චම්පික පිටකෝට්ටේ නිවසක මන්ද බුද්ධික දරුවෙක් අපයෝජනය කරලා

චම්පික පිටකෝට්ටේ නිවසක මන්ද බුද්ධික දරුවෙක්  අපයෝජනය කරලා 7

ගල් අගුරු මගඩිය ගැන පුවතක් පල කිරීම ගැන උරන වූ චම්පික ‘මව්බිම’ පුවත්පතට එරෙහිව කෝටි 150ක් ඉල්ලා අපහාස නඩු වක් දැම්මේය. නඩුව විභාග කිරීමට චම්පිකත් උසාවියට ගෙන්වූයේය . ‘‘ඔබට අපහාසයක් වුණා කියනවා. නමුත් ඔබට අපහාසයක් වීමට තරම් ඔබ කීර්තිමත් පුද්ගලයෙක් නොවෙයි නේද’’ විත්තියේ නීතිඥයන් චම්පික ගෙන් ප්‍රශ්න කලේය. චම්පිකගේ රෙදි ගැලවෙන විට ඔහුම  නඩුව ඉල්ලා අස් කර ගත්තේය.

නලින් සිල්වාගේ සිංහල ජාතික බලවේගයෙන් වෙන් වීමත් සමග  චම්පිකට උන් හිටි තැන් අහිමි විය . අතන මෙතන රතන මෙන්ම චම්පිකද  අනාථය . අනාථ වූ ඔවුන් ඇති හැකි තැනකින් දීගයක් කරගෙන ගොඩ යාමට සැලසුම් කළේය . චමිපික බූදලයකට හිමිකම් කියූ දැරිවියකට කොක්ක ගැසුවේය . 2019 ඔක් 18 බො‍රැල්ල කැම්බල් පිටියේදී මගුල සිදු විය.කැම්බල් පිටියට මිනිසුන් 500ක් ගෙන්වීමට චම්පික අසමත් විය. සිරිකොත නිවසේ සජිතා චම්පිකගේ අතගත් මනාළිය විය

චම්පික – සජිතා දීගය කූට සැලසුමකි. චම්පික සහේට ගත් සජිතා විශේෂ අවශ්‍යතා ඇති අයෙකු විය. මන්ද බුද්ධික තැනැත්තියකි . නමුත් පියාගෙන් හිමිවූ විශාල දේපලක් ඇයට විය. චම්පික සිරිකොත නිවසේ වූ මන්ද බුද්ධික සජිතාට බැල්ම දැම්මේ එහෙයිනි. ටොපි ,ලොසින්ජර පෙන්වා ඇයව රවටා ගත්තේය. පියාගේ බූදලය අත්පත් කරගැනීමට චම්පික මන්ද බුද්ධික දැරිය හා විවාහ විය.

චම්පිකගේ පැටිකිරිය සිරිකොත නිවසේ මන්ද බුද්ධික දැරිය රවටා ගැනීමට ලඝු කළ නොහැක. 2015 බලයට පැමිනි සිරිසේන   ප්‍රාණ ඇපයට ගැනීමට චම්පික සැලසුම් කළේය. නූගත් සිරිසේනයා තමාට අවශ්‍ය පරිදි නැටවිය හැකි යයි චම්පික සිතුවේය.  සිරිසේන සමග එක්ව එජාපය විනාශ කිරීමට එදා චම්පික  සැලසුම් කළේය. එජාපය සහ රාජපක්ෂ යන බල කඳවුරු දෙකම විනාශ  කොට ශ්‍රීලනිප- ජාහෙඋ  අලුත් සංධානයක් හැදීමට වලි කෑවේය. අනතුරුව නූගත් සිරිසේනද  පන්නා සමස්ථ  බලවේගය  අත්පත් කරගැනීම  චම්පිකගේ සැලසුම  විය.

නූගත් සිරිසේනයා චම්පිකගේ උගුලෙන් ගැලවී ගියේය . නමුත් සිරිකොත නිවසේ   මන්ද බුද්ධික සජිතා චම්පිකගේ උගුලට හසු විය. මේ අවස්ථාවේදී සිරිකොත නිවසේ භාරකාරයන් තුන් කල් නුවනින් වැඩ කළ යුතුය. මන්ද බුද්ධික දැරිය පැහැර ගත්  වල් කුපාඩියාගේ තර්ජන වලට  ඔවුන් යට නොවිය යුතුය.

වල් කුපාඩියා සමග පැනගිය මන්ද බුද්ධික සජිතා කියන කථාද සීරියස් ගත යුතු නැත. සිරිකොත නිවසේ බූදලය මන්ද බුද්ධික සජිතාට පවරා දුන් හොත් සිදු වන්නේ මහා විනාශයකි. වල් කුපාඩියා දඟ දමන්නේ සිරිකොත නිවස ‍රැකීමටවත් පැහැරගත්  දැරිය ‍රැකීමටවත් නොව බූදලය  කොල්ල කෑමට බව සිහි තබා ගත යුතුය