Its a simple accident ! සංදීප පැපරාසියෙකු යයි සිතා අනතුරට පත් කළාද ?

Its a simple accident ! සංදීප පැපරාසියෙකු යයි සිතා අනතුරට පත් කළාද ? sand

චම්පික පැදවූ ජීප් රථය සමග ගැ‍ටුනු සන්දීප් සම්පත් මේ වන විට ආබාධිත තත්වයට පත්ව ඇත. කර්ම ප්‍රවාහයට හසුවූවෙකු සුළගේ පාවෙන පඩ‍රැලා පතක් මෙන් අසරණය. මෝටර් බයික් තරුණයන් අතර කලාවකි. විශේෂයෙන් අධි ධාරිතාවයෙන් යුතු බයික් තරුණ ප්‍රජාව වෙලාගත් වසංගතයකි. ලංකාවේ අධි ධාරිතාවයෙන් යුතු බයික් වලට සීමා පනවා තිබුනද ලොකයේ ඇතැම් රටවල එය කිසිදු නියාමනයකට ලක් කොට නොමැත. ඇතැම් රටවල බයික් පැදීමේදී හෙල්මට් පැලදීමවත් අවශ්‍ය නැත.

සන්දීප් සම්පත් මෙවන් බයික් එකක් ඉල්ලා දෙමාපියන්ට කරදර කෙරුවාට සැක නැත. දෙමාපියන් අසරණ වූවාට සැක නැත. සංදීපගේ සහ ඔහුගේ දෙමාපියන්ගේ අවාසනාවට එලෙස අරගෙන දුන් බයික් එක අවලමේ ගිය චම්පිකගේ ජිප් රථය හා ගැ‍ටුනි. සන්දීප් තමා ලුහුබදින පපරාසියෙකු යයි සැක කොට, චම්පික විසින් සන්දීප් හිතා මතා අනතුරට පත් කලා වූවා වුවද විය හැක

අනතුර සිදුවූ පසු සංදීප් සහ ඔහුගේ මිතුරන් කීවේ අදාල ජීප් රථය පැදවූයේ ඇමති චම්පික බව තමන් සියසින් දු‍ටු බවය. නමුත් චම්පික කලේ අනතුර වූ ස්ථානයෙන් පලා ගොස් වරද බාරගැනීමට වෙනත් රියදුරෙකු එවීමය. මේ වන විට චම්පික වෙනුවෙන් වරද බාරගත් රියදුරා වූ දිලුම් තුසිත කුමාර පොලිස් අපරාද පරීක්‍ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වරදක් කොට නීතියෙන් පලා ගියද කර්ම ප්‍රවාහයෙන් පලා යා නොහැකි බව උපාසක චම්පික නොදන්නවා විය නොහැක. දිට්ඨ ධම්ම වෙදීනීය කර්ම ලෙස මේ භවයේම පල දෙන්නේ ඉතා සුළු වූ වැරදි පමනි. චම්පිකගේ ගිණුමේ වැඩිමනක් ඇත්තේ මේ භවයේ පල නොදෙන අපරාපරිය කර්මයන්ය. 88 -89 කාලයේදී චම්පික හිතුනු හිතුනු අතට ජනතා විමුක්ති පෙරමුනේ තරුණයන් පාවා දුන්නේය. සිය බඩ වියත වෙනුවෙන් තලේබාන් පන්නයේ බෞද්ධ අන්තවාදයක් රෝපනයේ කලේ ඔහුය. පසුව ගෝටා විසින් හයි ජැක් කළේ එකී ව්‍යාපෘතියය.

ආබාධිත වූ තම පුතා දෙස බලමින් වරදකාරී හැගීමෙන් සංදීප්ගේ දෙමාපියන් හෙලන සුසුම් වලට මිනිසුන් සංවේදී විය යුතුය. මක් නිසාදයත් සංදීප්ගේ කථාව හෙට ඕනෑම දෙමාපියෙකුට සිදුවිය හැක . සසර එතරම් බිය කරුය .

ජනපද නිරුක්තියට ගරු කිරීම අත්හල නොහැකි වගකීමකි. ශිෂ්ඨ සම්පන්න මිනිසුන් සංදීප්ගේ කදුළු කථාව කියවා බැලිය යුතුවා සේම නීතිය නිසි ආකාරව ක්‍රියාත්මක කරන්නේ නම් එය චම්පිකගෙන් පටන් ගත්තාටද කම් නැත.