රංජාගේ කේස් එකෙන් සිස්ටම් චේන්ජ් ගෝඨාගේ රෙද්ද කැඩෙයිද?

රංජාගේ කේස් එකෙන් සිස්ටම් චේන්ජ් ගෝඨාගේ රෙද්ද කැඩෙයිද? maxresdefault

අද දින 50 දෙනෙකුගෙන් පමන සමන්විත පොලිස් බල ඇණියක් යොදවා පාර්ලීමේන්තු මන්ත්‍රී රන්ජන් අත් අඩංගුවට ගත්තේය, ඔහුගේ නිවසට පොලීසිය ඇතුල් වූයේ නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කල සෝදිසි වරෙන්තුවකට අනුවය. රන්ජන්ගේ නිවස පරීක්ෂා කිරීම පිළිබදව පොලීසිය විසින් කථානායකයා දැනුවත් කොට තිබුනි.

රන්ජන්ගේ ගෙදර සිදුවන දෑ සමාජ ජාලා හරහා සජීවිව නැරඹිය හැකි විය. ඒ අනුව බලපත්‍රය අළුත් නොකල ගිණි අවියක් සහ අසභ්‍ය වීඩියෝ දර්ශන සහිත තැටි තොගයක්  අත්අඩංගුවට ගන්නා අයුරු දැක ගත හැකි විය .

සෝදිසි මෙහෙයුම දියත් වන අතර තුර ලංකා ඊ නිවුස් ආයතනය විසින් රන්ජන් සජීවීව සම්බන්ධ කොට ගත් අතර, රාජාසන කථාව සිදුවන අතර තුර ජනාධිපතිවරයාට ආචාර නොකළේද යන්න විමසූවේය. නමුත් රන්ජන් කීවේ එවැන්නක් සිදු නොවූ බවය. රන්ජන් දුන් පිළිතුරෙන් ඊ නිවුස් ආයතනයද අපහසුතාවයට පත් විය.

රන්ජන් ඊයේ එනම් 3 දා ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න හමුවී තමා බේරාගන්නා ලෙසා ඉල්ලා ඇත. තවද මේ දිස්වන්නේ කිසියම් කථාංගයක ට්‍රේලක් බවද ඉදිරියේදී චිත්‍රපටිය නැරඹිය හැකි බව රන්ජන් කීවේය.

නිවස සෝදිසි කරන  අතර තුර  රන්ජන් හැසිරුණු ආකාරයෙ නිරීක්ෂණය කල බොහෝ දෙනෙකුට රන්ජන්ගේ   ”බොඩි ලැන්වෙජ්”  එක ගැටලුවක් විය. නිවස සෝදිසි කරන අතරතුර රන්ජන් නිතරම කියනවා ඇසුනේ ” මල්ලි … තාම නම් මොනවත් සොයාගෙන නෑ..” යනුවෙනි.එනම් මොනවා හරි තියෙනව ඇතුලේ තාම ගත්තේ නෑ කියන එක නොවේද

රන්ජන්ගේ සහායට සජිත් පිලේ කිසිවෙකු ආවේ  නැත. හරින් ආවේ අන්තිම ගැට්ටේදීය .මුල සිටම ආශූ මාරසිංහ රන්ජන් සමග විය. රන්ජන් ඊයේ ආරක්ෂක ලේකම් හමුවී තිබූ නිසා සහ රංජාගේ හැසිරීම සැක සහිත නිසා මෙය රන්ජන් දැනුවත්ව සහ කමල් ගුනේ මං පොර වීමට කල මෙහෙයුමක් විය හැක

යම් කිසි හෙයකින් රන්ජා අත් අඩංගුවට ගත්තේ හුදෙක් බල පත්‍ර නොමැති අවියකට සහ බ්ලූ ‍ෆිල්ම් කිහිපයකට නම් ගෝඨාගේ රෙද්ද කැඩෙනු ඇත .මක්නිසාදයත් මෙම ජෝගියට එරෙහි පලමු ගල ගසන්නේ සිස්ටම් චේන්ජ් අපේක්ෂාවෙන් ගෝටාට චන්දය දුන් මිනිසුන්මය

යම් හෙයකින් වැඩේ අල වූවොත් කනපුරා කුනුහරුප පූජාව ලැබෙන්නේ දේශපාලනය එහි ඩීල් ගැන ගැන අන්දොසසරක් නොදන්නා හුලගට තරු ගැසූ කමල් ගුනේටය. පියවි සිහියට පත් නොවුන හොත් නුදුරේදීම කමල් ගුනේට කෙලවී අළුත් ආරක්ෂක ලේකම් කෙනෙකු පත්වීමට ඉඩ ඇත