ගෝටා වැනි අයෙකු අපේක්ෂකයෙකු ලෙස පත් කිරීම ශිෂ්ඨ මිනිසුන්ට කල නිගාවකි.

ගෝටා වැනි අයෙකු අපේක්ෂකයෙකු ලෙස පත් කිරීම ශිෂ්ඨ  මිනිසුන්ට කල නිගාවකි. Gota Raja colombotelegraph1

ජනාධිපතිවරණය ජය ගැනීමට අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක් සහ තවත් එක් චන්දයක් ලබාගත යුතුය. මැතිවරණයෙදී සිංහල දෙමල මුස්ලිම් යන සියළු ජන කොටස් ඡන්දය භාවිතා කරයි. යම් අපේක්ෂකයෙකුට  සිංහළ ජන්ද වලින් පමනක් වුවද මෙකී 50% ලබා ගත හැකිය. එවන් අවස්ථාවදී ඔහු සිංහල ඡන්ද වලින් අති බහුතරයක් ලබා ගත යුතු වෙයි. එය පහත පරිදි ගනන් බැලිය හැක. එම ගනන් බැලීම ලංකාවේ ජන සංයුතියට සාපේක්ෂව සිදු වන්නකි. ලංකාවේ වත්මන් ජන සංයුතිය පහත පරිදිය . සිංහල – 74%. දෙමල 16%. මුස්ලිම් -10%.

සිංහල ඡන්ද වලින් පමනක් අපේක්ෂකයෙකුට ජය ගත නොහැකිද ?

ඉහත ජන සංයුතිය අනුව සිංහළ ඡන්ද වලින් පමනක් පමනක් ජය ගැනීමට නම්, සිංහළ 74%න් 50% හදා ගත යුතුය . ඒ අනුව 74 න් 50 ක් නම් සියයට කොපමනද යන්න බැලිය හැක. එය සෙවීමට 50, 74න් බෙදා 100න් වැඩි කළ යුතුය . ලැබෙන උත්තරය 67% කි . සූත්‍රය එසේ හෙයින් සිංහළ ඡන්ද වලින් 67% ලබගත හොත් ඔහුට වලංගු ඡන්ද සංඛ්‍යවෙන් 50% ක් ගත හැක.

ගෝටාබය හමුවේ ඇති අභියෝගය

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගෝටාබයට  සිංහල ඡන්ද වලින් පමනක් මැතිවරණය ජයගැනීමට සිදුව ඇත. දැන් බැලිය යුත්තේ ගෝටාබයට සිංහල ඡන්ද වලින් 67% ක් ලබා ගත හැකිද යන්නය. එය ගනන් බැලීමට පසුගිය පලාත් පාලන මැතිවරණයේ දත්ත විශ්ලේෂණය කළ හැක. පලාත් පාලන මැතිවරණය පුංචි ඡන්දයක් බව ඇත්තය. නමුත් පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කල ප්‍රතිශතය 80%කි. එය  ජනපතිවරණයකදී භාවිත වන ඡන්ද ප්‍රතිශතයට සමානය. ඒ අනුව පුංචි ඡන්දයේදී  නොපැමිනි පිරිසක් මහ ඡන්දයෙදී පැමිනෙනවා සිතීමට නොහැක.

නිදහස් පක්ෂ  සහ පොහොට්‍ටු හවුල යථාර්තයක්ද

ලංකාවේ වැඩිම බෞද්ධ ප්‍රතිශතයක් සිටින්නේ මොණරාගල දිස්ත්‍රිකයේය. එහි   බෞද්ධ ප්‍රතිශතය 95% කි. 2018 පාලන මැතිවරණයේදී පොහොට්‍ටුව මොණරාගලින්  ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 53 %  කි. නිදහස් පක්ෂයට ලැබුනු සියළු චන්ද පොහොට්‍ටුවට එකතු කළද ඔවුන්ට ලබා ගත හැක්කේ 63% කි. පොහොට්‍ටුව සහ සිරිසේන හවුලේ පැමිනියද ඔවුන්ට වාසිදායකම දිස්ත්‍රික්කයෙන් ලබා ගත හැක්කේ 63% නම් අනෙක් දිස්ත්‍රික්ක වල තත්වය මීට වඩා අයහපත්ය.තවද කෙස් කෙලින් කරන ඇත්ත කථාව ශ්‍රීලනිප සහායද ගෝටාබයට නැත. ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය විෂ්ලේෂණය කලද නිගමනය මීට වෙනස් නොවේ

ගනන් ඉලක්කම් සමග බොරු කළ නොහැක

2018 පලාත්පාලන  මැතිවරණයෙදී පොහොට්‍ටුව ලබා ගත් ඡන්ද ප්‍රතිශතය  42% කි. වැඩිම බෞද්ධයන් සිටින දිස්ත්‍රික්කයෙන් වත් පොහොට්‍ටුවට තම ඉලක්කය කරා යා නොහැකි විය.සුළු ජාතික සහායද නැත . ඒ අනුව 50% හදා ගැනීමට එකම විකල්පය වූයේ නිදහස් පක්ෂය සමග සංධාන ගත වීමය. නමුත් පොහොට්‍ටුවෝ පොදු ලකුනකට එකග නොවූහ . පොහොට්‍ටුව හා එක් වූ ශ්‍රීලනිප උන්ට සිදු වූයේ අනෙකකි. ඔවුන්ට ”මහින්ද හූවෙන් ”  පහර වැදුනි. තවද නිදහස් පක්ෂයේ ලොකු පළුව සජිත් සමග එක් වීමට සූදානමින් සිටියි.

මහ පොළොවේ යථාර්තය

ඉහත පැහැදිලි කළ පරිදි ගෝටාබයට  සිංහල ඡන්ද වලින් 67% ලබා ගැනීම මහ පොළොවේ යථාර්තය නොවේ.  සිරිසේන ඇතුළු නිදහස් පක්ෂය සජිත් වටා රොක් වීමද නොවැලැවිය හැක. චන්ද්‍රිකාගේ සහායද සජිත්ට හිමිය . ගෝටාබයට සුළු ජාතික ඡන්ද  ආකර්ශනය කර ගත හැකි පසුබිමක් නොමැත. ගෝටාබයට 50% හදා ගැනීම කළ නොහැක්කකි.

ගෝටාබයට සුළුජාතීන් දිනා ගත නොහැක ? ඊට ප්‍රධාන හේතු 2කි

  1. ගෝටාබය ජාතිවාදීන් පිරිසකගේ ඔඩොක්කුවේ සිටීම.
  2. සජිත්ගේ පියා සුළු ජාතිකයන් විෂයේ අමිල මෙහෙවරක් කළ අයෙකි. 89 ජනපතිවරණයේ  පොරොන්දු ප්‍රකාරව ඔහු 15 වන ආණ්ඩු ක්‍රම සංශෝධනය සම්මත කළේය. කිසියම් ඡන්ද කොට්ඨාසයකින් මන්තී‍්‍රවරුන් තෝරා පත් කර ගැනීමට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 1/8ක් ලබා ගත යුතු බවට  තිබූ නියමය 1/20 ක් දක්වා පහත හෙළනු ලැබීය. මෙයින් සුළු ජන දේශපාලන පක්ෂවල නියෝජනය සහතික කරනු ලැබීය. තවද පසුගියදා වතු කම්කරුවන්ට 1500ක් දෙනබව සජිත් කීවේය.

ගෝටාබයගේ ඉරණම

කරුණු එසේ හෙයින් ගෝටාබයට සිංහළ ඡන්ද වලින් 67% ලබා ගත නොහැක. සුළු ජාතිකන් දිනා ගැනීමද කල නොහැක්කකි. මහින්ද හූව, විමලේ , මධුමාධව , පැන්ෂන් ගිය ආමි කාරයන්,ඥාන අක්කා ගෝටාබයට  කරන්නේ සුළු ප‍ටු හානියක් නොවේ. ගෝටාගේ කැම්පේන් එක මෙහෙයවන චිචී , බිචී කල්ලිය  කරන විනාශයද එලෙසමය. සිංගප්පූරුවක් හදනවා කියමින් සෑම සතියකම අනුරාධපුරයේ ඥානක්කාගේ දේවාලයට රිංගන  ගෝටා මිත්‍යා දුෂ්ඨිකයෙකි  . අසාර දේ සාර ලෙස ගත් මිත්‍යා දුෂ්ඨික ගෝටාබයගේ පරාජය නියතයකි. මහ දවල් මිනී මැරූ, අමු අමුවේ  මහජන මුදල් මුදල් කොල්ල කෑ ගෝටා වැනි අයෙකු අපේක්ෂකයෙකු ලෙස පත් කිරීම ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ට කල නිගාවකි.

හිටපු බුද්ධි අංශ නිළධාරී කීර්ති රත්නායක