අපේක්ෂිත ඇප අහිමිවූ රාජිත පංච නින්දාවෙන් සජිත්ට බැන වදියි

අපේක්ෂිත ඇප අහිමිවූ රාජිත පංච නින්දාවෙන් සජිත්ට බැන වදියි rajitha

මේ ගෙවී යන්නේ  69 ලක්ෂයක් ජනයා  සාතිශීය  කුතුහලයෙන් කල් ගෙවන  හෝරාවකි. මෙසිරි ලංකාවේ බහුතරයක් රාජිත සේනාරත්න අත් අඩංගුවට පත් වන  තෙක් දෑස් දල්වා බලා සිටියි. ටොයියන් පරසක්වල ගැසුවද සුදු වෑන් කථාවේ ගොඩ් ෆාදර්ලාට ගැලවීමක් නැත. රාජිතට  අපේක්ෂිත ඇප  අහිමි වීම එහි නිමිත්තකි. ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වීමත් සමග සජිත්ට කථා කොට ඇති රාජිත දොස් මුරයක් නගා ඇත. රාජිත කියන ආකාරයට සුදුවෑන් කථාවට සම්බන්ධ පුද්ගලයන් රාජිත වෙත එවා ඇත්තේ සජිත් විසිනි.

ජනාධිපතිවරණයට පෙර ආබාධිත රණවිරුවන් කිහිප දෙනෙකු කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක් කළේය. මෙම සත්‍ය ග්‍රහය සංවිධානය කලේ ඉහලට යාමේ නීල මදන අසහනයෙන් පෙලෙන කුප්‍රකට නීතීඥ අජිත් ප්‍රසන්නය. සත්‍ය ග්‍රහ භූම්යේ වැඩ බලන්නා වූයේ හමුදාවෙන් ඉවත් කල පුද්ගලයෙකු වූ ලුතිනල් අසේල ධර්මසිරිය. කෙසේ වුවද රණවිරු සත්‍යග්‍රහය සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයට අහිතකර අන්දමින් බලපෑවේය. සත්‍ය ග්‍රහ භූමියට ගොස් ඔවුන් සමග යම්  ගනුදෙනුවක් කිරීමේ අවශ්‍ය තාවය සජිත් තුල විය

ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ලබා දීමට ගෙන ආ කැබිනට් පත්‍රිකාව මුදල් ඇමති  මංගල අල කළ බවට කථාවක් විය . එම  නිසා සජිත්ට අභිමත අයුරින් සත්‍ය ග්‍රහ භූමියට  යා හැකි පසුබිමක් නොවින. ‘හූ’ කියනු ඇතැයි  සජිත් බිය විය. මේ අතර රංජිත් මද්දුම බන්ඩාර සහ ශ්‍රියානි විජේවික්‍රම හරහා  සත්‍යග්‍රහ භූමියට යාමට පොටක් පාදා ගැනීමට සජිත්ට හැකි විය.  අසේල  ඔවුන්ගේ ගම් පලාතේ අයෙක් විය. ඔවුන් තැනූ පාලම හරහා සජිත් සත්‍යග්‍රහ භූමියට ගියේය. සිරිසේන සමග කථා කොට රණවිරුගැටලු වලට විසදුම් දෙන බවට සජිත් පොරොන්දු විය

අජිත් ප්‍රසන්න සත්‍යග්‍රහය සංවිධානය කලද ඔහුගේ වැඩ වලට  ගෝටාගේ අනුමැතියක් නොවින. නමුත් රණවිරු ඉල්ලීම් වලට විසදුම් ලබාදී සජිත් ලකුණු දාගනු ඇතැයි මහින්ද බිය විය. සජිත් පැමින පැය කිහිපයකින් මහින්ද සත්‍යග්‍රහ භූමියට ආවේය. මහින්දගේ පැමිනීමෙන් පසු සත්‍යග්‍රහය අවසන් කරන ලෙස අජිත් ප්‍රසන්න ඉල්ලීමක් කළේය. සති 3ක් තිස්සේ කළ  උපවාසය වාසියකින් තොරව  අත්හැරීම අවුලක් විය. සජිත්ගෙන් යම් වාසියක් ගත හැකිව තිබුනු බව අසේලගේ මතය විය. අසේලගේ මතයට කිහිප දෙනෙකු පක්ෂ වීමත් සමග සජිත් සමග එක් වීමට තීන්දු විය.

සජිත් කල ඉල්ලිමකට අනුව අසේල ඇතුලු පිරිවරට නවාතැන් සහ වාහන සැපයීම රාජිත සේනාරත්නට බාරවිය. රාජිතට රණවිරුවන් සමග මාධ්‍ය හමුවක් පැවැත්වීමට උපදෙස් දුන්නේද සජිත්ය . සජිත්ගෙන් අසේලට මිලියන ගනනින් මුදල් ලැබුනද ඔහු සමග පැමිණි අබාධිත සෙබලුන්ට ලැබුනේ රු 25000කි. දින කිහිපයකින් අබාධිත සෙබල තේජා තමන්ට හරියට මුදල් ගෙවූයේ නැතැයි කියා පිල් මාරු කළේය. ඒ සමගම  කට්ටඩි ඩෑන් ප්‍රියසාද්  අසේලගේ  හඩ පටියක්  ”ලීක් ” කලේය. අසේලගේ අවඥා සහගත හමුදා පැටිකිරියද ලීක් විය. අසේල සායම ගිය හිවලා බවට පත් විය.

අසේල  සජිත්ගෙන් මුදල් ලබා ගත්තේ ජාතික බලවේග සහ රණවිරුවන් කැම්පේන් එකට සම්බන්ධ කරනවා කියමිනි. ඒ කිසිවක් ඔහුට කළ නොහැකි විය. අසේලගේ කැ‍රැට්‍ටුව වේදිකාවේ තියා ගැලරියේ තැබීමට වත් සුදුසු නොවින. අසේල දිනෙන් දින බාල්දු විය. යලි පොරක් වීමට  සිතූ අසේල සුදු වෑන්, පැහැර ගැනීම්, කප්පම් ගැනීම් ගැන අළුත් කථා මාලාවක් ආරම්භ කළේය. සුදු වැන් කථාවේ නිර්මාතෘ රාජිත නොව අසේලය. . ”සුදු වෑන් ස්ටෝරියට” මාධ්‍ය හමුවක් පවත්වන ලෙසට උපදෙස් දුන්නේ සජිත්ය. ඒ අනුව රාජිත  සහ චම්පික  අඩුම කුඩුම එක් කොට අසේලගේ සුදු වෑන් කථාව  කරළියට ගෙන ආවේය.