අජාසත්ත පුතානෝගේ සහ දේවදත්ත පාඨලීගේ ඊලග මෙහෙයුම

අජාසත්ත පුතානෝගේ  සහ  දේවදත්ත පාඨලීගේ ඊලග මෙහෙයුම images 1

සජිත් මෙරට දේශපාලනයේ හිට් වූයේ ප්‍රේමදාසගේ පුතා වීම නිසාවෙනි. ඔහු රෝයල් කොලීජියට ගියද   ඕ ලෙවල් වලට එහා ගමනක්  යා නොහැකි විය. වැඩි දුර අධ්‍යාපනයට එංගලන්තයට ගියද එය සාර්ථකව නිම කිරීමට ඔහු අපොහොසත් විය. අගනුවර කුලයන් සමග පෑහීමට සුදුසු ප්‍රතිරූපයක්, පෞරුෂයක්   තනා ගැනීමට සජිත්ට නොහැකි විය. සජිත් තමන්ට පෑහිය හැකි ලැවරිය කාරයින්, රේන්ද කාරයින්, රෙදි අපුල්ලන් සොයා හම්බන්තොටට සැපත් විය.සජිත් වේදිකාවේ  කළේද  ‍තෝරාගත් ගැලරියක් පිනවීමය. සජිත් යන චරිතයේ ඇතුලාන්තය දකිනවාට වඩා වෙනස් එකකි.


2014 ඌව පළාත් සභා මැතිවරණය සමයේද සජිත් ප්‍රේමදාස එජාප නායකත්වය ඉල්ලා අරගල කළේය. නමුත් ඌව පළාත් සභාව දිනවා පෙන්වන ලෙස දුන් අභියෝගයගෙන් ඔහු ලිස්සා ගියේය . ඕනෑම අභියෝගයක් බාර ගැනීමට සූදානම් යයි කියූ සජිත්ට ඇල්පිටිය මැතිවරණ අභියෝගය බාර දුන්නේය. එයින්ද ඔහු ලිස්සා ගියේය. ඉන්පසු 2019 ජනපති අපේක්ෂකත්වය දුන්නේය.සජිත් අත්න පරාජයට ලක්විය. එජාපයෙන් පොල්ල්ලක් දැමුවද සජිත්ට වඩා චන්ද ගත හැකිව තිබුනි.

2019 ජනපති සටනට සජිත් පැමිනියේ ස්ව කැමැත්තෙන් නොව සිරිසේන ,මංගල,කිලී, චම්පික වැනි පිරිස් දුන් ලනු නිසාය. එජාපය හයි ජැක් කිරීමට මාන බැලූ පිරිස් බලල් අතක් ලෙස භාවිතා කළේ සජිත්වය. කිලී , මහින්ද, සිරිසේන වැනි පිරිස්  මේ අතර ප්‍රධානය. මැතිවරණය පරාජය වූ සජිත් දැන් චම්පික විසින් හයි ජැක් කොට ඇත. චම්පික සජිත්ගේ කරපිටින් 2025 ජනපති අපේක්ෂකත්ව සිහිනය ජය ගැනීමට සැලසුම් කොට ඇත. චම්පික යනු රාජපක්ෂලා විසින් සිංහල ජාතික බලවේගය තම නමට ලියා ගැනීම නිසා අනාථ වී  ඇති දේශපාලකයෙකි.

චම්පිකට මෙවර එජාපයෙන් තරග කොට  පාර්ලීමේන්තු  ඒම පවා අභියෝගයකි. ඒබව හොදින් දන්නා චම්පික සජිත් යොදාගෙන එජාපය දෙකඩ කිරීමට මාන බලයි. බිදී යන එජාපයේ කොටසක් ජාතික හෙල උරුමයට පූට්‍ටු කිරීම ඔහුගේ සැලසුමය. රවි, රනිල්  ඇතුලු පිරිසට අවලාද නගමින් එජාපය බිදවීමේ කුමන්ත්‍රන මෙහෙයවන්නේ චම්පිකය. සැබැවින්ම සජිත්ගේ කැම්පේන් එක අවුල් කළේ අමුවෙන් මඩ ක්‍රීඩා කළ රාජිත  මංගල වැනි උන්ය. කරුණු එසේ හෙයින් චම්පික ගෝල බාලයන් දමා රනිල් වෙත නගන චෝදනා බුද්ධියෙන් විමසා බැලිය යුතුය.

මැතිවරණයේදී සුළුජාතික ජන්ද තමා වෙත ඒකරාශී කරදෙන මෙන් සජිත් රනිල්ගෙන් ඉල්ලුවේය. ගමේ ඡන්ද ගැන සජිත් සහ චම්පික බලාගන්නම් කීවේය. තමා ජයග්‍රහනය කල පසු  නව අගමැතිවරයෙක් පත් කරන බවත් නව අගමැති චම්පික බවත් ඉගි කලේය. සජිත් චම්පික මේ සියල්ල කලේ ගම පිනවීමටය.නමුත් අවසානයේ රනිල්ට බාරදුන් අභියෝගය වූ දෙමළ මුස්ලිම් මුස්ලිම් ඡන්ද ඒකරාශී කිරීම තිතට සිදු විය. සජිත් චම්පික බාර ගත් කොටස මුලු මනින් අසාර්ථක විය. ඇතුලත සිටිමින් එජාපය නැමති මහා වෘක්ෂය විනාෂ කරන පොල් කුරුමිණියන් ගැන තීන්දුවක් ගත යුතුව ඇත.

දැන් ගෙවී යන්නේ අතිශය තීරනාත්මක හෝරාවකි. එජාපය කල්ලි ගැසී ඇති මේ මොහොතක පාර්ලීමේන්තු මැතිවරණය ගැසට් කල හොත් රාජපක්ෂලා ලෙහෙසියෙන් තුනෙන් දෙක බලය ගනු ඇත. දැන් එජාප ඉදිරි පෙලේ නායකයන් කළ යුත්තේ සජිත් වැනි පඹයන්, චම්පික වැනි දේශපාලන අනාථයන්ගේ ඉල්ලීම ඉ‍ටු කිරීම නොවේ. විශේෂයෙන් චම්පික වැනි කුමන්ත්‍රණකරුවන්ගෙන් එජාපය ආරක්ෂා කළ යුතුය .දැන් සජිත් රනිල් නොවන වෙනත් නායකයෙකු තාවකාලිකව පත් කොට පර්ලීමේන්තු මැතිවරණයට මුහුණ දීමට පුළුල් සංධානයක් ගොඩ නැගිය යුතුය . එකී සංධානයට ජවිපෙ ඇතුල් කර ගැනීමට වග බලා ගත යුතුය

By තුෂාරා වන්නිආරච්චි

One thought on “අජාසත්ත පුතානෝගේ සහ දේවදත්ත පාඨලීගේ ඊලග මෙහෙයුම

  1. Aniwaarayenma..ithaa ikmanin kalauthu deyak , lesai maa meya dakinnee , eya kala heki, sudusuma pudgalayaa ,Karuu Jjayasooriya , bawai , mata hengennee..

Comments are closed.