උපාසක චම්පිකගේ දේවදත්ත කෙරුවාව

උපාසක චම්පිකගේ දේවදත්ත කෙරුවාව download 3

මෙය ලාංකීය දේශපාලන පිටියේ චම්පිකගේ මීලග  කූටප්‍රාප්තිය පිලිබද සටහනකි. චම්පික යනු ගණන් ඉලක්කම් සමග දේශපාලනය කරන අයෙකි. සජිත් මැතිවරණයෙන් පරාජයට පත්වූදා චම්පික අමුතුම ආකාරයේ  පුරෝකථනයක් කළේය . චම්පිකගේ ගණන් හැදීම අනුව රාජපක්ෂලා සිංගප්පූරුවක් තැනුවද ඉදිරි ජනාධිපතිවරණයකදී ඔවුන් පරාජය කළ හැක

ජාති, ජරා, මරණ වලින් කිසිවෙකුට ගැලවිය නොහැක. මහින්දගේ වයස 74 කි , ඊලග මැතිවරණයදී ඔහු 80 වියැති මහල්ලෙකි. බොහෝවිට ඔහුට ඇවිදීමට කථා කර ගැනීමට නොහැකි වනු ඇත. ගෝඨාභය යනු බයි පාස් සැත්කමක් කොට ඇති පුද්ගලයෙකි. පැය 24 පුරා පීඩනයක් දෙන දේශපාලනය වැනි කාර්යක නිරත වීම  ඔහුගේ සෞඛ්‍යට ඉදුරාම අහිතකරය. ගෝඨා සහ මහින්දගෙන් පසු  අනුප්‍රාතිකයා වීමේ සිහිනය, බැසිල්ට කිසි දිනක සපුරා ගත නොහැක. මක්නිසාදයත් ඔහු සිංහළ බෞද්ධ පෙරමුණට එරෙහි අයෙකි.

චම්පිකගේ ගණන් බැලීම අනුව මහින්ද සහ ගෝඨා යන දෙදෙනාටම 2025 න් එහාට දිවිය නොහැක. බයියන් පර සක්වල ගසමින් දැගලුවද 2025 න් ඔබ්බට  දේශපාලනය තීන්දු කරනුයේ  ජාති, ජරා මරණ යන  ලෝක ධර්මතාවය විසිනි. ගෝඨා සහ මහින්දගෙන් හිස්වන ජාතික ව්‍යාපාරය සියතට ගැනීම චම්පිකගේ සැලසුමය. නමුත් එජාපය සමග සිටිය හොත් ජාතික ව්‍යාපාරය තමන් සතු කරගැනීම චම්පිකට පහසු නැත.

චම්පිකගේ සැලසුම එජාපයෙන් කොටසක් කඩා නව දේශපාලන පෙරමුනක් ගොඩ නැගීමය. තවද ඉදිරි පාර්ලීමේන්තු මැතිවරණයෙන් පසු හකීම් සහ රිෂාඩ් යන දෙදෙනාම රාජපක්ෂ ආන්ඩුවේ කොටස් කරුවන් වීම වීම නිසැකවම සිදු වනු ඇත . එම තත්වයද චම්පිකගේ ඉදිරි සැලසුමට වාසි සහගතය

සජිත් – චම්පික ප්‍රමුඛ නව දේශපාලන පෙරමුණේ 2020 පාර්ලීමේන්තු මැතිවරණ නාම යෝජනා ලැයිස්තුව මේ වන විට  සැකසෙමින් පවතියි. පක්ෂ නායකම , විපක්ෂ නායකම සියල්ල දෙනවා කීවත් සජිත් සාකච්ඡාවට නොපැමිනෙන්නේ එහෙයිනි  . දැන් පවතින තත්වය අනුව එජාපය දෙකඩ වීමට වැඩි ඉඩ කඩක් ඇත.

බැදුම් කර සිද්ධිය පාර්ලීමේතුවට ඉදිරිපත් කිරීමද චම්පික සජිත් ප්‍රමුඛ එජාප කැරලිකරුවන්ගේ  කුමන්ත්‍රණයකි. බැදුම්කර සිද්ධිය පාර්ලීමේන්තුවට ඉදිරිපත් කොට රනිල්ගේ ප්‍රතිරූපය බිද දමා එජාපය දෙකඩ කිරීම සාධාරනීකරණය කිරීම ඔවුන්ගේ උත්සාහය වී ඇත. තවද එජාපය දෙකඩ වීමෙන් පසු රනිල්ගේ පාර්ශවය වෙත බැදුම කර චෝදනාවෙන් දමා ගසා එජාප පාක්ෂිකයන් දිනා ගැනීමට චමිපික-සජිත් කල්ලිය සැලසුම් කොට ඇත

ඉක්මනින් පාර්ලීමෙන්තු මැතිවරණයකට ගොස්   චම්පික සහ සජිත් කල්ලියෙන් එජාපය බේරා ගැනීම සිරිකොත පෙරමුනේ සැලසුම වී ඇත. ඊලග සභාවාරය ආරම්භවූ පසු විශේෂ බහුතරයේ  කැමැත්තෙන් පාර්ලීමේන්තුව විසුරුවීමට  ඉඩක් ඇත.  සජිත් – චම්පික කුමන්ත්‍රණ වල අවසාන ප්‍රතිඵලය  රාජපක්ෂලාට ඊලග පාර්ලීමේන්තුවේ 2/3 පහසු ඉලක්කයක් වීමය