රනිල් බැස යයි – එජාපයේ නව නායකයා හෙට

රනිල් බැස යයි – එජාපයේ නව නායකයා හෙට karu

කලාවැව හෑදූ  ඉන්ජිනේරුවා භරණ නම් විය. නුවර කලාවියේ කලාවැව තැනීමට මුල්ගල තබන විට භරණ 74 වියැති වූයේය.  කලා වැව සහ අවුකන පිළිමය තනා නිම කරන විට භරණ 85 වියැති ජ්‍යෙෂ්ඨයෙකු විය. එදා භරණගේ වයස පිළිබදව මිනිසුන් වද වූයේ නම් අද කලාවැවක් හෝ අවුකන පිළීමයක් මිහිපිට නොමැත.


අප 2009 වසරේ සිදුවූ යුධ ජය ග්‍රහනයේ  සාක්ෂි කරුවන් වෙමු. එකී විජයග්‍රහනයට දායක වූ පාර්ශව බොහොමයකි.  යුද්ධයේ තීරණාත්මක හෝරාවේදී  මහින්දගේ ආන්ඩුව වැටෙන්න යන විට  යුධ පෙරමුණට ශක්තිය දුන්නේ කරු ජයසූරිය විසිනි. කරුගේ  දේශපාලන තීන්දුව නොවන්නට අප මේ කියවන ඉතිහාසය මීට වඩා වෙනස්ය. 

පසුගිය වසරේ   ඔක්තෝබර් ඇතිවූ දේශපාලන ව්‍යාකූලත්වයේදී කරුගේ එඩිතර බව සහ නායකත්වය යලිත් කරලියට පැමිණියේය. තීරණාත්මක නිමේෂයේදී කරු ස්වකීය භූමිකාව නිර්භීත ලෙස ඉටු කළේය. එය  මහා පෞරුෂත්වය ඔද වැඩුණු භූමිකාවක් විය. නිර්භීත එඩිතර අවංක නිවැරදි තීන්දු තීරණ නිසා දැවැන්ත විනාශයක් රට තුළ වළක්වා ගැනීමට හැකි විය.


 ‘දෙයක් වේ නම්, සුදුස්සාටම එය ලැබිය යුතුය’    රටක දේශපාලකයන් ඕනෑ තරම් සිටිති. දුර්ලභ වන්නේ අවංක සහ දක්ෂ පුද්ගලයන්ය . කරු ජයසූරිය යනු එවැනි අවංක සහ දක්ෂ දේශපාලකයෙකි. කරු යනු  ධනයේ සහ බලයේ පට්ටන්දර වලින් හිස උදුම්මා නොගත්  අසිරිමත් මිනිසෙකි

නුවර කලාවියේ යසට හැදුන වැඩුණ කුඹුර පෝෂණය කිරීමට ඇළ දිගේ පැමිණි වතුර වැවට අයිති බව වැව දිනක කියන්නේ නැත . ඇළ ද වී කරල්වලට එය නොකියනු ඇත.වැව එලෙසම හෙටද වතුර දෙනු ඇත , වැව විසල්ය, නිහඬයි, ගැඹුරුයි. කරුගේ දේශපාලන පරිචයද එවැනිය.

lankanewsapp.com editorial

තුෂාරා වන්නිආරච්චි

One thought on “රනිල් බැස යයි – එජාපයේ නව නායකයා හෙට

  1. Pasugiya kaalaya thuladii , kotheknam deewal kiwwaada , eheth awasaanayee siduwuuyee kumakda ,kisima dawasaka balaaporoththu nowuu , ashoobhana vidihata , dewentha paraajayak athvindinna wunaa , ewageema , pakshaya methek durata rekagena aapu , Ranilwa siyaluma thanathuru walin panna damaa etha..Mee thamai UNP ekee awasaanay,gasaka mudun mula kapaa demma kiyanne,ema gasee awasaanayaii..Dan , Karuuwa idiriyata genenna hadanawaa,noboodinakin , ohutada athwanne , Ranilta wuna deyamai..Thushaa..oyaa digatama liyanna,oyaa eekata dakshai,eeth athiithaya amathaka karanne nethnam , hungaak hondai..Jayaweewaa.

Comments are closed.