සරල සිරිසේන කොළඹ හතේ විශාලම ඉඩම සහ නිවස අල්ලයි – අපගේ අනාවැකිය සත්‍ය වෙයි

සරල සිරිසේන කොළඹ හතේ  විශාලම ඉඩම සහ නිවස අල්ලයි  – අපගේ අනාවැකිය සත්‍ය වෙයි sira 1

කොළඹ හතේ පිහිටි ජනපති නිල නිවස තමන් විශ්‍රාම ගිය පසු තමන්ට සින්නක්කර අයිතියට ලබා ගැනීමට  සිරිසේන විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට නිල නිවසක් සඳහා හිමිකම් පවතින බැවින් තමන් භාවිතා කරන නිවස කූට ප්‍රයෝගයකින් සින්නක්කරව ලියා ගැනීම සිරිසේනගේ අරමුන වී තිබේ. කොළඹ හත යනු ශ්‍රී ලංකාවේ ඉඩම් මිල අධිකම, ඉඩම් විකිනීමට නැති ප්‍රදේශයකි . කොළඹ හතේ නිවාස හිමි පැළැන්තිය අධිරාජ්‍යවාදී සමයේ සිට මෙරට සාම්ප්‍රදායික ධනවතුන් සහ ප්‍රභූ පන්තිය වේ. මෑතකදී සුපිරි ධනවතෙකු වූ අයෙකුට පවා කොළඹ හතේ ඉඩමක් මිලදී ඉතා දුෂ්කරය . මක්නිසාදයත් එහි ඉඩම් හිමියන් එවා නොවිකුනන නිසාය.

නැති ප්‍රභූත්වයක් ආරෝපනය කරගැනීමට සැරසෙන ගමරාල

සිරිසේනගේ පියා දෙවන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය හමුදාවේ සිටි  බැට්මන් නොහොත් ආවතේව කරුවෙකි . මහවැලි ඉඩම් ලැබී පොලොන්නරුවට පැමිනි පසු නැති ප්‍රභූත්වයක් ආරෝපනය කරගෙන  ”බැටා”  ගම්මුලාදෑනියා විය. පියා නැවැත්වූ තැන සිට සිරිසේන වැඩ ආරම්භ කළේය. සාමාන්‍යයෙන් කොළඹ හතේ එක් පර්චසයක් කෝටි පහ ඉක්මවයි. අතිශය වටිනාකමකින් යුත් මෙම නිල නිවස සින්නක්කරව පවරා ගෙන සුපිරි ප්‍රභු පැළැන්තියට එක්වීම, සිරිසේනගේ අරමුණ වී තිබේ. සහල් මාෆියාව මෙහෙයවන ඩඩ්ලි කොතරම් ධනවත් වූවද කොළඹ හත ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගැනීමට නොහැකි විය. එම නිසා පාරම්පරික ප්‍රභූත්වය ක් ආරෝපනය කර ගැනීම සදහා මෙම මන්දිරය අත්පත් කර ගැනීමට සිරිසේනයා කුමන්ත්‍රණය කරමින් සිටියි.

සිරිසේන ජනපති නිවසට අල්ලපු ඉඩමද කූට අයුරින් අල්ලාගෙන ඇත

කොළඹ හතේ පැජට් පාරේ නිල නිවස, ඇමති නිවාස දෙකක් එක් කර තැනූ අතිශය සුඛෝපභෝගි නිවසකි. මේ වන විට පැජට් පාරේ ජනපති නිවසට අල්ලපු ඉඩමද සිරිසේන කූට ලෙස අල්ලාගෙන ඇත. යම් හෙයකින් පැජට් පාරේ නිවස සිරිසේනට ලැබුන හොත් කොළඹ හතේ විශාලතම ඉඩම සහ මාලිගාව  හිමි පුද්ගලයා බවට  පොලොන්නරුවේ සරල සිරිසේන පත්වනු ඇත. මීළග කැබිනට් රැස්වීමේදි පැජට් පාරේ නිල නිවස මෛත්‍රීපාල සිරිසේන මහතාට සින්නක්කරව පැවරෙන යෝජනාව ඒකමතිකව සම්මත වීමට නියමිතව තිබේ. සිරිසේනගේ මෙම කුමන්ත්‍රණය පිලිබදව 2019 ජුනි 20 දින ලිපියකින් ‌ ටක්කයටම  කීවෙමු. එම ලිපිය කියවන්න https://www.facebook.com/lankaenews/posts/2273422792722873/ 

https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2480050928726724/?type=3&theater

අඹ ගෙඩි 7ක් කැඩූ වරදට හිරේ යන රටේ බිලියන 10 ක් කොල්ල කෑම 

මෙහි ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවන බව දේපළ තක්සේරුකරුවන් පෙන්වා දෙයි.මෛත්‍රිපාල සිරිසේන ජනපති වීමට පෙර පොරොන්දු වූයේ තමන් සුපිරි මන්දිර භාවිතා නොකර, පොළොන්නරුවේ සිය නිවසේ සිට රාජ්‍ය පාලනය මෙහෙයවන බවයි.එලෙස පොරොන්දු වූ සිරිසේන මහජන දේපලක් වන ලංකාවේ මිල අධිකම නිවස ඉඩම සින්නක්කරව අත්පත් කරගැනීමට කරන කුමන්ත්‍රණය හෙන ගහන අපරාධයකි. මැතිවරණය සම‍යේ ජනපතිවරයාගෙන් ලැබෙනා දේශපාලන සහය හේතුවෙන් අගමැතිවරයා හෝ කිසිදු ඇමතිවරයෙක්  මෙම යෝජනාවට එරෙහි වී නොමැති බව වාර්තා වෙයි