රුවන්වැලි හූව සහ සුගතදාස ගුටි කෙළිය – ආරම්භය පමනි

රුවන්වැලි හූව සහ  සුගතදාස ගුටි කෙළිය – ආරම්භය  පමනි hqdefault 1

ගෝඨාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැලිවල හූවට විශේෂ ස්ථානයක් හිමිව තිබුනි, හූව මුලින්ම කරලියට ආවේ ශ්‍රීලනිප නියෝජිතයන්ට එරෙහිවය . අලව්වේ පැවති රැළිය අතරතුර මහින්දටද හූ කීහ. හූ කියන උන්ට පහර දෙන ජවනිකාද දැකිය හැකි විය. අවසානයේ ගෝඨා දිවුරුම් දෙන අවස්ථාවේදී රුවන්වැලි සෑය අබියෙසද හූ කීහ.

කිරිබත්ගොඩ ඥානානන්ද සාදු ගෝඨා වෙනුවෙන් මැතිවරණ රැළියක් පැවැත්වූ අයෙකි ඥානානන්ද සාදූ පැවැත්වූ රැස්වීමෙදී සත් වැදෑරුම් දිවුරුම් ප්‍රකාෂයකට ගෝඨා එකග විය. ගෝඨා ඇමෙරිකාව සමග මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම අත්සන් නොකරන බවට පොරොන්දු විය. ලංකාවේ භූමියෙන් බිම් අගලක් පිට‍රැටියන්ට නොවිකුනන බවට ගෝඨා එකග විය. තව කරුණු ගනනාවක් එම ප්‍රතිඥාවේ විය

ගෝඨා දිවුරුමේ තීන්ත වේලීමට ප්‍රථම කොළඹ නගරයෙන් අක්කර 3 ක් චීනයට විකුනා ඥාන සාදුට දුන් පොරොන්දුව කැඩුවේය. ඥානානන්ද සාදු සහ ගොඨා යන දෙදෙනාම රයිගමයා සහ ගම්පොලයා මෙන් ඩීල් කරයන් දෙදෙනෙකි. ඥානානන්ද සාදු තමන්ගේ අනුගාමිකයන්ගේ ඡන්ද ටික ගෝඨාභයට අලෙවි කළේය. රජවූ පසු එහි මිල ගෙවීමට ගෝඨා එකග විය. පොරොන්දු ප්‍රතිඥා හුදෙක් ජනයා රැවටීමට කළ ඇස්බැන්දුම් පමනි.

කිරිබත්ගොඩ සාදු ඉඩම් විකිනීම ගැන නොදැක්කා සේ සිටින්නේ එහෙයිනි. මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ගැන මීක් නැත්තේ එහෙයිනි. නමුත් ජනාධිපතිවරණයට දෙන්නම් කාසි වලට වැඩකළ ඔහු ගෝඨා ජනපති වූ විගස කප්පම් ගැනීම ආරම්භ කලේය . භික්ෂූන් 5000කට ත්‍රීපිටක ටැබ් ලබාදීමට කියා බුද්ධසාශන අමත්‍යංශය හරහා කඩින් කඩ මුදල් ගත්තේය.

විභජ්ජවාද මහා ධර්ම සම්භාෂණය ලෙස නමක් යොදා ජනවාරි 04 සුගතදාස ක්‍රීඩාගනයේදී ටැබ් බෙදා දිම සිදු කළේය. ගෝඨා එහි ප්‍රධාන අමුත්තා විය. ටැබ් බෙදාදීමේ ව්‍යාපෘතියට වෙනම බැකු ගිණුමක් විවෘත්ත කොට මහජන මුදල්ද එකතු මුදල්ද එකතු කළේය . ටැබ් බෙදා දීමේ ව්‍යාපෘතිය දූෂිත එකක් විය.

කරුණු එසේ වූ හෙයින් උත්සවය පැවැත්වෙන අතරතුර එක් බෞද්ධ භික්ෂුවක් ව්‍යාපෘතියේ අය වැය ගැන සංවිධායකයන්ගෙන් ප්‍රශ්න කළේය. කෝපයට පත් කිරිබත්ගොඩ සාදුගේ සංවිධායකයන් අදාල භික්ෂුවට එලවා එලවා පහර දුන්නේය. රුවන්වැලි හූවෙන් වැඩ පටන් ගත් ගෝඨා මේ නෙළන්නේ වැපුරූ දෑය. රයිගමයා වන් වූ ඥානානන්ද සමග ගම්පොලයා වූ නන්දසේන සමව ගැලපී වූ නිබ්බත්තිය වීඩියෝවේ සටහවී ඇත.