කේරළ පොලිස් මුර පොලට පහර දුන් අයි.එස් කල්ලිය ලංකාවට !

කේරළ  පොලිස් මුර පොලට පහර දුන්  අයි.එස් කල්ලිය ලංකාවට ! map

වර්තමානය වන විට ඉන්දියානු භූමිය අයි.එස් බීජ ගොවිපොලක් බවට පත්ව ඇති බව පසුගිය ලිපියකින් අප පෙන්වා දුන්නෙමු. කාර්ෂ්මීරයෙන් ලඩක් වෙන් කිරීම , මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීම, අයෝධ්‍යා හින්දුන්ට පැවරීම සහ ජාතික පුරවැසි පනත යන සිදුවීම් ඉන්දීය දේශපාලනයට තීරනාත්මකව බලපාන බව අප කීවෙමු. අප පල කල එම  ප්‍රවෘත්තිය මේ වන විට සැබෑ වී ඇත. ජනවාරි  8 වැනිදා තමිල්නාඩු කේරල සීමාවේ පිහිටි පොලිස් මුර පොලකට ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් පහරදී එහි රාජකාරි සදහා  අනුයුක්ත  කොට සිටි උප පොලිස් පරීක්ෂක වරයෙකු ඝාතනය කොට ඇත. සහරාන් මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කිරීමට පෙර වව්නතිව් මුරපොලට පහර දුන්නේය

සී.සී.ටී.වී දර්ශන හරහා වෙඩි තැබූ ඉස්ලාමීය සටන් කාමින් දෙදෙනා මේ වන විට හදුනා ගෙන ඇත. පොලිසිය සහ හමුදාව එක්ව  පලාගිය ඉස්ලාමීය සටන්කාමීන් අත් අඩංගුට ගැනීමට පුලුල් මෙහෙයුමක් දියත් කල අතර මේ වන විට විශාල අවි ආයුධ ප්‍රමාණයක් සමගින් ඉස්ලාමීය සටන් කරුවන් 60 දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. නමුත් වෙඩි තැබූ ඉස්ලාමීය සටන් කරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට ඉන්දීය  ආරක්ෂක අංශ  මේ දක්වා අසමත් වී ඇත. ප්‍රහාරය එල්ල කළ  ඉස්ලාමීය සටන්කාමීන් ලංකාවට පලා ගිය බවට ඉන්දීය ආරක්ෂක අංශ තුල බලවත් සැකයක් මතු වී ඇත. අත්අඩංගුවට පත් වූ සැක කරුවන් සහ්රාන්ගේ කල්ලිය සමග සබදතා පවත්වා ඇති බවද හෙලි වී ඇත. සහරාන් මරාගෙන ප්‍රහාරය දියත් කිරීමට පෙර මාස 9 පමන කාලයක් ගත කලේ ඉන්දියාවේය  .

පවතින තත්වය තවත් තිව්ර කරමින්  ජනවාරි 9 වැනිදා  රතු රසදිය (Red mercury) ගණුදෙනුවක් හා සම්බන්ද පිරිසක් ඉන්දීය අත්අඩංගුට පත්විය. රතු රසදිය මිලදී ගැනීමට උත්සාහ කොට ඇත්තේද මුස්ලිම් ජාතිකයන් පිරිසකි. රතු රසදිය යනු අති බිහිසුණු පිපිරීමක් කල හැකි ලොව දැනට පවතින භයානකම රසායනික ද්‍රව්‍ය වෙයි. භූදේශපාලන උවමනාවන් වෙනුවෙන් ත්‍රස්ත කන්ඩායම් නිර්මානය කිරීම ලොව පුරා සිදුවන මෙහෙයුමකි. තලේබාන් , අල්කයිඩා, අයි.එස් වැනි  ත්‍රස්ත කල්ලි  භූමියේ වෙසෙන මහජනයාගේ අභිලාශ දිනා ගැනීමට ඔවුන් තුලින් බිහිවූ ව්‍යාපාර නොවේ. ලංකාවේ සහරාන්ගේ කල්ලියද එවැනි එකකි. මොවුන් සියල්ලන් ප‍ටු දේශපාලනික අරමුනු සාක්ෂාත් කරගැනීම උදෙසා කිසියම් බල අධිකාරියක් විසින් කෘතීමව නිර්මානය කල ව්‍යාපෘතීන්ය.

ආන්ඩුවකට හෝ බලවත් ජාතියකට ත්‍රස්තවාදී කල්ලියක් බිහිකිරීම සිල්ලර කටයුත්තකි. දුෂ්කර කාර්ය වන්නේ බිහි කල සටන් කාමීන් ඔවුන් පාලනයේ තබා ගැනීමය. අද ලොව පුරා දැකිය හැක්කේ එම ප්‍රවණතාවයයි. තලේබාන් යනු රුසියාවට එරෙහිව සටන් කිරීමට ඇමෙරිකාව නිර්මානය කල ත්‍රස්ත කල්ලියකි. සදාම් හුසේන්ට එරෙහිව සටන් කිරීමට  අල් කයිඩා ගෙන ආවේය. සිරියාවේ බෂාර් අල් අසාද්ට එරෙහිව අයි.එස් සටන්කාමීන් බිහි කළේය. අවසානයේ මොවුන් සියල්ලන් ඇමෙරිකාවේ පාලනයෙන් බැහැර වි අයාලේ ගියේය. ඉන්දියානු බී.ජේ.පී ආන්ඩුව සිය ප‍ටු දේශපාලන අරමුනු වෙනුවෙන් ඉස්ලාමීය ත්‍රස්තවාදයට උඩ ගෙඩි දුන්නේය . දැන් එය ඔවුන්ටම පාරා වලල්ලක් වී ඇත. එපමනක් නොව මුලු කලාපයම අනතුරේ දැමුවේය. පාස්කු ප්‍රහාරය යනු සහරාන්ගේ කථාවේ  අවසානය නොව මහා විනාශයක ආරම්භයකි.

හීලෑ නැති පක්ෂයක්., විසඳුම් නැති රාජ්‍ය මූල්‍ය අර්බුදයක්, අයි.එස් අවතාර., ඊනියා දේශප්‍රේමී නඩයක් සමග ‌ගෝඨාට යා හැකි දුර.. -( රටේ සහ කලාපයේ තත්වය ගැන අපගේ පෙර ලිපිය යට කී ශීර්ෂයෙන් පල කොට ඇත )