චම්පික හීන් නූලෙන් සජිත් කපන හැටි මෙන්න !

චම්පික හීන් නූලෙන් සජිත් කපන හැටි මෙන්න ! champika ranawaka

ශේන් මහේන්ද්‍ර ප්‍රියවික්‍රම, චම්පික වෙනුවෙන් ලියන කෙනෙක්. වියතුන් පාර්ලීමේන්තු යැවිම ගැන  අද ඔහු  මුහුණු පොතට සටහනක් එකතු කරලා තිබුනා. වියතුන් පාර්ලීමේන්තු යැවීමේ මෙහෙයුම ගෝඨා අත් හැර දැමුවද චම්පික එම ස්ථාවරයේ දිගටම ඉන්නව කියල ඔහු ලියල තියෙනව, චම්පික ඒ වෙනුවෙන් ලොකු අරගලයක් කරනවලු .

පාර්ලීමේන්තු යැවිය යුත්තේ කවුරුන්ද කියන එක දැන් ව්‍යාකූල චිත්‍රයක් වෙලා. චම්පික කියන විදියට උගතුන් පාර්ලීමේන්තු යැවීමට වැඩි බරක් තැබුවොත් ප්‍රශ්ණය විසදෙයිද ?

නාමල් රාජපක්ෂ, එයා බස් ගණුදෙනුවෙන් කොමිස් ගන්ඩ බලල් අතක් විදියට යොදා ගත්තේ හොද උගතෙක්. කපිල චන්ද්‍රසේන වියතෙක් . ඔහු  රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ,චිකාගෝ සරසවියෙන් ඉංජිනේරු උපාධියත්,මෙල්බොන් සරසවියෙන් ව්‍යාපාර කලමනාකරණ පශ්චාත් උපාධිය ගත්ත කෙනෙක්.

”පිට රටවලින් උපාධි ගත්ත උන් ඔහොම තමා, චම්පික වගේ ලෝකල් සරසවියකින් උපාධියක් ගත්තනම් ඔහොම කරන්නේ නෑ ” කියලා  කවුරු හරි කියන්ඩ පුළුවන්. සිරිසේනගේ මලයා  ජපුර බී කොම් උපාධිකාරයෙක්. ඔහු ලක්ෂ 30 ක මාසික වේතනයක් ලැබුවා. වැ‍ටුප හා සමාන තවත් එල්වුන්ස් ගොඩක් ගත්තා. ගෙවල් කුලී දීමනාව ඇ.ඩො 5000. ඒ කියන්නේ  රුපියල්  වලින්  ලක්ෂ 8 විතර . ලංකා ඉතිහාසයේ ලොකුම පගාව ගත්ත සිරාගෙ කාර්යාල මණ්ඩල ප්‍රධානියත් ලංකාවේ විශ්ව විද්‍යාලයක උපාධි කාරයෙක්.

මොර‍ටුවෙ උපාධිකාරයෙක් වෙන චම්පිකගේ චරිතය අරන් බලමු අවු 20 තිස්සේ ඔහු පාර්ලීමේන්තුවෙ ඉන්නව. අවු 15 ඇමතිවරයෙක් විදියට වැඩ කලා. වැඩි පුර කථා කළේ නැනෝ තාක්ෂණය, කෘතීම බුද්ධිය, පරමාණුක ශක්තිය වගේ බරසාර මාතෘකා. කථා කරා විතරයි , මොනවද චම්පික රටට කළේ?  උසාවිය ඉදිරියේ විභාග වන නඩු ගොඩක් නම් තියෙනව. දැන් හොදටම පැහැදිළියි උගතුන් පාර්ලීමේන්තු යැවීම විසදුමක් නෙවේ , ප්‍රශ්නයේ කොටසක් කියන එක

ඇත්තටම පාර්ලීමෙන්තු යැවිය යුත්තේ, රටට ආදරය කරන, වැඩක් කළ හැකි පිරිසක් .ප්‍රශ්න තේරුම් ගන්ඩ පුළුවන් ඒවාට විසදුම් දෙන්ඩ පුළුවන් අයයි රටට අවශ්‍ය. මොර‍ටුවද , ඔක්ස්ෆෝඩ්ද , සෝබෝන්ද , මොනෑෂ්ද අදාල නෑ . ඕ ලෙවල්ද , ඒ ලෙවල්ද , යුනිවසිටිද කියන එක වැදගත් නෑ

කල්ලි වාදය කියන්නෙ ලංකාවේ ඔඩු දුවා ගිය පිළිලයක්.  කුලය , ඉගෙන ගත්ත පාසැල, අපි  ‘කැම්පස් අවුට්’  ඔය විදියට හදා ගන්න කල්ලි කන්ඩායම් හැම ක්ෂේත්‍රයකම තියෙනව. චම්පික හීන් නූලෙන් එජාය ඇතුලේ තමාට වාසි වෙන කල්ලියක් හදන්ඩ යන්නේ. ලබ්බෙට තිබ්බ අත පුහුලටත් එනව  කියල කථාවක් තියෙනව. චම්පික  වියතුන් ගැන කථා කරලා කල්ලියක් හදන්නේ හීන් නූලෙන්  සජිත්ව කො‍ටු කරන්ඩ, එජාපය හයිජැක් කරලා  ජනපති අපේෂකත්වය  කරා යාමට.

එජාප ප්‍රතිපත්ති සම්පාදනය කරන්ඩ හදන චම්පික හක්ගෙඩියෙන් ඉල්ලුවොත් ඡ්න්ද 5000ක් ගන්ඩ බෑ. ඡන්ද 5000ක් නැති කෙනෙක්  ලංකාවේ තියෙන තනි විශාලතම පක්ෂයෙ  ප්‍රතිපත්ති සම්පාදනයට බලපෑම් කිරීම යුක්ති යුක්ත නෑ. ඒක ජනසම්මතවාදයට පටහැනියි . චම්පික ගැන  ලංකානිවුස් ඇප් මුළ සිටම කියුවේ ඔය කථාව. අප කියූ  දෙයක් වැරදිලා නැත