චම්පිකගේ රිය අනතුරේ මුල මැද අග

චම්පිකගේ රිය අනතුරේ මුල මැද අග accident

අවලමේ යමින් වාහන හප්පා ගත් ප්‍රභූන් බොහෝය. එවැනි අවස්ථා  වලදී නීතිය නවා  ප්‍රභූවරයා  පලා යාම මෙසිරි ලංකාවේ නිතර සිදුවන්නකි. ගුවන්හමුදා පතිවරයෙකු වූ ජයලත් වීරක්කොඩි එවන් තක්කඩියෙකි. හිල්ටන් හෝටලයේ පැවැති ගුවන් හමුදා සාදයක් අවසානයේ බීමතින් රිය පදවා ඔහු අනතුරක් කරගත්තේය .

ඔහු අනතුරට ලක් වූයේ නිලානි දියදාවගම නම් ගුවන් හමුදා නිළධාරිනිය සමග රිය පදවන අතරතුර මොනිකා ලෙවෙස්කි කිරීම නිසාය.  මෝටර්රථය ලොරියක ගැටී නතර වූ පසු ඉන් එලියට පැමිනි වීරක්කොඩි  නි.පො බෝධි ලියනගේට කථා කලේය. ඒ සමගම බො‍රැල්ල පොලීසියේ සාජන් රත්නායක එතැනට පැමිනියේය. ‘සර් ඔක්කොටම ඉස්සරවෙලා කලිසමේ සිප් එක දාගෙන ඉමු නේද ! සාජන්  කථාව පටන් ගත්තේ එලෙසිනි.

කට ගොන්නක් බී අනග ‍රැගුම් පාමින් ගොස් වාහනය හප්පා ගත් වීරක්කොඩි පසුව කීවේ  වෙන කථාවකි.  රිය අනතුර සම්පූරනයෙන්ම යට ගැසූ වීරක්කොඩි වරද පිළිගැනීමට ගුවන් හමුදාවෙ  රියදුරෙකු  බො‍රැල්ල පොලීසියට  යැවීය. සිරස රූපවාහිනියේ ශ්‍රී රංගාද මෙලෙසම රිය අනතුරක් කොට පලා ගියේය.

2016 වසරේදී  රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු පැදවූ යතුරු පැදියක් ඇමති පාඨලී පැදවූ වාහනයක ගැ‍ටුනි. එම සිදුවීමත්  සමග රිය අනතුර ගැන  ගැන විවිධ කථා මතුව ආවේය . වාහනය චම්පික පැදවූ බවත් එහි නදීෂා හේමමාලි සිටි බවට එක් කථාවක් විය. තවත් අය කීවේ චම්පික සමග සිටියේ නදීෂා නොව නිලුපුලී දිල්හාරා බවය.

කථාවල ඇත්ත නැත්ත නිෂ්චිත නොවූ පසුබිමක ඇමැති පාඨලී කථා කියන්නන්ට අපහාස නඩු ගොනු කළේය. ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ඇතුළු පිරිසක්ද ඒ අතර විය. නඩුව විභාගයට ගැනීමත් සමග දෙපාර්ෂවයෙන්ම කෙස් පැලෙන තර්ක ඉදිරිපත් විය. චම්පිකද උසාවියට ගෙන්වූ අතර ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබීය. ඇමැති චම්පිකට  විත්තියේ නීතිඥවරුන් යොමු කළ හරස් ප්‍රශ්න හා ඔහු දුන් පිළිතුරු මෙසේය.

විත්තියේ නීතිඥ – 
මේ සිද්ධියේදී ඔබට අපහාසයක් වුණා කියනවා. නමුත් ඔබට අපහාසයක් වීමට තරම් ඔබ කීර්තිමත් පුද්ගලයෙක් නොවෙයි නේද?

ඇමැති චම්පික – පිළිගන්නේ නැහැ.

විත්තියේ නීතිඥ – විදුලි බල මණ්ඩලය අසාර්ථක වුණ නිසා නේද තමා 2012 වසරේදී ඇමැති ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ?

ඇමැති චම්පික  එය ප්‍රතික්‍ෂේප කරනවා.

විත්තියේ නීතිඥ – රාජගිරියේ රිය අනතුර, ප්‍රසිද්ධ නිළියක් සම්බන්ධයෙන් වන ප්‍රචාර ගැන බලපුවහම මේ නඩුවට අදාළ සිද්ධිය පොඩි දෙයක් නේද?

ඇමැති චම්පික මාධ්‍ය ඔස්සේ එක එක දේවල් කියනවා. පිළිගන්නේ නෑ.

විත්තියේ නීතිඥ – ඔබ ගැන බරපතළ චෝදනා සමාජයේ තිබෙන විට සුළු සිද්ධියකට මෙවැනි නඩුවක් පවරා ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීමට නේද?

ඇමැති චම්පික  මේ රටේ නිදහස් මාධ්‍ය නැහැ. එවැනි මාධ්‍යවේදීනුත් නැහැ. මාධ්‍ය මාෆියාවක් තමයි තිබෙන්නේ. සමාජ ජාල වෙබ් අඩවිවලින් මඩ ගහනවා.

එදා වීරක්කොඩි අතින් සිදුවූ රිය අනතුර යට ගැසීමට ගොනි සෙල්ලමක් නොපෑවේ නම් ඔහුට හමුදාපති කම ආරක්ෂා කර ගත හැකිව තිබුනි. වැඩේ ගැස්සුනේ ඔහු දැමූ ගෝනි සෙල්ලම් නිසාය. චම්පිකට අත්වන්නේද එම ඉරනමය. මෙම සිදුවීමෙන් චම්පිකගේ දේශපාලනයට යලි පිලිසකර නොහැකි හානියක් සිදුවීම කිසිවෙකුට වැලැක්විය නොහැක. චම්පිකගේ මුලුමහත් දේශපාලනයම  කුණු වීමට මෙම සිදුවීම ප්‍රමානවත්ය