කන්ජිපානි,පොට්ට නව්ෆර් සහ වෙලේ සුදා හදිසියේ බූස්සට මරු කලේ ඇයි- මැතිවරණයට කුඩු සල්ලි ගත් හැටි මෙන්න

කන්ජිපානි,පොට්ට නව්ෆර් සහ වෙලේ සුදා හදිසියේ බූස්සට මරු කලේ ඇයි- මැතිවරණයට කුඩු සල්ලි ගත් හැටි මෙන්න 29072015 130826394403385758 slm cmy

කුඩු ව්‍යාපාරිකයන් සහ රාජපක්ෂ දේශපාලනය ගහට පොත්ත මෙනි. ගෝටා කුඩු ව්‍යාපෘතියේ රං කිරි කට ගෑවේ දුමින්ද සිල්වා ඇසුරු කිරීමෙනි . ගෝටා එම ඇසුරින් පසු හෙරොයින් ජාවාරම පිලිබදව අනුගමනය කළේ ගොනා සහ තණ කොළ ප්‍රතිපත්තියකි. ලංකාවේ හෙරොයින් වෙළදාම  ‘‘ලෝකල් මාර්කට් ” සහ ”ට්‍රාන්සිට්” ලෙස දෙආකාරය. අසූ අනූ ගණන්වල ලංකාවේ පැවතියේ ලෝකල් කුඩු මාකට් එකක් පමනි.රාජපක්ෂලා පැමිනි පසු  ලංකාව කුඩු බෙදා හැරීමේ ජාත්‍යන්තර හබ් එකක් බවට පත් විය. ගෝටා ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම් කරුවන් දක්වා සම්බන්ධතා වැඩි දියුණු කර ගත්තේය.

ලංකාව හෙරොයින් ට්‍රාන්ස්සිට් හබ් එකක් බවට පත් වීම

බහුල වශයෙන් ලංකාවට  හෙරොයින්  පැමිනෙනේ බංගලාදේශයේ සිටය. කුඩු එවන ව්‍යාපාරිකයන් සියල්ලන් මුස්ලිම්ය. හෙරොයින්  ට්‍රෝලර් බෝට්‍ටු වල සගවා  ජ්‍යත්‍යන්තර මුහුදු සීමාවට ගෙන ආ විට ලංකාවේ සිට ක්‍රියාත්මක වන ට්‍රෝලර් වලට  හුවමාරු වීම සිදුවෙයි. මෙකී ජාවාරමට ගෝටා යටතේ ක්‍රියාත්මක වූ ඇවන්ගාඩ් සමාගමේ අත් උදව්  ලැබුනි. ට්‍රෝලර් බොට්‍ටු හිමි ලන්සා , ප්‍රසන්න , මිල්ෆර් ගපූර් වැනි උන්   කුඩු බිස්නස් කරනවා කියන්නේ නිකම් නොවේ.ගොඩ බාන කුඩු වලින් ඉතා සුළු කොටසක් ”ලෝකල් මාකට් ” එකට යන අතර වෙනත් රට වලට යවන ඒවා සිමෙන්ති කොට්ට ප්‍රමාණයෙන් සගවා තබයි. ට්‍රාන්සිට් කුඩු කියන්නේ මේවාටය .ගෝටා ට්‍රාන්ස්සිට් කුඩු නම් ”කමක් නෑ” කියන්නේ මේනිසාය.

මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් සහ ආරක්ෂක ලේඛම් ගෝටා

මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් ආසියාවේ කුඩු බෙදාහරින එක් ප්‍රභල පෙලේ ව්‍යාපාරිකයෙකි. 2003 වසරේ සිට ලංකාවේ ආරක්ෂක අංශවල ”වෝන්ටඩ් ” ලැයිස්තුවේ මොහුගේ නම තිබුනි. නමුත් ගෝටාගේ පැමිණිමත් සමග තත්වය වෙනස් විය. ගෝටා මෙම පුද්ගලයා සමග කිට්‍ටු ඇසුරක් පැවැත්වූයේය . ඔවුන්ට වී.අයි.පී ආරක්ෂාව ලබා දුන්නේය . ගෝටා ලංකාව ආසියාවේ  හෙරොයින් හබ් එක බවට පත් කළේ මෙවැනි පුද්ගලයන්ගේ සහායෙනි..

ගෝටාබයට ඉෆ්තාර් පාටි දුන් කුඩු මිල්ෆර්

ගෝටාගේ කාලයේ රණවිරුවන්ට අනුග්‍රහය දක්වමින් සෙල්වම් නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කළේය. මෙම චිත්‍රපටය සදහා මුදල් වියදම් කලේ මොහොමඩ් මුබාරක්ය. ‘‘සෙල්වම්’’ මුහුරත් උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ ගෝටා සහ ඔහුගේ බිරිදය. හෙරොයින් ජාවාරම නිසා මරණ දඬුවම නියම වී සිටින සියාම් විවාහ වි සිටින්නේ මොහොමඩ් මුබාරක්ගේ සොයුරිය සමඟය. ගෝටාබයට ප්‍රථම ඉෆ්තාර් පාටි එක දුන් මිල්ෆර් හාජියාර්ද කුඩු ජාවාරම් කරුවෙකි.

එජාප බලකො‍ටුවක් වූ කොළඹ ජය ගැනීමට කුඩු ගෝඩ්ෆාදර්ලා යෙදවූ හැටි

2010 මැතිවරණයේ රාජපක්ෂලාගේ ප්‍රධාන අනුග්‍රාහකයන් වූයේ කුඩු ව්‍යාපාරිකයන්ය. එජාප බලකො‍ටුවක් වන කොළඹ කුඩු  ගෝඩ්ෆාදර්ලාගේ හයියෙන් ජය ගැනීමට රාජපක්ෂලා උත්සාහ කලහ. විශේෂයෙන් කුඩු ගෝඩ්ෆාදර්ලා   මැද කොලඹ දියත් කළ මෙහෙයුම කෙස් කෙලින් කරන සුළු විය. භාරතගේ ඝාතනය නිසා  කුඩු දේශපාලනය මදක් හකුලා ගැනීමට රාජපක්ෂලාට සිදු විය. නමුත් එය කුඩු දේශපාලනයේ නැවතීමක් නොව  විරාමයක් පමනක් විය.

කන්ජිපානිගෙන්, පොට්ට නව්ෆර්ගෙන් සහ වෙලේ සුදාගෙන් කුට්ටියක් ගැලවූ හැටි

රාජපක්ෂවාදී ජේ.පො.අ ප්‍රසන්න අල්විස් මෑතකදී කන්ජිපානි ඉම්රාන්ට උපන්දින සාදයක් පැවැත්වූයේය. ජෝන් අමරතුංග සහ නාලක සිල්වා ඩුබායි වලදී හමු වූ බවට ප්‍රකාශයක් ගැනීම් ඔහුගේ අරමුන විය. ඒ ගෝටා-සිරිසේන ඝාතනයට රනිල් පැටලවීමටය.  සැප් මස මුලදී  කන්ජිපානි , පොට්ට නව්ෆර් සහ වෙලේ සුදා හදිසියේ බූස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමක් සිදුවිය.මෙය රාජපක්ෂවාදි නිලධාරීන් ගේ මෙහෙයුමක් විය. වෙලේ සුදා සහ කන්ජිපානි බන්ධනාගාරයේ සිට කුඩු ජාවාරම මෙහෙය වන අතර ඔවුන්ගෙන් කුට්ටියක් ගැලවීම බූස්සේදී සිදුවිය. අද බැසිල් කෝටි ගනනින් බෙදන මුදල් අතර කුඩු මුදල්ද ඇතුලත්ය.

හිටපු බුද්ධි අංශ නිළධාරී කීර්ති රත්නායක

One thought on “කන්ජිපානි,පොට්ට නව්ෆර් සහ වෙලේ සුදා හදිසියේ බූස්සට මරු කලේ ඇයි- මැතිවරණයට කුඩු සල්ලි ගත් හැටි මෙන්න

Comments are closed.