයක් නොවේ. යම් අඩුපාඩුවක් ඇත්නම් කල යුත්තේ එය නිවරදි කර ගැනීම මිස පින්තූරයෙන් ඇය ඉවත් කිරීම නොවේ. ජලනී එරෙහි ප්‍රතිරෝදය මෙහෙය වන්නේ සිරිසේන විනාශ කල උපදේශක කල්ලිය විසින්මය

මංගල සහ චම්පිකගේ  යලි පිළිසකර කල හොහැකි තැන

ජලනීට එරෙහි කුමන්ත්‍රනය පි‍ටුපස තවත් කථාවක් ඇත. මංගල සහ චම්පික යනු අගමැති  සිහිනයේ වෙලී සිටින චරිත දෙකකි. ශ්‍රී ලංකාව වැනි පෙරදිග සංස්කෘතියක් හිමි රටක ස්වාමි පුරුෂයා සහ බිරිද සංකල්පයට අමිල වටිනාකමක් හිමිය.  නමුත් මේ දෙපොලටම භාර්යාවන් නොමැත. එය ඔවුන්ගේ දේශපාලන ගමනේ විශාල හිඩසකි. චම්පික සහ මංගල කරන්නේ තමන් තුල ඇති එකී හිඩස පුරවා ගැනීම නොව අනෙකා තුලද එකී හිඩස ගොඩනැගීමට කුමන්ත්‍රන කිරීමය. ජලනීට එරෙහි මඩ මෙහෙයවන ප්‍රධානතම හස්තය මංගල සමග සිටින වෙබ් ගෝඩ් ෆාදර් ලෙස හදුන්වා ගන්නා පුද්ගලයෙකි. ඔහු පිලිබද කෙස් කෙලින් කරන හෙලිදරව්වක් ලගදීම ඉදිරිපත් කිරීමට නියමිතය.

පක්ෂය  ඇතුලට රිංගාගෙන ඇති පොල් කුරුමිණියන්

එක්සත් ජාතික පක්ෂය ලංකාවේ තනි  විශාලතම දේශපාලන බලකො‍ටුව වුවද එහි අඩුපාඩු රාශියකි. අවම මට්ටමේ මාධ්‍ය බලයක් හෝ පක්ෂය  සතු නොවීම එක් ප්‍රධානතම අඩුපාඩුවකි. එ.ජා ප අද  දුවන්නේ මංගල සහ චම්පික සතු මාධ්‍ය බලයෙනි . නමුත් මොවුන් දෙදෙනාම එක්සත් ජාතික පාක්ෂිකයන් නොවේ. මොවුන් දෙදෙනා ”අතන මෙතන රතන” වැනි උන්ය. තවද එ.ජා පක්ෂය යනු  වෙබ් ත්‍රස්තවාදීන්ගෙන්  යැපිය යුතු පක්ෂයක් නොවේ. පොල් කුරුමිනියා පොල් වගාවට මාරාන්තික උවදුරකි.  කුරුමිනි උවදුරට ලක්වූ පොල් ගහක් කඩා වැටීමට ආසන්න වන තුරු හදුනා ගැනීම දුෂ්කරය.මක් නිසාදයත් පොල්  කුරුමිනියා පොල් ගසේ මතු පිට තුවාල නොකරයි. ඌ හානිය සිදු කරන්නේ  ඇතුලතින්ය. එ.ජා. පක්ෂයේ කද තුලට රිංගා ගෙන ඇති පොල් කුරුමිණියන්ගෙන් ප්‍රවේශම් විය යුතුව ඇත

ලංකා නිව්ස් ඇප් කතෲ මන්ඩලය