ගෝටා මහින්ද සීතල යුද්ධය කරළියට – ආරක්ෂක අමාත්‍යංශය ඉල්ලා ගෝඨා උසාවි යයි

ගෝටා මහින්ද සීතල යුද්ධය කරළියට – ආරක්ෂක අමාත්‍යංශය ඉල්ලා ගෝඨා උසාවි යයි gotabhaya mahinda

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වුවද ඔහුට කිසිදු අමාත්‍යාංශයක් තමා යටතේ තබා ගත නොහැකිය. ආරක්ෂක අමාත්‍යාංශය පවා ජනාධිපති යටතේ තබා ගත නොහැකිය. ඒ බව 19 වන සංශෝධනයේ 51 වන අවසන් වගන්තියේ ඉතාම පැහැදිලිව දැක්වේ. 

නමුත් විධායක ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාවේ අණ දෙන්නාය යන කොටස 19 ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙනස් නොවින. යුද්ධය හා සාමය ප්‍රකාශයට පත් කිරීමේ බලතල පවතින්නේද විධායක ජනාධිපතිවරයාටය.

එනම් පැහැදිලිවම 19 ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මතභේදාත්මකය.  19 වැනි සංශෝධනයේ අපහැදිලි තත්වයක් පවතින හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථනිරූපනයක් ලබා ගන්නා ලෙස ගෝඨා  සිය නීති සගයන්ට දැනුම් දී ඇත.

මහින්ද සහ ගෝඨා අතර සීතල යුද්ධයක් ඇති බව රහසක් නොවේ. තුනෙන් දෙකක බලයක් ලද හොත් 19 අහෝසි කරන බව ගෝටා කෙලින්ම කීවේය. 19 අහෝසි කලහොත් සුපිරි බලැති විධායකයා ගෝඨා වන අතර මහින්ද  පියන් තනතුරට පත් වෙයි.

මේ වනවිට රාජ්‍ය ආරක්ෂක ඇමති ලෙස චමල් පත්කොට ඇති අතර අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ආරක්ෂක අමාත්‍යාංශයට ආයතන 36 පවරා ඇත. ආරක්ෂක ලේකම් ලෙස කමල් ගුණරත්න පත් කොට ඇත්තේ  ගෝටාගේ අභිමතය පරිදිය.

 ශවේන්ද්‍රගේ පත්වීමට එ.ජා මහලේකම් විරෝධය පල කොට ඇති පසුබිමක කමල් ගුණරත්න වැන්නෙකුට ආරක්ෂක ලේකම් තනතුර දීම ගැන මහින්ද විරෝධය දක්වා තිබුනි. මහින්දගේ තර්කය සනාත කරන සිදුවීමක් පසුගියදා වාර්තා විය .

කමල්  ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කළ බව දන්වමින් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා පිටු 100 ක විමර්ශන වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබුනි. එලඹෙන පෙබ මස ජිනීවා මානව හිමිකම් මීලග සැසිය පැවැත්වීමට නියමිතය