නිවාතාප හිමිට තර්ජනය කිරීමට පැමිණි ඩිෆෙන්ඩරය PSD එකක් !

නිවාතාප හිමිට තර්ජනය  කිරීමට පැමිණි ඩිෆෙන්ඩරය  PSD එකක් ! 47109857 343620409796109 504967992691636709 n

බුද්ධ සාසනය මහා වෘක්ෂයකි . ප්‍රඥා සාසනය එහි මුල වෙයි. අතු රිකිලි වූ කලී ඕනෑම අයෙකුට දිස් වන කරුණා සාසනයයි.  පූජකයන් , පාලකයන්  කරන්නේ  මුල ‍රැකීම නොව බල්බ් වැල් කොඩි වැල් දමා අතු රිකිලි සැරසීමය. කරුණා සාසනයේ පිනුම් ගැසීමය

සකල ලෝදනන්ගේ නෙත් බල්බ් වැල් කොඩි වැල් කෙරෙ යොමුව ඇති කල්හි මුල මරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකය.  සත්ධර්මය නම් වූ මුදුන් මුල මරණ වැඩපිලිවෙලක් ක්‍රියාත්මකය . කියවන ඔබත් ලියන මමත් දැන හෝ නොදැන එම කුමන්ත්‍රණයයේ සාමාජිකයන් විය හැක.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් යයි කීවද එම රටේ ගෞතම තතාගතනය්ගේ අනුගාමිකයන්ට අත්ව ඇති ඉරණම ඛේදාන්තයකි. සත්ධර්මය විවර කරන හිමි වරුන්ට මරණය දණ්ඩනය ලියා ඇත. පානදුරේ අරියධම්ම හිමිගේ  සිට  වහරක හිමි දක්වා එකී ඉරණමට ගොදුරු විය.

හඳපාන්ගොඩ නිවාතාප  හිමි ගෞතම තතාගත  සාසනයේ මහා අණ පිලිපදින උත්තමයෙකි. ඕ තමෝ කොලඹ නාලන්දාවේන් මූලික අධ්යාපනය ලැබීය , එංගලන්තයේ කිංග්ස් සරසවියෙන් ගුවන්යානා ඉන්ජිනේරු උපාධිය ගත්තේය . 2017 වසරේ උන් වහන්සේ සසුන්ගත විය

නැවැත්ම සොයා යන  නිවාතාප හිමි ,  පැවැත්ම හඹායන චීවර ධාරීන්ට  අභියෝගයකි. අනුගාමිකයන් සහ ලාභ සත්කාර අඩුවේ යයි ඔවුන් බියවී සිටියි. එම නිසා නිවාතාප හිමිට එරෙහිව කුමන්ත්‍රණය කරයි . එහි මූලිකයා කිරිබත්ගොඩ ඥානානන්දය

කිරිබත්ගොඩ භික්ෂුව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකි . හීන දහමක් දෙසන භික්ෂුවකි. මක්ඛලීගෝසාල ගෞතම තතාගතයන්ගේ දේශනාවක කුඩා කොටසක් උලුප්පා මුළු දේශනාවම වැරදියි කී නියාවෙන් කිරිබත්ගොඩ හිමි නිවාතාප හිමිට පහර දෙමින් සිටියි

ඥානානන්ද ගෝඨා වෙනුවෙන් මැතිවරණ රැළියක් පැවැත් වූයේය. මැතිවරණයෙන් පසු ගෝඨාගේ හයිය ගත් ඥානානන්ද  මධ්‍ය හරහා කිහිප විටක්ම  නිවාතාප හිමිට තර්ජනය කළේය. පසුගිය සතියේ ආරණ්‍ය සේනාසනයට පැමිණි පිරිසක් නිවාතාප හිමිට තර්ජනය කොට ඇත.  මොවුන් පැමිණ ඇත්තේ  කලුපැහැති ඩිෆෙන්ඩර් රථයකිනි.

සිංහල බෞද්ධ රට ගැන ,  ආරක්ෂාව ලොකු  කතා කීවද  නිගන්ට සාසනයේ සිවුරු කාරයන්ට මිස තාතාගත  සාසනයේ  භික්ෂූන්ට  ආරක්ෂාවක් නැත . සිල්වත් නිවාතාප හිමි අපහසුතාවයට පත් කළ දේවදත්ත ක්‍රියාවට කමල් ගුනේ සහ ගෝඨා සම්බන්ධ නොමැති නම් තර්ජනය කළ පිරිස වහාම අත් අඩංගුවට ගත යුතුය