බොර තෙල් මිල 27% කින් අඩු වෙලා ! විපක්ෂ නායක නිඳි?

බොර තෙල් මිල 27% කින් අඩු වෙලා ! විපක්ෂ නායක නිඳි? sajjja

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් විට ශීඝ්‍රයෙන් පහළ ගියද ගොඨාගේ වැඩ කරන රටේ  භාණ්ඩ මිල දිනෙන් දින ජනයාට උසුලා ගත නොහැකි අයුරින් ඉහළ යමින් පවතියි

එජාප රජය ඔක් මාසයේදී අවසාන වරට බොර තෙල් මිලට ගන්නා විට බැරලයක මිල ඇ.ඩො 84 ලෙස සටහන් විය. මේ වනවිට එය  ඩොලර් 54 දක්වා අඩුවී ඇත. කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ බොරතෙල් ඉල්ලුම පහළයාම මේ තත්ත්වයට බලපෑ ආසන්න හේතුව වෙයි.

ලෝක වෙළද පොලේ බොර තෙල්  මිල මිල පසුගිය  ඔක්තොබර් මාසයට සාපේක්ෂව 27%  කින් පහල ගොස් ඇත. තත්වය එසේ හෙයින්  ලංකාවේ පැට්‍රල් ලීටරයක් රු 40 කින්ද , ඩීසල් ලීටරයක් රු 25කින්ද අඩු විය යුතුය. නමුත් මිල අඩුවීමේ වාසිය ජනතාව වෙත ලැබෙන තත්ත්වයක් දකින්නට නොමැත.

බන්දුල ගුනවර්ධන විපක්ෂයේ සිටින විට දිනපතාම  පාහේ මාධ්‍ය සංදර්ශන තියමින් එජාප ප්‍රතිපත්ති පට්ට ගැසුවේය. බන්දුල යටතේ ආර්ථික පර්යේෂණ එකකය කියා එකක්ද තිබුනි.  ආණ්ඩු පෙරළියත් සමග  බන්දුල ගුණවර්ධ අද අමාත්‍යවරයකු වූ අතර  අද ඔහුගේ ඔහුගේ ආර්ථික පර්යේෂණ ඒකකය වසා දමා ඇත.

රටේ සියළු ජන මාධ්‍යය වේදීන්ද  ගෝඨාගේ සිස්ටම් චේන්ජ් එක ගැන  නිලංකාර වී සිටින අතර මිල පහළ යාමේ වාසිය ජනතාව වෙත ලබා නොදීම ගැන ප්‍රශ්න නොකරයි.

විපක්ෂ නායක සජිත් සිය කාර්ය හාරත ආසියා පක්ෂයට සීමා කොට ඇත . සජිත් විපක්ෂ නායක ලෙස  නාමිකව පෙනී සිටිනවා විනා එහි වලංගුභාවය ක්‍රියාකාරීත්වයෙන් ඔප්පු කරන සෙයක් දක්නට නැත . ජනයාට අබ සරණද ?