නාලිකා හිමිකරුවෙකු මෙහෙයවූ ලෝකයේ බිහිසුණුම කුමන්ත්‍රණය

නාලිකා හිමිකරුවෙකු  මෙහෙයවූ  ලෝකයේ බිහිසුණුම කුමන්ත්‍රණය 20200210 092719

නිල්සන් සමාගම් ලංකාවේ ක්‍රියාත්මක සමීක්ෂණ ආයතනයකි. එය සමාජ සේවයක් කරන ආයතනයක් නොව මිනිසුන්ගේ ඇසට වැලිගසමින් ශූක්ෂම ජාවාරමක නිරත ආයතනයකි. ලංකාවේ ජනප්‍රියම අයතන සහ පුද්ගලයන් ලේබල් කරන ගෝනි සෙල්ලම කරන්නේ මොවුන්ය. උදාහරණ ලෙස, සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරමින් ලංකාවේ ජනප්‍රියම රූපවාහිනිය අප යයි කුඩු නාලිකාව කියන්නේ නිල්සන් වාර්තාව අනුවය.

හර්ෂ ද සිල්වාගේ පැටිකිරිය

ආයතන  සහ පුද්ගලයන් රෑන්ක් කිරීම  පමනක් නොව උත්සවාකාරයෙන් සිදුකරන සම්මාන සදහා නිර්දේශ දෙන්නේද මොවුන්ය,  නළු නිළියන් රෑන්ක් කරන්නේද මොවුන්ය. නමුත් නිල්සන් වාර්තා  වලින් එළිදක්වන්නේ මහපොළොවේ යථාර්තය  නොවේ, ලැබෙන පගාව සහ නාරි මාංශය අනුව නිල්සන් නිළධාරීන් නිෂ්පාදනය කරන විකාර රූපයකි. මෙම ආයතනය ස්ථාපිත කිරීමේ පුරාගාමියා හර්ෂ ද සිල්වාය

හර්ෂ ද සිල්වා රනිල්ට සෙට් වූ හැටි

නිල්සන් සමාගම් ස්ථාපිත කිරීමෙන් පසු එහි කළමණාකාර අධ්‍යක්ෂක වූයේ ද හර්ෂය. හර්ෂ ආචාරියා රනිල්ට කොක්ක ගැසුවේ 2008දී පමණය. හර්ෂ රාජකීයෙකු වූ  නිසා ලෙහෙසියෙන් රනිල් දැලේ  දා ගත හැකි විය. 2010 ජාතික ලැයිස්තුවෙන් හර්ෂ ආචාරියා පාර්ලීමේන්තුවට ගෙන ආවේද  රනිල්ය.

හර්ෂ ආචාරියා කන්ඩ දුන් අත සපා කෑ හැටි

2010 දී රනිල්ගේ පිහිටින් දේශපාලනයට ආ හර්ෂ 2015 දී රනිල්ට ද්‍රෝහී විය . හර්ෂ ආචාරියා කිලී මහරාජා සහ  සිරිසේන එක්ව රනිල් එල්වීමේ බිහිසුණු කුමන්ත්‍රණය දියත් කළේය. මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රජය අපහසුතාවයට පත්වන ආකාරයේ වාර්තා  සිරස රූපවානියට දී ඇත්තේ හර්ෂ ආචාරියා බව දැන් ඔප්පු වී ඇත. නමුත්  වැදගත් කාරනාව  එය නොව එහි පසුබිම් කථාවය

වනචර දශකය සහ කැපිටල් එලායන්ස්

හර්ෂ ආචාරියා මෙම වාර්තා ලබා ගෙන ඇති ආකාරය කෙස් කෙලින් කරන සුළුය. වනචර දශකයේ මහ බැංකු අධිපති වූයේ අජිත් නෙවාඩ් කබ්‍රාල්ය. එම කාලයේ බැදුම් කර රොබරි වල  තවත් අජිත් කෙනෙකු ගැන කියවෙයි . ඒ Chief Executive Officer at Capital Alliance විදානගමගේ අජිත් ටෙරන්ස්  ප්‍රනාන්දුය. අජිත්ලා දෙදෙනා එකට ගේම් දුන් කම්බ හොරු දෙදෙනෙක් විය

හර්ෂ ආචාරියා සහ විණිසුරු ප්‍රසන්න ජයවර්ධන

හර්ෂ ආචාරියාගේ සහ ශ්‍රේෂ්ඨාධිකරන විණිසුරු ප්‍රසන්න ජයවර්ධනගේ පුත්‍රයන් සේවය කොට ඇත්තේ අජිත්ට අයත් කැපිටල් එලායන්ස් ආයතනයේය. ප්‍රසන්න ජයවර්ධන මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමේ සාමාජිකයකු විය. වනචර දශකයේ බලපත්‍රලාභි ප්‍රයිමරි ඩීලර්ස්ලා අතර ප්‍රමුඛ තම සමාගම වූයේ කැපිටල් එලායන්ස් ආයතනයයි

කැපිටල් එලායන්ස් අභිබවා පර්පෙචුවල් ට්‍රෙෂරීස්

2015 යහ පාලන ආන්ඩුව බලයට පත්වීමත් සමගම වනචර දශකයේ පැවැති තත්වය උඩුයටිකුරු විය. අතිවිශාල ලෙස ලාභ ඉපයූ කැපිටල් එලායන්ස් ආයතනයට ඇඩ්‍රස් නැති විය. පර්පෙච්වුවෙල් ට්‍රෙසරිස් වසරක් තුල රුපියල් මිලියන 5000ට වැඩි ලාභයක් වාර්තා කරන විට අජිත්ලාගේ කැපිටල් එලායන්ස් ආයතනයේ ලාභය රුපියල් මිලියන 57 විය. එනම් හර්ෂ ආචාරියාගේ සහ විනිසුරු ප්‍රසන්නගේ පුතා වැඩ කල සමාගම බංකොලොත් ගැට්ටට වැ‍ටුනේය.

කිලී බිහිසුණු කුමන්ත්‍රණයට පිටිය සකස් කරයි

හර්ෂ ආචාරියා සහ විනිසුරු ප්‍රසන්න පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමට එරෙහිවීම වටහා ගත අමාරු නැත. කෙස් කෙලින් කරන කථාව ආරම්භ වන්නේ එතැන් සිටය. බැඳුම්කරයේ නාස් ලනුව අතට ගන්නා කිලී , විණිසුරු ප්‍රසන්න, හර්ෂ ආචාරියා , සිරිසේන, සජිත් තම දැලට දාගත්තේය . සිරිසේන තම ඉත්තා කරගනිමින් කිලී දියත් කලේ අති ශූක්ෂම කුමන්ත්‍රණයකි . ප්‍රසන්න ජයවර්ධන කිලීගේ ඉත්තෙකු වූ හැටි මෙහි නොලියන්නේ ඔහු මේ වන විට ජීවතුන් අතර නොමැති නිසාවෙනි .

එය එසේ සිදුවුනි නම් !

රනිල් ඉවත් කොට සජිත් අගමැති කිරීම සහ  හර්ෂ ආචාරියා මහ බැංකු අධිපති කිරීම, ප්‍රසන්න ජයවර්ධන අගවිණිසුරු කිරීම කිලීගේ සැලසුම් අතර විය.  යම් හෙයකින් එය  එසේ සිදු වී නම් අධිකරණය , මහ බැංකුව, විධායකය , පාර්ලීමේන්තුව යන සියල්ල කිලීගේ අතේය. රූපවාහිනී නාලිකා හිමිකරුවෙකු   ලෝක ඉතිහාසයේ මෙහෙයවූ  බිහිසුණුම කුමන්ත්‍රණය මෙය විය හැක.මෙවා හෙළිදරව් වීමට පෙර ප්‍රසන්න ජයවර්ධන මිය යාම පූරුවෙ පිනකි.

උපුටා ගැනීම -ලංකා ඊ නිවුස්