නූතන මක්ඛලීගෝසාල සහ ගොං රජා

නූතන මක්ඛලීගෝසාල සහ ගොං රජා 5dc8a0c4b6786 ccc 11 11 2019 5

බුදුන් දවසේ දඹදිව සිටි ජනප්‍රියම දේශකයා මක්ඛලීගෝසාල විය. සිය අනුගාමිකයන් පිරිස අඩුවී ලාබ සත්කාර අඩුවේය යන බිය නිරන්තරව ඔහු තුල විය . මක්ඛලීගෝසාල නිරන්තරයෙන් ජේතවනාරාමයට සිය ගෝලයන් යැව්වේය . ඔහු එසේ කළේ තතාගත ධර්මයේ කුඩා කොටසක් අල්ලාගෙන ඊට වැරදි අර්ථකථනයක් දී බුදුන්ගේ ධර්මය වැරදි යයි හංවඩු ගැසීමටය. මක්ඛලීගෝසාල අනෙක් ශාස්තෘවරුන්ට නිරන්තරයෙන් පහර දුන්නේය. තමන් කියන දේ පමනක් සත්‍ය බවත් අනෙක් උන් ධර්මය විකෘති කරන බව කීවේය.

මක්ඛලීගෝසාලගේ අනෙකුත් ශාස්තෘවරුනට පහරදීමට සිය අනුගාමිකයන්ද පොලඹවීය. තතාගතයන්ගේ දන්දිම පිලිබද විග්‍රහයට වැරදි අර්ථකථනයක් දුන් තෝදෙයිය බමුනා මක්ඛලීගෝසාලගේ අනුගාමිකයෙකු විය. මක්ඛලීගෝසාලගේ බන අසා පජාත වැඩ කල ඔහුට සසර ණය ගෙවීමට සිදුවූයේ කෙස් කෙලින් කරන අයුරිනි.මක්ඛලීගෝසාල මිනිසුන් සතර අපායට ඇදගෙන යන කෙමනක් යයි තතගතයන් කීවේ එහෙයිනි.

අත්හැරීම වෙනුවට රැස් කිරීම තෝරා ගත් කිරිබත්ගොඩ භික්ෂුව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකි. ඥානානන්ද යනු පළතුරු පූජා, පහන් පූජා තියමින් ළාමක දහමක් දෙසන භික්ෂුවකි. ඥානානන්ද තමා සතු මාධ්‍ය ජාලය භාවිතා කරන්නේ මිනිසුන්ට අනිච්ච, දුක්ක, අනත්ත ගැන කියාදී මිනිසුන් එතෙර කිරීමට නෙවේ. බුදු දහමේ හරය වූ පටිච්චසමුප්පදාය ගැන කියාදීමට නොවේ. නමුත් තමන් පමනක් හරි අන් සියලු උන් වැරදි යයි කීමටය

මක්ඛලීගෝසාල පැය ගනන් දිවයන දේශනාවකක තප්පර කිහිපයක කොටසක් උලුප්පා මුළු දේශනාවම වැරදියි කීවා සේ කිරිබත්ගොඩ කෙමනද අනෙක් දේශකයන්ගේ ධර්මය වැරදි යයි කියයි. ඔහු ඒ සදහා යොදා ගන්නේ කාගේ හෝ තත්පර කිහිපයක වීඩියෝ පටයකි. විවේචනය සදහාම පුහුණු කල සිවුරු කාරයින් පිරිසක් වැ‍ටුප් ලබමින් ඥානානන්ද යටතේ සේවය කරයි. තෝදෙයිය බමුනා මෙන් මග නොදන් උන් අයාලේ යයි. රයිගමයා වන් වූ ඥානානන්ද සමග ගම්පොලයා වූ නන්දසේන සමව ගැලපී වූ නිබ්බත්තිය වීඩියෝවේ සටහවී ඇත.