කබීර් හොරුන්ගෙන් හොරෙක් – එයා බස් කපිලගෙන් අල්ලස් අරන්

කබීර් හොරුන්ගෙන් හොරෙක් – එයා බස් කපිලගෙන් අල්ලස්  අරන් Screenshot 2020 02 22 20 20 19

එයා බස් මගඩිය මෙරට පාඨකයන්ට මුලින්ම වාර්තා කළේ සන්ඩෙ  ටයිම්ස් පුවත් පතය. ඒ සමගම ගෝඨා ඒ   පිළිබදව පූර්ණ වාර්තාවක් කැඳවා තිබුනි. ගණුදෙනුවට අදාල අත්තිකාරම් සහ මූලික වටයේ සන්තෝසම් ( අල්ලස් ) හුවමාරු වූයේ 2013 වර්ෂයේදීය. මිලදී ගැනීමට නියමිත එයා බස් වලට ගෙවිය යුතු මුදල  ගුවන් සමාගමේ මුළු වත්කම් මෙන්  තිස්ගුණයකටත් වැඩි විය. බැලූ බැල්මටම එය ආන්දෝලනාත්මක විය 

එයා බස් ගණුදෙනුව විදෙස් අධිකරණයක දිග හැරීමට ප්‍රථම FCID  සහ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය  කපිලගෙන් ප්‍රශ්න කළේය. නමුත්   එකී පරීක්ෂණ ගොඩින් බේරා ගැනීමට සමත් විය. පරීක්ෂණ යට ගසා ඇත්තේ කබීර් හෂීම් විසින් බව හෙළිදරව් වීඇත. කබීර්,  කපිල චන්ද්‍රසේනගෙන් රු කෝටියකට වැඩි මුදලක් අල්ලස් ලෙස ලබා ගෙන ඇති බව සාක්ෂි සහිතව හෙළිදරව් වී ඇත.

එයාබස්  මගඩියට අමතරව කබීර් සම්බන්ධ වූ තවත් දූෂිත ගණුදෙනු ගනනාවක් මේ වන විට හෙළිදරව් වී ඇත. මාවනැල්ලේ සිට ගම්පොල දක්වා වූ  මාර්ගය  සංවර්ධනය කිරීම සදහා ගිවිසුම් අත්සන් කළේ  2013  රාජපක්ෂ  ආන්ඩු කාලයේදීය . එය මංතීරු දෙකේ මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත විය. නමුත් යහපාලන ආන්ඩුව පැමිනිමත් සමග එය මංතීරු එකක මාර්ගයක් ලෙසින් නිම විය . මේ මෙම ගනුදෙණුව හරහාද කබීර් හෂිම් කෝටි ගනනක අල්ලසක් ලබාගෙන ඇත . කබීර් හෂිම් බැඳුම්කර බෑනාගෙන්ද අල්ලස්  ගත් අයෙකි

එයා බස්  මගඩිය එලඹෙන මැතිවරණයේදී රාජපක්ෂ කඳවුරට අවාසිදායක ලෙස බලපවත්වන හෙයින් කපිලගෙන් අල්ලස් ගත් කබීර් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.

උපාසක බලලුන් මීයන් අල්ලන්නේ ජෝඩු පිටිනි. බොහෝ දෙනෙකු කබීර් හෂීම්ගේ පැටිකිරිය දන්නේ නැත. පසුගිය වසරේ අරලිය ගහ මැදුරේ පැවැත්වුනු ‍රැස්වීමකදී  කිරිඇල්ල,  කබීර් කවුද කියා සහසුද්දයෙන් කියා දුන්නේය. කිරිඇල්ල කබීර් ඇමතුවේ මෙලෙසිනි!

අයිසේ..කබීර්,  ඔක් 26 කුමන්ත්‍රණයෙන් පස්සේ තමුසෙ කවුරු එක්කද හිටියේ ? තමුසේ සිරිසේන, රාජපක්ෂලා  එක්ක ඩීල් කලා. පක්ෂෙ දුර්වල වුණේ තමුසෙලාගේ ජඩකම් නිසයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස් වුණා. ඒ වෙලාවේ තමුසේ කළේ මොකක්ද..? අගමැතිතුමාටත් නොකියා හොර රහසේම ජනාධිපතිතුමා හම්බවෙලා ඇමතිකමේ දිවුරුම් දුන්නා. තමුසේ මිනිහෙක්ද ඕයි..

ඊට පස්සේ තමුසේ හොර රහසේ ගෝඨා හම්බ වුණා. තමුසේ පක්ෂයේ රහස් ගෝඨාට දුන්නා. නවින් ඉස්සරහ තමුසෙ පිලිගත්තා ගෝඨා හමුවුනා කියලා

තමුසේ , ඉගෙන ගත්ත පාසලටත් ලැජ්ජාවක් .. තමුසෙගෙ ජාතියටත් ලැජ්ජාවක් …තමුසේ වසලයෙක්.. .. කොන්ද පණ නැති මිනිහෙක්.”

කබීර්, සදාකාලික ලෙස සජිත් සරන ගියේ කිරිඇල්ලගේ මෙම කථාවෙන් පසුය . සජිත්ගේ පරාජයෙන් පසු කබීර් යලිත් ගෝඨා හමු විය. ජාතික ආන්ඩු සින්දුව කිමට පටන් ගත්තේ ඉන් පසුය .

උපාසක ලීලාවෙන් හැසිරුනද කබීර් අන්ත දූෂිතයෙකි , හොරුන්ගෙන් හොරෙකි. නමුත් රාජපක්ෂ පවුලේ ලගම මිත්‍රයෙකි. එම නිසා හිරේ විලංගුවේ නොවැටී ඇපයක් දා ගැනීමට බැරි නැත