එයාර් බස් මගඩියේ මහ මොළකරු නාමල්, කපිල ඉත්තෙක්

එයාර් බස් මගඩියේ මහ මොළකරු නාමල්, කපිල ඉත්තෙක් nmmm

එයාර්බස් මගඩිය පිළිබදව මේ තාක් සැගව් තිබූ කෙස් කෙලින් කරන සත්‍ය අද කො‍ටුව මහේත්‍රාත් අධිකරණය හමුවේ දිග හැරුනි. අල්ලස් ගනුදෙනුවේ මහ මොළ කරු කපිල චන්ද්‍රසේන නොව නාමල් රාජපක්ෂ බව මොනවට පැහැදිළි විය .

මගඩියේ මහ මොළකරු නාමල් බව හෙලිදව් වූයේ බිදහෙලිය නොහැකි සාක්ෂි සමගය. එයාර් බස් සමාගමෙන් ලද අල්ල්ස් මුදල බැංකු ගත කලේ කපිල චන්ද්‍රසේනගේ බිරිදගේ නමට සිංගප්පූරු ගිණුමකය. එම ගිණුමට ලැබුණු ඩොලර් මිලියන දෙකක මුදලින් ඩොලර් ලක්ෂ අටක් කිසියම් පාර්ශවයකට ගෙවා තිබුණි . අද අධිකරණය හමුවේ එහි සුල මුල හෙලිවිය .

මෙම මුදල ගෙවා ඇත්තේ  නිමල් පෙරේරාටය. වනචර දශකයේ ගණුදෙනු වලින් නාමල්ට ලැබිය යුතු කොටස බාර ගැනීම කළ පුද්ගලයා මොහුය . කළු මුදල් සුදු කිරීම ඇතුලු නාමල්ගේ කව් බෝයි වැඩ කළ ප්‍රධානතම පුද්ගලයා මොහුය . මොහු දැනටමත්  නාමල්ට එරෙහිව විභාග වන නඩු කිහිපයක සම චූදිතයෙකි.

කොළඹ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ එයාර්බස් අල්ලස් නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මෙම කරුණු අධිකරණයට දැනුම් දුන්නේය .

මේ පිලිබදව කෙරෙන පොලිස් පරීක්ෂණ සතුටුදායක නැති බවත් නීතිපතිගේ උපදෙස් පිළිපැද නැති බවත් , මුදල් ලැබුණු ඇතැම් පුද්ගලයන්ගේ බැංකු ගිණුම් වාර්තා ලබාගෙන නැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පැවසීය .

පරීක්ෂණවලට බාදා ඇත්දැයි මහේස්ත්‍රාත් කළ විමසුම් දෙකකදී ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු නිරුත්තර වුහ . නාමල් බේරා ගැනීමේ මෙහෙයුම බරසාරව ක්‍රියාත්මක බව සක්සුදක් සේ පැහැදිලි විය